Pages

Monday, March 16, 2026

Hilton Hotel Chain හි කතාව - Owner Conrad Hilton


"මේ කතාව පටන් ගන්නේ 1887 නත්තල් දවසෙන්.මේ දවසේ ඇමරිකාවේ New Mexico Territory කියන හරියේ හරි දක්ෂ කොලු ගැටයෙක් ඉපදෙනවා.මේ කොල්ලට පුංචි කාලේ කිසිම ප්‍රශ්නයක් නෑ.එයාගේ තාත්තට හොදට සල්ලි තියෙනවා.හැබැයි හිතපු නැති විදිහට 1907 දී  මේ Bussiness ඔක්කොම බිංදුවටම කඩන් වැටිලා ගෙදර කන්න බොන්න පවා නැතිවෙනවා.මේ කොල්ලට අවුරුදු 20 දී එයාගේ පවුලේ බර තනියෙන් කරට ගන්න සිද්ද වෙනවා.හැබැයි මේ කොල්ලා කර අරින්නේ නෑ.තමන්ගේ කාමරේ අස් පස් කරලා අම්මට කෑම උයන්න කියලා මේ කොල්ලා ගෙවල් ළග තියෙන Station එකට ගිහිල්ලා එතනට එන Travellers ලට කතා කරනවා අපේ හොද හෝටල් කාමරයක් තියෙනවා ඔයාට කුලියට දෙන්නම් කියලා.තමන්ගේ කාමරේම හෝටල් කාමරයක් කරලා මෙන්න මේ කොල්ලා තමන්ගේ ජීවීතේ පළවෙනි Bussiness එක පටන් ගන්නවා.අවුරුද්දක් යන්න කලින් මේ කොල්ලා තමන්ගේ පවුල උපරිමයට ගොඩදානවා.හැබැයි මේ කොල්ලට එන ප්‍රශ්න මෙතනින් නවතින්නේ නැහැ.පොඩ්ඩක් ඔලුව උස්සගෙන එනකොටම First World War එක ඇවිල්ලා මෙයාගේ Bussiness බිංදුවටම කඩාගෙන වැටෙනවා.කරගන්න දෙයක් නැතිකමට මෙයා යුද්ධෙට යනවා සෙබලෙක් විදියට.ඊට පස්සේ 1919 දී යුද්ධෙ ඉවර කරලා ආපහු ගෙදර ඇවිල්ලා මෙයාගේ Bussiness එක ආපහු මුල ඉදලා පටන් ගන්නවා.අතේ තිබ්බ පුංචි ගානත් එක්ක හිතේ හයියට ලොකු ගානක් borrow කරගෙන එච්චර හොදට වැඩ කරන්නෙ නැති හෝටලයක් මෙයා purchase කරනවා ලොකු Risk එකක් අරගෙන.අන්න ඒ හෝටලය මෙයාගේ දක්ෂතාවයෙන් උඩු යටිකුරු කරලා මේ කොල්ලා පටන් ගන්න මේ ගමන අද වෙද්දි රටවල් 143 ක හෝටල් 9000 ක ලොකු Hotel Chain එකක් බවට මේ කොල්ලා පත කරනවා.මෙයාගේ නම Conrad Hilton.මේ තමයි Hilton Hotel Chain එකේ කතාව.ජීවීතේ හැමදාම දිනලා තියෙන්නේ ප්‍රශ්න කොච්චර ආවත් හිත හයිය මිනිස්සු.අන්න ඒ නිසා ඔයාගේ ප්‍රශ්නේ අද මොකක් උනත් හිත හයිය කරගන්න.ඔයාට දිනන්න පුළුවන්."
                                                                                                                                                     -copied-

කොන්රාඩ් හිල්ටන්
කොන්රාඩ් හිල්ටන් හිල්ටන් හෝටල් අධිරාජ්‍යය ආරම්භ කළ අතර එය ලොව පුරා හෝටල් 3600 කට අධික සංඛ්‍යාවකින් සමන්විත එක්සත් ජනපදයේ විශාලතම පුද්ගලික සමාගමක් බවට වර්ධනය කළේය.

කොන්රාඩ් හිල්ටන් 1887 දෙසැම්බර් 25 වන දින නිව් මෙක්සිකෝවේ සැන් ඇන්ටෝනියෝ හි උපත ලැබීය. ඔහු වයස අවුරුදු 21 දී තම පියාගේ සාමාන්‍ය වෙළඳසැල භාරගෙන නිව් මෙක්සිකෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ සේවය කළේය. පළමු ලෝක යුද්ධයේදී සටන් කිරීමෙන් පසු, හිල්ටන් ටෙක්සාස් හි සිස්කෝ හි මොබ්ලි හෝටලය මිලදී ගෙන එය හෝටල් අධිරාජ්‍යයක් දක්වා වර්ධනය කළේය. ඔහු 1946 දී හිල්ටන් හෝටල් සංස්ථාව පිහිටුවා එක්සත් ජනපදයෙන් පිටත ඔහුගේ මෙහෙයුම් පුළුල් කළේය. ඔහු 1979 දී මිය ගියේය.පළමුවන ලෝක යුද්ධ සමයේදී හිල්ටන් එක්සත් ජනපද හමුදාවේ සේවය කළේය. යුද්ධයෙන් පසු, ඔහු ටික කලකට සැන් ඇන්ටෝනියෝ වෙත ආපසු ගිය නමුත්, පසුව ඔහුගේ ධනය සොයා ටෙක්සාස් වෙත ගියේය. ඔහුට බැංකුවක් මිලදී ගැනීමට අවශ්‍ය වූ නමුත් අවසානයේ සිස්කෝ හි මොබ්ලි හෝටලය මිලදී ගැනීමට සිදු විය. ඉක්මනින්ම ඔහු ප්‍රාන්තයේ තවත් හෝටල් එකතු කළේය.

මහා අවපාතය අතරතුර විශාල මූල්‍ය පසුබෑමකට ලක් වුවද, හිල්ටන් හෝටල් අධිරාජ්‍යයක් ගොඩනැගීමට සමත් විය. සෑම දේපලක්ම දාමයක කොටසක් ලෙස නොපෙනී තමන්ගේම ශෛලියක් තිබිය යුතු බව ඔහු විශ්වාස කළේය. ඔහු 1946 දී හිල්ටන් හෝටල් සංස්ථාව පිහිටුවීය. ඔහුගේ හෝටල් දාමයේ දේපළවලට නිව්යෝර්ක් නගරයේ ප්‍රසිද්ධ වෝල්ඩෝෆ්-ඇස්ටෝරියා ඇතුළත් වූ අතර එය ඔහු 1949 දී බදු දුන්නේය. මේ කාලයේදී, හිල්ටන් එක්සත් ජනපදයෙන් පිටත තම මෙහෙයුම් පුළුල් කිරීමට පටන් ගත් අතර සමාගම නැවත නම් කළේය. හිල්ටන් ජාත්‍යන්තර සමාගම ලොව විශාලතම හෝටල් ව්‍යාපාරවලින් එකක් බවට පත්විය. සමාගම සිය මෙහෙයුම් ක්‍රෙඩිට් කාඩ්පත්, කාර් කුලියට දීම සහ වෙනත් සේවාවන් දක්වා ව්‍යාප්ත කළේය. හිල්ටන් 1960 ගණන්වලදී සමාගමේ පාලනය ඔහුගේ පුත් බැරන්ට පැවරූ නමුත් ඔහු මණ්ඩලයේ සභාපති ලෙස රැඳී සිටියේය.තුන් වතාවක් විවාහ වූ හිල්ටන්ට ඔහුගේ පළමු බිරිඳ මේරි බැරන් සමඟ පුතුන් තිදෙනෙක් සිටියහ - කොන්රාඩ් නිකල්සන් ජූනියර්, විලියම් බැරන් සහ එරික් මයිකල්. මෙම යුවළ 1925 දී විවාහ වූ අතර වසර නවයකට පසු දික්කසාද විය. 1942 දී ඔහු හංගේරියානු නිළි Zsa Zsa Gabor සමඟ විවාහ වූ අතර ඔවුන්ට ෆ්‍රැන්චෙස්කා නම් දියණියක් සිටියාය. එම විවාහය 1946 දී අවසන් විය. වසර තිහකට පසු ඔහු මේරි ෆ්‍රැන්සිස් කෙලී සමඟ විවාහ විය.

කොන්රාඩ් හිල්ටන් 1979 ජනවාරි 3 වන දින කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා හි ශාන්ත ජෝන් රෝහලේදී මිය ගියේය. හෝටල් ව්‍යාපාරයේ දැවැන්තයෙකු ලෙස සහ ආගන්තුක සත්කාර කර්මාන්තයට ඔහු කළ සදාකාලික බලපෑම වෙනුවෙන් ඔහු සිහිපත් කර ඇත. ඔහුගේ ව්‍යාපාරික ජයග්‍රහණවලට අමතරව, හිල්ටන් 1944 දී කොන්රාඩ් එන්. හිල්ටන් පදනම නිර්මාණය කළේය.

 

ලෝකය පුරා සෙවුම් සොයන Google හි නිමැවුම්කරුවන් - Larry Page & Surgey Brin



"එකිනෙකාට පොඩ්ඩක්වත් දිරවන්නේ නැති අවු.22 ක PHD කරන්න ආපු කොල්ලො දෙන්නෙක් Stanford University එකේදි Dome Room එකකදි හම්බෙනවා 1995 දවසක.මේ කොල්ලෝ දෙන්නා හැමදාම හම්බුනාම කරන්නේ Argue කරන එක.හැබැයි මේ දෙන්නා කොච්චර argue කරත් දෙන්නා එකට එකතු වෙලා BackRub කියලා Website එකක් හදනවා 1996 දී.මෙන්න මේ Website එක දිගටම කරගෙන යද්දි මේගොල්ලන්ට හිතෙනවා මේ නම සෙට් වෙන්නෙ නෑ කියලා.ඒක හින්දා නම වෙනස් කරලා 1997 සැප්තැම්බර් 15 වෙනිදා වෙන නමකින් Domain එකක් Register කරනවා.මෙහෙම register කරාට මේක කරගෙන යන්න මේ කොල්ලන්ගේ අතේ සල්ලි සත පහක්වත් නෑ.ඒක හින්දා හොරෙන් Stanford University එකේ Servers වල තමයි මේ කොල්ලො මෙන්න මේ Website එක මුලින්ම කරන්නේ.උදේට ගිහිල්ලා University එකේ ඉගෙන ගන්න ගමන් රෑට ගිහිල්ලා යාලුවෙක්ගේ Garage එකක එක දිගට මේ කොල්ලෝ මෙන්න මේ Website එකේ වැඩ කරනවා.Website එක දියුණු වෙනවා.හැබැයි මේගොල්ලන්ට එන කරදර නිමක් නැති වෙනවා.මුලින්ම මේ අයගේ අතේ සල්ලි සම්පූර්ණයෙන් ම නැතිවෙනවා.ඊට පස්සේ මේ අයට PHD එක කරගන්න බැරි තැනකට එනවා.ඒක හින්දා මේ කොල්ලො දෙන්නා හිතනවා අපි මේක විකුණලා දාමු කියලා.එහෙම විකුණලා දාන්න ගොඩාක් අය ගාවට ගිහිල්ලා කතා කරනවා.කවුරුත් කැමති වෙන්නේ නෑ අඩු ගානකටවත් මේ Website එක ගන්න.මේ කොල්ලෝ දෙන්නා බිංදුවටම ඇද වැටෙනවා.තමන්ගේ PHD එක අතෑරලා දාලා තමන්ගේ Bussiness එක වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන මේ කොල්ලො දෙන්නා අද වෙද්දී මේ Website එක 3.4 trillion USD Valuation එකක් තියෙන Website එකක් බවට පත් කරනවා.මේ Website එකේ නම Google.මේ කොල්ලෝ දෙන්නාගේ නම Larry Page & Sergey Brin.ජීවීතේ අත පය ලෙලියන්න වැටිලා තමන් බලාපොරොත්තු වෙච්ච ගොඩාක් දේවල් කැපකරලා අවසානය වෙනකන් නැගිට නැගිට දුවපු මිනිස්සු තමයි කවදාහරි දවසක ලොවෙත් නැතිවෙන්න දිනන්නෙ.අන්න එහෙම කෙනෙක් වෙන්න."
                                                                         -copied-

Larry Page & Sergey Brin ගේ ජීවිතය

1973 අගෝස්තු 21 වන දින රුසියාවේ මොස්කව්හි උපත ලැබූ බ්‍රින් 1979 දී සිය පවුල සමඟ ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අතර හැදී වැඩුණේ මේරිලන්ඩ් හි වන අතර ඔහුගේ පියා ගණිත මහාචාර්යවරයෙකු ලෙස සේවය කළේය. ඔහු 1993 දී මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත් අතර 1995 දී ස්ටැන්ෆර්ඩ් හි ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේය.
1973 මාර්තු 26 වන දින මිචිගන්හි ලැන්සිං හි උපත ලැබූ පේජ්, 1995 දී මිචිගන් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් සහ ස්ටැන්ෆර්ඩ් හි ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේය. ඔහුගේ පියා වන ආචාර්ය කාල් වික්ටර් පේජ්, මිචිගන් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා මහාචාර්යවරයෙකු සහ කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි.

විශ්ව විද්‍යාලයේ මිතුරන් වූ Larry Page සහ Surgey Brin යන දෙදෙනා විසින් නව සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කළේය.එය Backrub ලෙස නම් කෙරිණි.මෙම search එන්ජිම ක්‍රියාත්මක කළේ යමක් සොයා දෙන්නේ එහි ජනප්‍රියතාවය අනුවයි.එනම් වැඩිපුර දෙනෙක් බලන වෙබ් පිටු පළමුවට එන ලෙස පෙළගැස්වීමට කටයුතු කර ඇත.එහෙත් මෙහිදී මොවුන් දෙදෙනා මෙම සෙවුම් යන්ත්‍රය විශ්වවිද්‍යාලයේ නිර්මාණය කළ නිසා එහි අයිතිය විශ්වවිද්‍යාලයටම හිමිවිය.එහෙත් මොවුන් දෙදෙනා මෙය වැඩි දියුණු කර වසර 2011 වන තෙක් මෙයට පේටන්ට් බලපත්‍රය මොවුන් දෙදෙනා ලබා ගත්තා.ඉතිම් මේ දෙදෙනා මොවුන්ගෙ පළමු අඩිතාලම තබන ලදි.1 ඉලක්කමට බිංදු 100 ක් ලියන විට ගණිතයේ දී හදුන්වන්නේ ''ගූගෝල් ( googol ) '' කියලා.ඉතිම් තමන්ගේ search engine එකට අන්තර්ජාලයේ වෙබ් පිටු විශාල ප්‍රමාණයක් පීරා බැලීම යන තේරුම ගෙන දීමට මෙම නම යොදන්නට ලැරී හා බ්‍රින් කල්පනා කළා.එහිදී මොවුන් භාවිතයට පහසු වන්නට "Google" ලෙස හදුන්වන ලදිීන් පසුව අලුත් තාක්ෂණය සමග 1998 සැප්තැම්බර් 27 Google ලෝකයට පිවිසියේ ඉන් පසුවයි.තමන් තමන්ගේ දෙමාපියන්ගේ සහ යහලුවන්ගේ ණයට ඉල්ලාගත් ඩොලර් දස ලක්ශයකින් මොවුන් Google in Corporation සමාගම ආරම්භ කළේය.ඒ කැලිෆෝනියාවේ  මෙන්ලෝ පාර්ක් හී කුලියට ගත් ගරාජයක එක් server එකක් පමණක් පිහිටුවමින්‍ ය.

මිනිසාට සමීපතම සේවාවන් ගණනාවක් ලබා දෙන Google එදිනෙදා ජීවිතයට නැතුවම බැරි සේවාවක් වී හමාරය.Gmail සේවාව ඉන් ප්‍රමුඛ වන අතර Youtube,Google Map,Chrome,Web Browser,... ආදියද සේවාවන් කිහිපයක් වේ.