Colonel Harland David Sanders කියන්නේ ලෝකේ කවුරුත් හඳුනන KFC එකේ නිර්මාතෘ. සුදු සූට් එක, කළු ටයි පටිය, අත් දෙකේ සුදු අත්වැසුම්, තුනී සුදු රැවුල. ඒ පෙනුම brand එකක් වෙලා ඉවරයි. වයස 65 දී Social Security චෙක් එකයි $105යි විතරක් අතේ තියන් තමයි KFC අධිරාජ්‍යය පටන් ගත්තේ.
1870 සැප්තැම්බර් 9 ඉන්දියානා වල ඉපදුණු Sanders ඉස්කෝලේ ගියේ 7 පන්තිය වෙනකම් විතරයි. තාත්තා මැරුණට පස්සේ පවුල බලාගන්න ගෙදරින් ගෙදර වැඩට ගියා. අවුරුදු 10 දී කෑම හදන්න ඉගෙන ගත්තා. ජීවිත කාලෙටම කරපු රස්සා ගණන් කරගන්නත් බැරි තරම්.ගොවිපළ සේවකයා, දුම්රිය කොන්දොස්තර, රක්ෂණ විකුණුම්කරු, ferry boat operator, ටයර් විකුණුම්කරු, මැතිවරණ අපේක්ෂකයා. වයස 40 වෙනකම් ඔහුට කියන්න ලොකු ජයග්‍රහණ නෑ. හැම රස්සාවකින්ම අස් වෙලා තියෙනවා.1930 ගණන් වල Kentucky වල Corbin නගරයේ Standard Oil petrol station එකක් run කරපු Sanders, පාරේ යන අයට කෑම දෙන්න පටන් ගත්තා. පොඩි කෑම මේස 6 ක restaurant එකක් හැදුවා. අවුරුදු 9 ක් තිස්සේ chicken fry කරන විදිහ පරීක්ෂා කළා. අවුරුදු 39 ක විවිධ කුළුබඩු මිශ්‍ර කරලා "Original Recipe" කියන රහස් වට්ටෝරුව හොයාගත්තා. ඒ වගේම pressure cooker එකෙන් chicken ඉක්මනට fry කරන ක්‍රමයත් ඔහු හොයාගත්තා. 1939 දී Kentucky Governor කෙනෙක් ඔහුට "Kentucky Colonel" කියන ගෞරව නාමය දුන්නා. ඒකෙන් තමයි "Colonel Sanders" නම ආවේ.
1952 දී නව මහාමාර්ගයක් හදපු නිසා Sanders ගේ restaurant එකට කවුරුත් ආවේ නෑ. Bank එකෙන් loan ගන්නත් බෑ. වයස 65 දී ඔහුට ලැබුණේ මාසෙට ඩොලර් 105 ක social security චෙක් එක විතරයි. ඒත් ඔහු බෑ කියලා නෙවෙයි කිව්වේ. සුදු සුට් එක ඇඳගෙන, තමන්ගේ රහස් කුළුබඩු මිශ්‍රණය වතුර බාල්දියක දාගෙන, pressure cooker එකකුත් අරන් රට වටේ යන්න පටන් ගත්තා. පළවෙනි අවුරුදු 2 ට restaurant 100 කට වඩා ඔහුගේ recipe එක ගත්තා.1952 දී Utah වල Salt Lake City එකේ Pete Harman කියන restaurant එකේ පළවෙනි KFC franchise එක පටන් ගත්තා. "Kentucky Fried Chicken" කියන නම සහ "bucket meal" idea එක Harman ගෙන් ආපු එකක්. 1964 වෙනකොට ඇමරිකාව + Canada වල restaurant 600 කට වඩා තිබුණා. වයස 74 දී Sanders තමන්ගේ සමාගම ඩොලර් මිලියන 2 කට වික්කා. ඒත් "Colonel Sanders" කියන brand ambassador විදිහට ජීවිත කාලෙම සමාගමත් එක්ක හිටියා. 1980 දී වයස 90 දී ඔහු මියගියා.
අද KFC කියන්නේ ලෝකේ රටවල් 145+ ක restaurant 29,000 කට වඩා තියෙන දැවැන්තම fried chicken chain එක. Colonel Sanders ගේ මුහුණ අදටත් KFC logo එකේ ඉන්නවා. ඔහු ඔප්පු කළේ වයස කියන්නේ number එකක් විතරයි කියලා. "People are always blaming their circumstances for what they are. I don’t believe in circumstances. The people who get on in this world are the people who get up and look for the circumstances they want" - Colonel Sanders.

❤️
ReplyDeleteGreat ♥️
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete