Pages

Tuesday, June 16, 2026

සුදු සාරියේ දේවදූතයා - Mother Teresa


Mother Teresa කියන්නේ "Calcutta වල සාන්තුවරිය" කියලා ලෝකයම කතා කළ කාන්තාව. ලෝකේ පොහොසත් අය ලක්ෂ ගාණකට උදව් කරනකොට, ඇය තෝරගත්තේ වීදියේ මැරී වැටෙන දිළිඳුන්ව. සුදු සාරියයි නිල් ඉරි 3යි විතරක් ඇඳුම. සපත්තු නෑ. Bank balance එකක් නෑ. ඒත් Nobel සාම ත්‍යාගය දිනුවා. ඇය ඔප්පු කළේ "ලෝකය වෙනස් කරන්න බැරි වුණාට, එක මනුස්සයෙකුගේ ලෝකය වෙනස් කරන්න පුළුවන්" කියලා.

1910 අගෝස්තු 26 දා අද උතුරු මැසිඩෝනියාවේ Skopje නගරේ Anjezë Gonxhe Bojaxhiu විදිහට ඉපදුණා. වයස 12 දී "මිෂනාරි සේවයට" කැප වෙනවා කියලා තීරණය කළා. වයස 18 දී ගෙදරින් පිටවෙලා ඉන්දියාවට ආවා. Loreto කන්‍යාරාමයේ ගුරුවරියක් විදිහට අවුරුදු 17ක් ඉගැන්නුවා. එතනදී නම "Teresa" කියලා වෙනස් කළා. Calcutta වල පන්ති කාමරයේ ඉඳන් ජනේලෙන් එහා වීදිවල දුගීකම දකිනකොට ඇයගේ හදවත වෙනස් වුණා.වයස 36 දී Darjeeling යන දුම්රියේ ගමන් කරද්දි Mother Teresaට අත්දැකීමක් වුණා. ඇය ඒක "Call within a Call" කියලා කිව්වා. "දෙවියන් වහන්සේ මට කිව්වා - දුගී දුප්පතුන් අතරට යන්න, ඔවුන් එක්ක ජීවත් වෙන්න" කියලා. ගුරුවරියගේ ආරක්ෂිත ජීවිතය අතෑරලා, 1948 දී කන්‍යාරාමයෙන් ඉවත් වෙලා Calcutta වල පැල්පත් වලට බැස්සා. මුලින්ම පටන් ගත්තේ වීදියේ ළමයි 5 දෙනෙක්ට ගෙදර ඉස්සරහා පාඩම් කියලා දීමෙන්. සුදු සාරියයි, රුපියල් 5යි තමයි මුළු ධනය.

1950 දී "Missionaries of Charity" කියන සංවිධානය පටන් ගත්තා. මුල්ම වැඩේ තමයි "Nirmal Hriday" හෙවත් "පිරිසිදු හදවත" - මැරෙන්න ඉන්න අයට ගෙයක්. වීදියෙන්, කසළ වලින්, රෝහල් වලින් එළියට දාපු මිනිස්සුන්ව අරන් ඇවිත් අවසාන කාලය ගෞරවයෙන් ගෙවන්න දුන්නා. "ම මෙතන මැරෙන්නේ නෑ, මම ආදරය කරන කෙනෙක්ගේ ගෙදර මැරෙනවා" කියන හැඟීම දෙන්න ඇය උත්සාහ කළා. පස්සේ leprosy රෝගීන්ට, AIDS රෝගීන්ට, අනාථ ළමයින්ට ගෙවල් හැදුවා.Mother Teresaගේ වැඩ නිසා 1979 දී Nobel සාම ත්‍යාගය ලැබුණා. ඒ සල්ලි වලින් වතුර පොම්ප 7ක් සහ කෑම ට්‍රක් ගණනක් ගත්තා Calcutta වල දුප්පතුන්ට. Princess Diana, Pope John Paul II වගේ අය ඇයව හමුවන්න ආවා. ඒත් විවේචනත් තිබුණා. "රෝගීන්ට හොඳ වෛද්‍ය ප්‍රතිකාර දෙන්නේ නෑ", "අවසාන මොහොතේ බ Baptism කරනවා" වගේ චෝදනා ආවා. ඇය ඒවාට උත්තර දුන්නේ "ම hospital එකක් හදන්නේ නෑ, මම මිනිස්සුන්ට ආදරය දෙන්නේ" කියලා.

Mother Teresa කියන්නේ දේශන පැවැත්තුවේ නෑ. ඇය කළ දේ තමයි දේශනාව. ඇයගේ කියමන: "ලෝක සාමය පටන් ගන්නේ ගෙදරින්, සිනහවකින්". "ලොකු දෙයක් කරන්න අපිට බෑ, ඒත් ආදරයෙන් පුංචි දේවල් කරන්න පුළුවන්". ඇය හැම දිළිඳු මිනිහෙක්ම "යේසුස්ගේ වසන් වුණු රූපය" විදිහට දැක්කා. ඒ නිසා කසළ ගොඩක ඉඳන් කෙනෙක්ව අරන් එනකොටත් ඇගේ අතේ ගෞරවය තිබුණා.

1997 සැප්තැම්බර් 5 දා වයස අවුරුදු 87 දී Calcutta වලදී මියගියා. මියගිය දවසේම ඉන්දියාව රජයේ සංදේහයක් එක්ක අවසන් කටයුතු කළා. 2016 දී Pope Francis විසින් ඇයව "Saint Teresa of Calcutta" විදිහට සාන්තුවර භාවයට පත් කළා. අද Missionaries of Charity කියන්නේ රටවල් 133ක, නිවාස 700කට වඩා තියෙන ලෝක ව්‍යාප්ත සේවා සංවිධානයක්. ඇයගේ සොහොන Calcutta වල Mother House එකේ තියෙනවා. ලක්ෂ ගාණක් මිනිස්සු එතනට යනවා.

අවසාන පාරාවෝ රැජින - Cleopatra VII


Cleopatra VII Philopator කියන්නේ ඊජිප්තුවේ Ptolemaic රාජවංශයේ අවසාන පාලිකාව. Cleopatra කියන්නේ රූපය වගේම මොළය, භාෂාව, දේශපාලනය ඔක්කොම තිබුණු බලවත් කාන්තාවක්. ඇය මියගිහින් අවුරුදු 2000කට වැඩි වුණත්, අදටත් "ලෝකේ බලවත්ම කාන්තාවන්" ලිස්ට් එකේ ඉන්නවා. ඇයගේ ජීවිත කතාව ආදරය, බලය, රාජද්‍රෝහිය, යුද්ධය ඔක්කොම එකතු වුණු Hollywood චිත්‍රපටයක් වගේ.

ක්‍රි.පූ. 69 දී Alexandria නගරේ ඉපදුණා. ඇයගේ පවුල Ptolemy කියන ග්‍රීක ජෙනරාල්ගෙන් පටන් ගත්ත රාජවංශයක්. ඒ නිසා රුධිරයෙන් ඇය ග්‍රීක. ඒත් පුදුමේ තමයි වසර 300ක Ptolemy රජවරුන්ගෙන් පස්සේ ඊජිප්තු භාෂාව ඉගෙන ගත්ත පළවෙනි පාලිකාව Cleopatra. සම්පූර්ණයෙන් භාෂා 9ක් කතා කළා. ග්‍රීක, ඊජිප්තු, ලතින්, හීබෲ, අරාබි, ඉතියෝපියානු වගේ. මිනිස්සුන්ට ඔවුන්ගේම භාෂාවෙන් කතා කරපු නිසා ඇය මිනිස්සුන්ගේ ආදරය දිනාගත්තා. ගණිතය, දර්ශනය, වෛද්‍ය විද්‍යාව, සංගීතය හැමදේම ඉගෙන ගත්තා.Cleopatraට වයස අවුරුදු 18 දී තාත්තා Ptolemy XII මැරුණට පස්සේ කිරුළ ලැබුණා. නීතියට අනුව ඇය වයස අවුරුදු 10 පොඩි සහෝදරයා Ptolemy XIII එක්ක විවාහ වෙලා සම-පාලිකාවක් වෙන්න ඕන. ඒත් ඇත්ත බලය තිබුණේ මහ ඇමති Pothinus සහ හමුදාපති Achillas ලග. සහෝදරයා ඇයව බලයෙන් පහ කරලා Alexandria වලින් පිටුවහල් කළා. Cleopatra පලාගිහින් සිරියාවේ හමුදාවක් හදාගෙන ආයෙත් ඊජිප්තුවට ආවා. බලය කියන්නේ දීමනාවක් නෙවෙයි, අරගෙන ගන්න දෙයක් කියලා ඇය ඔප්පු කළා.

ක්‍රි.පූ. 48 දී රෝමයේ ප්‍රබලයා Julius Caesar ඊජිප්තුවට ආවා. Caesar ඇයව සහයෝගයට ගත්තා, සහෝදරයා පරාජය කළා. පස්සේ Cleopatra + Caesar ආදරයෙන් බැඳුණා. ඔවුන්ට Caesarion කියලා පුතෙකුත් හිටියා. Caesar මැරුවට පස්සේ Cleopatraට රෝමයේ සහය නැති වුණා. ඒත් ඇය දැනගෙන හිටියා ඊජිප්තුව බේරගන්න නම් රෝමයේ බලවත්ම මනුස්සයව තමන් පැත්තට ගන්න ඕන කියලා.Caesar ගෙන් පස්සේ Cleopatra Mark Antony එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. Antony කියන්නේ රෝමයේ තවත් ප්‍රබල ජෙනරාල් කෙනෙක්. ඔවුන්ට නිවුන් දරුවෝ 2ක් හිටියා. Cleopatra + Antony එකතු වෙලා "අලුත් අධිරාජ්‍යයක්" හදන්න හදනවා කියලා Octavian බය වුණා. ක්‍රි.පූ. 31 දී Actium මුහුදේ ලොකු නාවික සටනක් වුණා. Cleopatra ගේ නෞකාව පැනලා ගිය නිසා Antony ගේ හමුදාව පැරදුණා. ඒක ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක්.

ක්‍රි.පූ. 30 අගෝස්තු 12 දා Cleopatra වයස අවුරුදු 39 දී මැරුණා. Octavian ඇයව රෝමයට සිරකාරියක් විදිහට අරන් යන්න කලින් ඇය තමන්වම මරගත්තා කියන එක තමයි ඉතිහාසය. "Asp කියන විෂ සර්පයෙක්ට දෂ්ට වෙන්න දුන්නා" කියන කතාව තමයි ප්‍රසිද්ධ. ඇය + Antony දෙන්නම මැරුණා. ඊජිප්තුව අවුරුදු 3000ක Pharaonic පාලනය ඉවර වෙලා රෝම අධිරාජ්‍යයේ පළාතක් වුණා. ඇයගේ සොහොන අදටත් හොයාගෙන නෑ. ඒක ලෝකේ ලොකුම අභිරහසක්.

Hollywood චිත්‍රපට වල Cleopatra කියන්නේ "ලස්සන, ආකර්ශනීය කාන්තාවක්" විතරයි. ඒත් ඇත්ත Cleopatra කියන්නේ දේශපාලන ශාස්ත්‍රඥාවියක්, උපක්‍රම ශාස්ත්‍රඥාවියක්, ව්‍යාපාරික කාන්තාවක්. ඇය ඊජිප්තුවේ ආර්ථිකය බේරගන්න වෙළඳ ගිවිසුම් ගැහුවා. රෝමයේ වගේ බලවත් අධිරාජ්‍යයක් ඉස්සරහා අවුරුදු 21ක් ඊජිප්තුවේ නිදහස බේරගත්තා. "රූපය නෙවෙයි, මොළය තමයි ඇයගේ ඇත්තම ආයුධය" කියලා ඉතිහාසඥයෝ කියනවා.

පෑන අතට ගත් ගැහැණු ළමයා - Malala Yousafzai


Malala Yousafzai කියන්නේ පාකිස්ථානයේ Swat නිම්නේ ඉපදුණු, ලෝකේ ලාබාලතම Nobel සාම ත්‍යාගලාභියා. ඇය කළේ විශාල දෙයක් නෙවෙයි. පොතක් අතට අරන්, පාසලට යන එක සාමාන්‍ය දෙයක් කියලා කතා කළා විතරයි. ඒ වචන ටික නිසා තලෙයිබාන්කාරයෝ වෙඩි තිබ්බා. බේරිලා ආපු ඇය අද ලෝකේ මිලියන ගාණක් ගැහැණු ළමයින්ගේ හඬ වෙලා ඉන්නවා. ඇය ඔප්පු කළේ "එක ගැහැණු ළමයෙකුගේ හඬකට පවා ලෝකය සොලවන්න පුළුවන්" කියලා.


1997 ජුලි 12 දා Malala ඉපදුණේ පාකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ Mingora නගරේ. තාත්තා Ziauddin Yousafzai කියන්නේ ගුරුවරයෙක් සහ පාසල් අයිතිකරුවෙක්. "දැනුම තමයි ආයුධය" කියලා කියපු තාත්තා නිසා Malala පොතට, කතා කරන්නට, ලියන්නට පොඩි කාලේ ඉඳන්ම ආදරය කළා. Swat නිම්නේ කියන්නේ ලස්සන තැනක්. ඒත් 2008න් පස්සේ Taliban සංවිධානය එතන බලය අල්ලගත්තා. ගැහැණු ළමයි ඉස්කෝලේ යන එක තහනම් කළා.

වයස අවුරුදු 11 දී Malala BBC Urdu සේවය වෙනුවෙන් "Gul Makai" කියන අන්වර්ථ නාමයෙන් blog එකක් ලිව්වා. Taliban පාලනය යටතේ ජීවත් වෙන ගැහැණු ළමයෙක්ගේ ජීවිතය කොහොමද කියලා දවසින් දවස ලිව්වා. "අද ඉස්කෝලේ යන්න බයයි", "අපේ සපත්තු වලට ලකුණු දාගන්නවා, Taliban අඳුනගන්න" වගේ දේවල් ලිව්වා. ලෝකේ පළවෙනි වතාවට Swat වල ඇතුලේ මොකද වෙන්නේ කියලා මිනිස්සු දැනගත්තේ Malala ගේ වචන වලින්.වයස අවුරුදු 15 දී ඉස්කෝලේ bus එකේ යනකොට Taliban මිනිහෙක් නැගලා "Malala කවුද?" කියලා ඇහුවා. නම කිව්ව ගමන් හිසට වෙඩි තිබ්බා. ගොඩක් අය හිතුවේ ඇය මැරිලා කියලා. ඒත් Malala බේරුණා. එංගලන්තයේ Birmingham වල Queen Elizabeth Hospital එකේ මාස ගණන් ප්‍රතිකාර ලැබුවා. මොළේ ශල්‍යකර්ම 3ක් කරා. වම් ඇසට පෙනීම ආයෙත් ආවේ වෛද්‍ය විද්‍යාවේ ආශ්චර්යයෙන්. "මාව මරන්න උත්සාහ කළා, ඒත් ඒකෙන් මගේ හඬ තව ශක්තිමත් වුණා" කියලා ඇය පස්සේ කිව්වා.බේරිලා ඇවිත් Malala නිහඬ වුණේ නෑ. වයස 16 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතාවක් කළා. "එක පොතකින්, එක ගුරුවරයෙකුගෙන්, එක පෑනකින් ලෝකය වෙනස් කරන්න පුළුවන්" කියන කතාව අදත් viral. 2014 දී වයස අවුරුදු 17 දී Nobel සාම ත්‍යාගය දිනුවා. ත්‍යාග මුදලෙන් "Malala Fund" එක පටන් ගත්තා. අද ඒ සංවිධානයෙන් ලෝකේ රටවල් 8ක මිලියන ගාණක් ගැහැණු ළමයින්ට අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනවා. Oxford University එකෙන් Philosophy, Politics and Economics උපාධියත් ගත්තා.

Malala ගේ කතාව "ධෛර්ය" කියන වචනයේ සජීවී අර්ථය. ඇය කියන්නේ "අන්තවාදයට උත්තරේ තුවක්කුව නෙවෙයි, පොත" කියලා. "ගැහැණු ළමයෙක් ඉගෙන ගත්තොත්, පවුලක්, ගමක්, රටක්ම ඉගෙන ගන්නවා" කියන එක ඇය විශ්වාස කරනවා. වෙඩි උණ්ඩයකටවත් නවත්තන්න බැරි වුණු හඬක් ඇය. ඇය පෙන්නුවේ වයස, රට, තුවක්කුව මැද වුණත් "සාධාරණය" වෙනුවෙන් කතා කරන්න පුළුවන් කියලා.Malala අද Birmingham වල ජීවත් වෙනවා. ඇය විවාහ වුණා.තවමත් ලෝක නායකයන් හමුවෙලා ගැහැණු අධ්‍යාපනය ගැන කතා කරනවා. "I am Malala" කියන ඇයගේ පොත මිලියන ගාණක් විකිණිලා තියෙනවා. ඇයගේ කතාව අපට මතක් කරන්නේ ලෝකය වෙනස් කරන්නේ යුද්ධ වලින් නෙවෙයි, පන්ති කාමර වලින් කියලා.

ලෝක සාහිත්‍යයේ දැවැන්තයා - William Shakespeare


William Shakespeare කියන්නේ "Bard of Avon" කියලා හඳුන්වන ලෝක සාහිත්‍යයේ දැවැන්තයා. ඔහු නාට්‍ය රචකයෙක්, කවියෙක්, නළුවෙක්. ඔහු 1564 අප්‍රේල් 23 දා එංගලන්තයේ Stratford-upon-Avon ගමේ ඉපදුණා. පියා John Shakespeare අත්වැසුම් හදන ව්‍යාපාරිකයෙක්. ඉස්කෝලේ ගියේ Grammar School එකට විතරයි. විශ්වවිද්‍යාලය ගියේ නෑ. වයස 18 දී වයස 26 Anne Hathaway එක්ක විවාහ වුණා. දරුවෝ 3ක් හිටියා. වයස 28 දී විතර ලන්ඩන් නගරයට ගිහින් රංග ශාලාවට සම්බන්ධ වුණා. කෙනෙක් කීවා "විශ්වවිද්‍යාලය ගියේ නැති මිනිහෙක් මෙහෙම ලියන්නේ කොහොමද?" කියලා. ඒකට පිළිතුර අදටත් හොයාගෙන නෑ.


Shakespeare ලිව්වේ අවුරුදු 1590 ඉඳන් 1613 වෙනකම් අවුරුදු 23ක් විතර කාලයක. ඒ කාලෙට ඔහු නාට්‍ය 37ක්, Sonnet කවි 154ක්, කවි පොත් 2ක් ලිව්වා. Comedy, Tragedy, History කියන තුන්ම වර්ගයෙන්ම ලිව්වා. Hamlet, Macbeth, Romeo and Juliet, Othello, King Lear, A Midsummer Night's Dream වගේ නාට්‍ය ලෝකේ හැම රටකම, හැම භාෂාවකටම පරිවර්තනය වෙලා තියෙනවා. වසරකට නාට්‍ය 2ක් වගේ ලියලා, රඟපාලා, රඟහලේ කොටස්කරුවෙක් විදිහට business එකත් කරගෙන ගියා.Oxford English Dictionary එකේ වචන 1700කට වඩා මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ Shakespeare කියලා සටහන් වෙලා තියෙනවා. "Bedroom", "Fashionable", "Lonely", "Swagger", "Addiction", "Eyeball" වගේ වචන ඔහු හදපු ඒවා. "Break the ice", "Wild goose chase", "Green-eyed monster", "Heart of gold" වගේ idioms සිය ගානක් අපිට දුන්නා. ඔහු ඉංග්‍රීසි භාෂාව "කතා කරන" භාෂාවකින් "සාහිත්‍ය භාෂාවක්" බවට පත් කළා. අද අපි essay එකකට පාවිච්චි කරන sentence structure ගොඩක් ඔහුගේ නාට්‍ය වලින් උගත්ත දේවල්.

Shakespeare වැඩ කළේ The Globe Theatre එකේ. එක රාත්‍රියකට මිනිස්සු 3000ක් වගේ බලන්න ආවා.පොඩි මිනිසාගේ ඉඳන් රැජින දක්වා හැමෝම ආවා. ඔහුගේ විශේෂත්වය තමයි  රජවරුන්ගේ කතාව ලියන ගමන්ම ගම්බද ගොවියටත් හිනා යන විහිලුවක් එකතු කිරීම. පන්ති බේද නැතිව හැමෝගෙම හිතට වදින කතා ලිව්වා. චරිත වලට මනෝ විද්‍යාත්මක ගැඹුරක් දුන්නා. Hamlet ගේ ව්‍යාකූලත්වය, Macbeth ගේ වරදකාරී හැඟීම, Othello ගේ ඊර්ෂ්‍යාව - මිනිස් මනසේ ඇතුල පෙන්නුවා.Shakespeare මැරුණේ 1616 දී. අවුරුදු 400කට වැඩි. ඒත් ඔහුගේ කතා අදත් ජීවමාන. Game of Thrones, The Lion King, West Side Story වගේ නූතන film, series වලට පාදක වෙන්නේ Shakespeare ගේ plot. "Power corrupts", "Jealousy destroys", "Love vs Duty" වගේ මිනිස් ගැටලු කාලය ඉක්මවා යන නිසා ඔහුගේ නාට්‍ය කිසිදා පැරණි වෙන්නේ නෑ. ලෝකේ හැම රටකම, හැම අවුරුද්දකම ඔහුගේ නාට්‍ය රඟ දක්වනවා. 

"All the world's a stage, and all the men and women merely players" - As You Like It නාට්‍යයෙන්. 

ජීවිතේම වේදිකාවක් විදිහට දැක්ක Shakespeare, අපිටත් කියලා දුන්නේ ජීවිතේ රඟපෑමක් නෙවෙයි, ගැඹුරු අත්දැකීමක් කියලා. ඔහු ඔප්පු කළේ ඉස්කෝලේ අතෑරපු ගම්බද කොල්ලෙක්ට පුළුවන් මුළු ලෝකයේම භාෂාව සහ සිතීම වෙනස් කරන්න කියලා.

KFC අධිරාජ්‍යයේ නිමැවුම්කරු - Colonel Harland Sanders


 
Colonel Harland David Sanders කියන්නේ ලෝකේ කවුරුත් හඳුනන KFC එකේ නිර්මාතෘ. සුදු සූට් එක, කළු ටයි පටිය, අත් දෙකේ සුදු අත්වැසුම්, තුනී සුදු රැවුල. ඒ පෙනුම brand එකක් වෙලා ඉවරයි. වයස 65 දී Social Security චෙක් එකයි $105යි විතරක් අතේ තියන් තමයි KFC අධිරාජ්‍යය පටන් ගත්තේ.

