"America Got Talent කියන competition එකේ audition කරන්න 2021 ජුනි මාසේ 08 වෙනිදා stage එකට එනවා Jane Christine කියන contestant .මෙයා stage එක උඩට ආවම අහනවා judges ලා මොකක්ද අද ඔයා කරන්නේ කියලා.එයා කියනවා I'm performing my own orignal song.ඊට පස්සෙ judges ලා අහනවා මේ orignal song එක මොකක් ගැනද කියලා.එයා කියනවා මගේ stage name එක Night Bird.මං මේ සින්දුව කියන්නේ මගේ ජීවිතය ගැන කියලා.Jane කියලා කියන්නේ පිළිකා රෝගී තත්ත්වයෙන් ජීවිතයෙන් සමුගත්ත කෙනෙක්.ඇය America Got Talent වලට එද්දිත් ඇය හිටියේ stage 3 cancer patient කෙනෙක් විදියට.එයාගේ lungs වලට spine එකට Liver එකට එයාගේ cancer එක හොදටම damage කරලා තිබුනෙ.ඒ විතරක් නෙවෙයි , ජීවත් වෙන්න chance එක තිබුනෙත් 2% ක් විතරයි.මේ විදිහට cancer cells එයාගේ ඇග මැරුවට එයාගේ හීන ටික මරන්න cancer cells වලට බැරි වෙනවා.එයා එයාටම කියාගන්නවා 2% is not 0% There by I'll go and complete කියලා.Survival percentage එක 2% ක් තියාගෙන මැරෙන්න මාස 08 ක් තියාගෙන මේ කෙල්ල මේ මුළු audience එකේම හදවත් හොරකම් කරනවා.මේ මුළු audience එකම සින්දුව ඉවර වෙද්දි හිටගෙන අත්පුඩි ගහනවා.Simon Cowell හැමෝටම එක එක දේවල් කියන judger ඇස් වල කදුළු පුරෝගෙන Golden Buzzer එක ඔබනවා.තමන්ට තියෙන හැමදේම නැතිවෙලා Survival chance එක බිංදුවටම ළං වුනත් රාත්‍රිය කොච්චර අදුරු උනත් ඒ අදුරු රාත්‍රියෙත් ගී ගයන Night Bird කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට.අන්න ඒ රාත්‍රියේදිත් ඔයාට Golden Buzzer එක ජීවිතයට ළගා කරගන්න පුළුවන් .''
-copied-
ජේන් මාර්සෙව්ස්කි (Jane Marczewski) "නයිට්බර්ඩ්" ( Nightbird ) ලෙස ප්‍රකට, America Got Talent තරඟයේදී තම බලවත් හඬින් සහ බලාපොරොත්තු සහගත පණිවිඩයෙන් ප්‍රේක්ෂකයන් ආග්‍රහණය කළ, මාරාන්තික මස්තකාලීන පිළිකාවට එක්වරම මුහුණ දුන් ගායක-ගී රචකයෙකි. "ඔබට ජීවිතය ඔබට අවශ්‍ය ආකාරයට පැමිණෙන තෙක් බලා සිටිය නොහැක... ඔබ සතුටින් සිටීමට තීරණය කළ යුතුය" යනුවෙන් ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය. ඇය සයිමන් කොවෙල්ගේ ගෝල්ඩන් බසර් සම්මානය දිනා ගත් නමුත්, 2022 පෙබරවාරි 20 වන දින 31 හැවිරිදි වියේ පසු වෙද්දී ඇය පිළිකාවෙන් මිය ගියාය. ඇගේ "It's Okay" සහ "Still Got Dreams" ගීත ඇගේ අභීත බව සහ විශ්වාසය පෙන්වන සංකේතයක් ලෙස පවතී.
- ඇගේ ගමන සහ America Got Talent හි ජනප්‍රියත්වය
1990 දෙසැම්බර් 31 වන දින ඔහියෝ හි උපත ලැබූ ජේන් හය හැවිරිදි වියේදී ගීත ලිවීම ආරම්භ කළ අතර තරුණ කිතුනුවකු විය.ඇයට පිළිකා රෝගයෙන් දිගු ඉතිහාසයක් තිබුණා, ළමා වියේදී ලියුකේමියාවෙන් දිවි ගලවා ගත් අතර පසුව පියයුරු පිළිකා සමඟ පොරබදමින් සිටියාය, එය මෙටාස්ටේස්( metastasized )බවට පත් විය.2021 දී, ඇය America Got Talent තරඟයට සහභාගී වූයේ "It's Okay" ගීතයෙනි. ඇගේ පිළිකා තත්ත්වය හෙළි කළ ඇය, තම අභීත බව සහ සමාජ-සංස්කෘතික බලපෑමෙන් ප්‍රේක්ෂකයන් ආග්‍රහණය කළාය.
ඇගේ ප්‍රධාන පණිවිඩය වූයේ දුක් විඳීම මැද සුන්දරත්වය සහ බලාපොරොත්තුව සෙවීම, තත්ත්වයන් නොසලකා සතුටින් සිටීමට තීරණය කිරීම සහ හොඳ මිනිසුන් විශ්වාස කිරීමයි.ජේන් මාර්සෙව්ස්කි 2022 පෙබරවාරි 20 දින 31 හැවිරිදි වියේදී පිළිකාවෙන් මිය ගියාය.පවුල සහ කණ්ඩායම ඇගේ "Still Got Dreams" ගීතය ඇගේ මියයාමෙන් පසු නිකුත් කළහ. Mzansi Youth Choir සමඟ නිර්මාණය වූ මෙම ගීතය ඇගේ අභීත බව සහ සංගීතය පෙන්වන සංකේතයකි.
ඇගේ කතාව සහ සංගීතය බලාපොරොත්තුව, විශ්වාසය, සහ අභීත බවේ සංකේතයක් ලෙස ලොව පුරා මිලියන ගණනක් මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කළේය. 🌟

🫶👍👍
ReplyDelete🤍🤍🤍
ReplyDelete👍
ReplyDelete❤️
ReplyDelete❤️❤️
ReplyDelete💗
ReplyDelete