1870 සැප්තැම්බර් 9 ඉන්දියානා වල ඉපදුණු Sanders  ඉස්කෝලේ ගියේ 7 පන්තිය වෙනකම් විතරයි. තාත්තා මැරුණට පස්සේ පවුල බලාගන්න ගෙදරින් ගෙදර වැඩට ගියා. අවුරුදු 10 දී කෑම හදන්න ඉගෙන ගත්තා. ජීවිත කාලෙටම කරපු රස්සා ගණන් කරගන්නත් බැරි තරම්.ගොවිපළ සේවකයා, දුම්රිය කොන්දොස්තර, රක්ෂණ විකුණුම්කරු, ferry boat operator, ටයර් විකුණුම්කරු, මැතිවරණ අපේක්ෂකයා. වයස 40 වෙනකම් ඔහුට කියන්න ලොකු ජයග්‍රහණ නෑ. හැම රස්සාවකින්ම අස් වෙලා තියෙනවා.1930 ගණන් වල Kentucky වල Corbin නගරයේ Standard Oil petrol station එකක් run කරපු Sanders, පාරේ යන අයට කෑම දෙන්න පටන් ගත්තා. පොඩි කෑම මේස 6 ක restaurant එකක් හැදුවා. අවුරුදු 9 ක් තිස්සේ chicken fry කරන විදිහ පරීක්ෂා කළා. අවුරුදු 39 ක විවිධ කුළුබඩු මිශ්‍ර කරලා "Original Recipe" කියන රහස් වට්ටෝරුව හොයාගත්තා. ඒ වගේම pressure cooker එකෙන් chicken ඉක්මනට fry කරන ක්‍රමයත් ඔහු හොයාගත්තා. 1939 දී Kentucky Governor කෙනෙක් ඔහුට "Kentucky Colonel" කියන ගෞරව නාමය දුන්නා. ඒකෙන් තමයි "Colonel Sanders" නම ආවේ.

  1952 දී නව මහාමාර්ගයක් හදපු නිසා Sanders ගේ restaurant එකට කවුරුත් ආවේ නෑ. Bank එකෙන් loan ගන්නත් බෑ. වයස 65 දී ඔහුට ලැබුණේ මාසෙට ඩොලර් 105 ක social security චෙක් එක විතරයි. ඒත් ඔහු බෑ කියලා නෙවෙයි කිව්වේ. සුදු සුට් එක ඇඳගෙන, තමන්ගේ රහස් කුළුබඩු මිශ්‍රණය වතුර බාල්දියක දාගෙන, pressure cooker එකකුත් අරන් රට වටේ යන්න පටන් ගත්තා. පළවෙනි අවුරුදු 2 ට restaurant 100 කට වඩා ඔහුගේ recipe එක ගත්තා.1952 දී Utah වල Salt Lake City එකේ Pete Harman කියන restaurant එකේ පළවෙනි KFC franchise එක පටන් ගත්තා. "Kentucky Fried Chicken" කියන නම සහ "bucket meal" idea එක Harman ගෙන් ආපු එකක්. 1964 වෙනකොට ඇමරිකාව + Canada වල restaurant 600 කට වඩා තිබුණා. වයස 74 දී Sanders තමන්ගේ සමාගම ඩොලර් මිලියන 2 කට වික්කා. ඒත් "Colonel Sanders" කියන brand ambassador විදිහට ජීවිත කාලෙම සමාගමත් එක්ක හිටියා. 1980 දී වයස 90 දී ඔහු මියගියා.

අද KFC කියන්නේ ලෝකේ රටවල් 145+ ක restaurant 29,000 කට වඩා තියෙන දැවැන්තම fried chicken chain එක. Colonel Sanders ගේ මුහුණ අදටත් KFC logo එකේ ඉන්නවා. ඔහු ඔප්පු කළේ වයස කියන්නේ number එකක් විතරයි කියලා. "People are always blaming their circumstances for what they are. I don’t believe in circumstances. The people who get on in this world are the people who get up and look for the circumstances they want" - Colonel Sanders.

ලෝකයේ පළමු ට්‍රිලියනපතියා: Elon Musk සහ ඩොලර් ට්‍රිලියන යුගයේ ආරම්භය 🚀


 2026 ජූනි 11 වෙනිදා, මනුෂ්‍ය ඉතිහාසයේ නොවුණ දෙයක් සිදු වුණා. SpaceX සමාගම Nasdaq වලට ලැයිස්තු ගත වෙද්දි, එහි නිර්මාතෘ Elon Musk ගේ ශුද්ධ වත්කම ඩොලර් ට්‍රිලියන 1.1 ඉක්මවා ගියා. ඒ එක්කම ඔහු ලෝකයේ පළමු ට්‍රිලියනපතියා බවට පත් වුණා. මේක හදිසි වුණ දෙයක් නෙවෙයි. මේකට මග පෑදුනේ අවුරුදු 20ක risk එකක්, technology obsession එකක් සහ investor විශ්වාසයක්.

1. හැඳින්වීම  

ඉලෝන් මස්ක් කියන්නේ 21 වෙනි සියවසේ අනාගතය අකුරින් අකුර ලියන මනුස්සයා. 1971 ජුනි 28 වෙනිදා දකුණු අප්‍රිකාවේ Pretoria නගරයේ උපත ලැබූ ඔහු, අද ලෝකයේ ධනවත්ම පුද්ගලයා විතරක් නෙවෙයි, මිනිස් වර්ගයේ ඉරණමම වෙනස් කරන්න උත්සාහ කරන විශ්වකර්මයෙක්. විද්‍යුත් මෝටර් රථ, අභ්‍යාවකාශ ගමන්, සමාජ මාධ්‍ය, කෘත්‍රිම බුද්ධිය, මොළය-පරිගණක සම්බන්ධතාවය වගේ අනාගත තාක්ෂණ ක්ෂේත්‍ර කිහිපයක්ම එකවර අල්ලගෙන යන ඔහුගේ ජීවන කතාවම තමයි "පිස්සෙක් වුණාට කමක් නෑ, ලොකුවට හිතන්න" කියන පාඩම.

ඉලෝන්ගේ ව්‍යවසායක ගමන පටන් ගන්නේ වයස අවුරුදු 12 දී. ඒ කාලේ "Blastar" කියන video game එකක් හදලා $500 කට වික්කා. 1995 දී සහෝදරයා එක්ක එක්ක "Zip2" කියන online සිතියම් සහ නගර මාර්ගෝපදේශ සමාගම පටන් ගත්තා. ඒක 1999 දී Compaq සමාගමට ඩොලර් මිලියන 307 කට විකුණලා ඔහු මුල්ම වතාවට millionaire කෙනෙක් බවට පත්වුණා. ඊට පස්සේ http://X.com කියලා online bank එකක් පටන් ගත්තා. පස්සේ ඒක PayPal එක්ක merge වෙලා, 2002 දී eBay එකට ඩොලර් බිලියන 1.5 කට විකුණුවා. PayPal විකුණලා අතට ආපු සල්ලි වලින් තමයි ඔහුගේ "මහා සිහින 3" වලට මුල් ගැහුවේ.

මිනිස් වර්ගය එකම ග්‍රහලෝකයකට සීමා වෙන්න බෑ කියන විශ්වාසයෙන් 2002 දී SpaceX පටන් ගත්තා. NASA එකයි ලෝකේමයි කිව්වේ "rocket business එක පාඩුයි, බෑ" කියලා. මුල් rocket 3 ම අසාර්ථක වුණා. හතරවෙනි එකත් fail වුණොත් බංකොලොත් වෙන තත්ත්වයට ආවා. ඒත් 2008 දී Falcon 1 rocket එක සාර්ථකව අභ්‍යාවකාශයට යැවුවා. අද SpaceX කියන්නේ ලෝකේ ලාබම, නැවත භාවිතා කළ හැකි rocket දියත් කරන සමාගම. Starship rocket එක හදන්නේ මිනිස්සුන්ව Mars ග්‍රහලෝකයට අරන් යන්න. ඔහුගේ වචන වලින් කිව්වොත් "මිනිස් වර්ගය බහු-ග්‍රහලෝක විශේෂයක් කරන්න" ඕන.2004 දී Tesla Motors වලට මුදල් ආයෝජනය කරපු ඉලෝන්, පස්සේ සමාගමේ CEO වුණා. ඒ කාලේ විද්‍යුත් මෝටර් රථ කියන්නේ ගොල්ෆ් කරත්ත වගේ සෙල්ලම් බඩු. Tesla Model S, Model 3, Model Y වලින් ඔහු ඒ මතය සම්පූර්ණයෙන්ම බිඳ දැම්මා. අද Tesla කියන්නේ ලෝකේ වටිනාම මෝටර් රථ සමාගම. ඔහුගේ අරමුණ තෙල් වලින් තොර, පුනර්ජනීය ශක්තියෙන් ධාවනය වන ලෝකයක් හදන එක. Tesla එකට අමතරව SolarCity සහ Megapack battery ව්‍යාපෘති වලින් ඒ සිහිනයම ලුහුබඳිනවා.

Tesla සහ SpaceX වලට අමතරව ඉලෝන් තවත් ක්ෂේත්‍ර ගණනාවක් අල්ලගෙන ඉන්නවා. 2022 දී ඩොලර් බිලියන 44 කට Twitter සමාගම මිලට අරන් "X" කියලා නම් කළා. ඔහුගේ අදහස X එක "everything app" එකක් කරන්න. Starlink ව්‍යාපෘතියෙන් අඩු මිලට, වේගවත් satellite internet එක ලෝකේ ඕනම තැනකට දෙන්න 5000+ චන්ද්‍රිකා අභ්‍යාවකාශයට යවලා තියෙනවා. Neuralink වලින් මොළය සහ පරිගණකය කෙලින්ම සම්බන්ධ කරලා ආබාධ සහිත අයට උදව් කරන්න හදනවා. අලුත්ම සමාගම xAI, "විශ්වය තේරුම් ගන්න" කියන අරමුණින් Grok AI chatbot එක හදනවා.

ඔහුගේ ව්‍යාපාරික සාර්ථකත්වය දැනටමත් ඔහුව ලෝකයේ බලගතුම, ධනවත්ම සහ වැඩිපුරම කතා වෙන පුද්ගලයා බවට පත් කරලා ඉවරයි.

Sunday, May 31, 2026

ඇපල් නිමැවුම්කරු - Steve Jobs

 


"2005 ජුනි මාසේ 12 වැනිදා ලෝකෙන් Top 3 Universities වලින් එකක් වන Standford University එකේ එකසිය දාහතර වැනි උපාධි ප්‍රදානෝත්සවයට උපාධියක් නැති කොල්ලෙක්ට කතාවක් කරන්න එන්න කියනවා.මේ කොල්ල ඇවිල්ල කියන්නේ එයාගේ ජීවිතේ ස්ටෝරිස් තුනක්.ඒකෙන් පළවෙනි story එක තමයි ඇයි එයා ඩිග්‍රිය මග දාලා ගියේ කියන එක.ඇත්තටම මේ කොල්ලා අරන් හදාගත්ත ළමයෙක් 1972 සැප්තැම්බර් මාසේ ඇමරිකාවේ රීඩ් කොලේජ් කියන university එකට මේ කොල්ල යනවා ඩිග්‍රියයක් කරන්න.එතනදි මාස හයක් විතර ඩිග්‍රිය කරගෙන ඉන්නකොට මෙයාට තේරෙනවා එයා ඉගෙන ගන්න කිසිම සබ්ජෙක්ට් එකකට එයා ආස නැහැ කියලා.එතැනදී එයා අහනවා ඇයි මම මගේ අම්මගේ තාත්තගේ සල්ලි මේ විදියට නාස්ති කරන්නෙ කියලා.එහෙම හිතලා මෙයා මෙයාගේ ඩිග්‍රිය නවත්තලා දානවා.හැබැයි ඒ university එකේම එයා ආස කරන වෙන ක්ලාසස් වලට හොරෙන් ගිහිල්ලා එයා ඉගෙන ගන්න පටන් ගන්නවා.අකුරු අඳින්න උගන්වන Calligraphy  ක්ලාස් එකක මෙයාව වාඩිවෙලා අකුරුවල styles, අකුරුවල spacing  වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.මේ විදිහට ආසාවෙන් ඉගෙන ගත්ත දේවල් තමයි අවුරුදු දහයකට පස්සේ මේ කොල්ල පලවෙනි වතාවට computer එකක් හදද්දි font sizes design කරද්දි පාවිච්චියට ගන්නේ.ලෝකෙ අද පාවිච්චි කරන ලස්සනම font sizes හදන්නේ පළවෙනි වතාවට මේ කොල්ලා.මේ කොල්ලාගේ නම " ස්ටීව් ජොබ්ස්".එයා හදපු පළවෙනි computer එක Apple Macintosh.මෙන්න මේ Standford commencement Speech එකේදී ස්ටීව් ජොබ්ස් අපිට කියලා දෙන්නේ අද අපි කරන දේවල් ආසාවෙන් කලොත් අනාගතේ යම් දවසක අපි හැරිලා බලද්දී අපේ success එකේ connecting dots වෙන්නේ අද අපි ආසාවෙන් ඉගෙනගන්න දේවල්.ඒක නිසා මොනවා ඉගෙන ගත්තත් ආසාවෙන් ඉගෙනගන්න."


ස්ටීව් ජොබ්ස් (Steve Jobs) යනු ඇපල් සමාගමේ (Apple Inc.) සම-නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපතිවරයා වූ ඇමරිකානු ජාතික නව නිපැයුම්කරුවෙකු, නිර්මාණකරුවෙකු සහ ව්‍යවසායකයෙකු වේ. 1955 දී විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් යුවළකට දාව උපන් ඔහුව, පසුව වෙනත් දෙමාපියන් වෙත හදා වඩා ගැනීමට භාර කෙරිණි. ජොබ්ස් දක්ෂයෙකු වුවද නිශ්චිත අරමුණක් නොතිබූ අයෙකු වූ අතර, ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරමග නතර කර විවිධ ක්ෂේත්‍රයන් අත්හදා බැලීමෙන් පසුව, 1976 දී ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමඟ එක්ව ඇපල් සමාගම ආරම්භ කළේය. 1985 දී ඇපල් සමාගමෙන් ඉවත් වූ ජොබ්ස්, පික්සාර් ඇනිමේෂන් ස්ටූඩියෝස් (Pixar Animation Studios) ආරම්භ කළ අතර, ඉන් දශකයකට පමණ පසු නැවතත් ඇපල් සමාගම වෙත පැමිණියේය. අයිෆෝන් (iPhone), අයිපෑඩ් (iPad) සහ අයිපොඩ් (iPod) ඇතුළත් මෙම දැවැන්ත තාක්ෂණික සමාගමේ විප්ලවීය නිෂ්පාදනයන්, නූතන තාක්ෂණයේ පරිණාමය තීරණය කිරීමට සමත් විය. අග්න්‍යාශයික පිළිකාවක් (Pancreatic cancer) සමඟ දීර්ඝ කාලයක් සටන් කිරීමෙන් අනතුරුව ජොබ්ස් 2011 වසරේදී අභාවප්‍රාප්ත විය.


කුඩා පිරිමි ළමයෙකු ලෙස, ජොබ්ස් සහ ඔහුගේ පියා පවුලේ ගරාජය තුළ ඉලෙක්ට්‍රොනික උපකරණ ආශ්‍රිත වැඩ කටයුතු වල නිරත වූහ. ඉලෙක්ට්‍රොනික උපකරණ ගලවා නැවත සකස් කරන්නේ කෙසේදැයි පෝල් (පියා) තම පුතාට පෙන්වා දුන් අතර, මෙම විනෝදාංශය තරුණ ජොබ්ස් තුළ ආත්ම විශ්වාසය, නොපසුබට උත්සාහය සහ යාන්ත්‍රික කුසලතාවය ඇති කිරීමට හේතු විය.ජොබ්ස් සැමවිටම බුද්ධිමත් සහ නවෝත්පාදන අදහස් ඇති චින්තකයෙකු වුවද, ඔහුගේ ළමා කාලය විධිමත් පාසල් අධ්‍යාපනය පිළිබඳ කලකිරීම් වලින් පිරිලා තිබුණි. පාසල් වැඩ කණමැදිකම (කම්මැලිකම) නිසා ප්‍රාථමික පාසලේදී ඔහු නිතරම විහිළු තහළු සහ දඟකම් කළ අයෙකු වූ අතර, ඔහුව ලවා පාඩම් වැඩ කරවා ගැනීමට ඔහුගේ සිව්වන ශ්‍රේණියේ ගුරුවරියට ඔහුට අල්ලස් දීමට පවා සිදු විය. කෙසේ වෙතත්, ජොබ්ස් විභාග වලදී කෙතරම් ඉහළ ලකුණු ලබා ගත්තේද යත්, පාසල් පරිපාලනයට ඔහුව කෙලින්ම උසස් පාසල (High school) වෙත ඇතුළත් කිරීමට අවශ්‍ය විය. නමුත් ඔහුගේ දෙමාපියන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළහ.හෝම්ස්ටෙඩ් උසස් පාසලේ (Homestead High School) ඉගෙනුම ලබන අතරතුර, ජොබ්ස් හෙව්ලට්-පැකාර්ඩ් (HP) සමාගමේ 'එක්ස්ප්ලෝරර්ස් ක්ලබ්' (Explorer’s Club) වෙත සම්බන්ධ විය. ඔහු ප්‍රථම වතාවට පරිගණකයක් දුටුවේ එහියි. ඔහු තමන් විසින් නිර්මාණය කරමින් තිබූ සංඛ්‍යාත කවුන්ටරයකට (Frequency counter) අවශ්‍ය කොටස් ඉල්ලා සිටීම සඳහා HP සමාගමේ සම-නිර්මාතෘ බිල් හෙව්ලට් වෙත දුරකථන ඇමතුමක් ලබා දීමෙන් පසුව, HP සමාගමේ ගිම්හාන කාලීන රැකියාවක් ලබා ගැනීමට පවා ඔහුට හැකි විය. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (බර්ක්ලි) ඉගෙනුම ලබමින් සිටි, ජොබ්ස්ගේ අනාගත සහකරු සහ ඇපල් පරිගණක සමාගමේ සම-නිර්මාතෘ වූ ස්ටීව් වොස්නියැක් තරුණ ජොබ්ස්ට මුණගැසුණේ ද මෙම HP සමාගමේදීය.උසස් පාසල් අධ්‍යාපනයෙන් පසු, ජොබ්ස් ඔරගන්හි පෝට්ලන්ඩ් හි පිහිටි රීඩ් විද්‍යාලයට (Reed College) ඇතුළත් විය. නමුත් නිශ්චිත අරමුණක් නොමැති වීම නිසා ඔහු මාස හයකට පසු විද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත් වූ අතර, ඊළඟ වසර එකහමාරක කාලය එම විද්‍යාලයේම පැවැත්වුණු නිර්මාණාත්මක පන්ති සඳහා බාහිරව සම්බන්ධ වෙමින් ගත කළේය. අකුරු නිර්මාණකරණය (Calligraphy) පිළිබඳ වූ එක් පාඨමාලාවක්, මුද්‍රණ කලාව (Typography) කෙරෙහි තම තුළ ඇති ඇලුම්කම වර්ධනය කිරීමට හේතු වූ ආකාරය ජොබ්ස් පසුව සිහිපත් කළේය.1974 දී ජොබ්ස් ඇටාරි (Atari) සමාගමේ වීඩියෝ ගේම් නිර්මාණකරුවෙකු ලෙස රැකියාවක් ලබා ගත්තේය. මාස කිහිපයකට පසු, ඔහු ආධ්‍යාත්මික බුද්ධිය (Spiritual enlightenment) සොයා ඉන්දියාවට යාම සඳහා එම සමාගමෙන් ඉවත් වූ අතර, එහිදී ඔහු තවදුරටත් සංචාරය කරමින් මනෝවිද්‍යාත්මක ඖෂධ/මත්ද්‍රව්‍ය (Psychedelic drugs) ද අත්හදා බැලුවේය.

1976 දී, ජොබ්ස්ගේ වයස අවුරුදු 21ක් පමණක් වන විට, ඔහු සහ වොස්නියැක් එක්ව ජොබ්ස්ගේ පවුලේ ගරාජය තුළ 'ඇපල් පරිගණක සමාගම' (Apple Computer Inc.) ආරම්භ කළහ. ඔවුන්ගේ මෙම ව්‍යවසායකත්ව ව්‍යාපාරයට මුදල් සපයා ගැනීම සඳහා ජොබ්ස් තමා සතු වූ ෆොක්ස්වැගන් (Volkswagen) වර්ගයේ වෑන් රථයද, වොස්නියැක් තමා බෙහෙවින් ඇලුම් කළ විද්‍යාත්මක කැල්කියුලේටරයද (Scientific calculator) විකුණා දැමූහ. ඇපල් සමාගම හරහා, පරිගණක තාක්ෂණය සාමාන්‍ය ජනතාවට සමීප කරවීමටත්, එම උපකරණ වඩාත් කුඩා, ලාභදායී, භාවිතය පහසු (Intuitive) සහ එදිනෙදා පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබාගත හැකි මට්ටමට පත් කිරීමටත් කටයුතු කිරීම නිසා මෙම දෙපල පරිගණක කර්මාන්තයේ විප්ලවයක් සිදු කළ අය ලෙස ඇගයීමට ලක්වේ.1997 දී ජොබ්ස් නැවතත් ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ධූරයට පත්විය. 1970 දශකයේදී ඇපල් සමාගමේ සාර්ථකත්වයට මුල් වූවා සේම, 1990 දශකයේදී කඩාවැටෙමින් තිබූ සමාගමට නැවත නව පණක් දීමේ ගෞරවය ද ඔහුට හිමි වේ.ඉන්පසු ගතවූ වසරවලදී, ඇපල් සමාගම විසින් 'මැක්බුක් එයාර්' (Macbook Air), 'අයිපොඩ්' (iPod) සහ 'අයිෆෝන්' (iPhone) වැනි තාක්ෂණයේ පරිණාමය තීරණය කළ විප්ලවීය නිෂ්පාදනයන් රැසක් හඳුන්වා දෙන ලදී. ඇපල් සමාගම නව නිෂ්පාදනයක් නිකුත් කළ සැණින්, අනෙකුත් තරඟකාරී සමාගම්ද ඒ හා සමාන තාක්ෂණයන් නිපදවීමට තරඟ වැදුණි. තමන්ගේ නිෂ්පාදන පරාසය පුළුල් වීම සනිටුහන් කරමින්, සමාගම 2007 වසරේදී සිය නාමය 'Apple Inc.' ලෙස නිල වශයෙන් වෙනස් කළේය.