ක්‍රි.පූ. 69 දී Alexandria නගරේ ඉපදුණා. ඇයගේ පවුල Ptolemy කියන ග්‍රීක ජෙනරාල්ගෙන් පටන් ගත්ත රාජවංශයක්. ඒ නිසා රුධිරයෙන් ඇය ග්‍රීක. ඒත් පුදුමේ තමයි වසර 300ක Ptolemy රජවරුන්ගෙන් පස්සේ ඊජිප්තු භාෂාව ඉගෙන ගත්ත පළවෙනි පාලිකාව Cleopatra. සම්පූර්ණයෙන් භාෂා 9ක් කතා කළා. ග්‍රීක, ඊජිප්තු, ලතින්, හීබෲ, අරාබි, ඉතියෝපියානු වගේ. මිනිස්සුන්ට ඔවුන්ගේම භාෂාවෙන් කතා කරපු නිසා ඇය මිනිස්සුන්ගේ ආදරය දිනාගත්තා. ගණිතය, දර්ශනය, වෛද්‍ය විද්‍යාව, සංගීතය හැමදේම ඉගෙන ගත්තා.Cleopatraට වයස අවුරුදු 18 දී තාත්තා Ptolemy XII මැරුණට පස්සේ කිරුළ ලැබුණා. නීතියට අනුව ඇය වයස අවුරුදු 10 පොඩි සහෝදරයා Ptolemy XIII එක්ක විවාහ වෙලා සම-පාලිකාවක් වෙන්න ඕන. ඒත් ඇත්ත බලය තිබුණේ මහ ඇමති Pothinus සහ හමුදාපති Achillas ලග. සහෝදරයා ඇයව බලයෙන් පහ කරලා Alexandria වලින් පිටුවහල් කළා. Cleopatra පලාගිහින් සිරියාවේ හමුදාවක් හදාගෙන ආයෙත් ඊජිප්තුවට ආවා. බලය කියන්නේ දීමනාවක් නෙවෙයි, අරගෙන ගන්න දෙයක් කියලා ඇය ඔප්පු කළා.
ක්‍රි.පූ. 48 දී රෝමයේ ප්‍රබලයා Julius Caesar ඊජිප්තුවට ආවා. Caesar ඇයව සහයෝගයට ගත්තා, සහෝදරයා පරාජය කළා. පස්සේ Cleopatra + Caesar ආදරයෙන් බැඳුණා. ඔවුන්ට Caesarion කියලා පුතෙකුත් හිටියා. Caesar මැරුවට පස්සේ Cleopatraට රෝමයේ සහය නැති වුණා. ඒත් ඇය දැනගෙන හිටියා ඊජිප්තුව බේරගන්න නම් රෝමයේ බලවත්ම මනුස්සයව තමන් පැත්තට ගන්න ඕන කියලා.Caesar ගෙන් පස්සේ Cleopatra Mark Antony එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. Antony කියන්නේ රෝමයේ තවත් ප්‍රබල ජෙනරාල් කෙනෙක්. ඔවුන්ට නිවුන් දරුවෝ 2ක් හිටියා. Cleopatra + Antony එකතු වෙලා "අලුත් අධිරාජ්‍යයක්" හදන්න හදනවා කියලා Octavian බය වුණා. ක්‍රි.පූ. 31 දී Actium මුහුදේ ලොකු නාවික සටනක් වුණා. Cleopatra ගේ නෞකාව පැනලා ගිය නිසා Antony ගේ හමුදාව පැරදුණා. ඒක ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක්.
ක්‍රි.පූ. 30 අගෝස්තු 12 දා Cleopatra වයස අවුරුදු 39 දී මැරුණා. Octavian ඇයව රෝමයට සිරකාරියක් විදිහට අරන් යන්න කලින් ඇය තමන්වම මරගත්තා කියන එක තමයි ඉතිහාසය. "Asp කියන විෂ සර්පයෙක්ට දෂ්ට වෙන්න දුන්නා" කියන කතාව තමයි ප්‍රසිද්ධ. ඇය + Antony දෙන්නම මැරුණා. ඊජිප්තුව අවුරුදු 3000ක Pharaonic පාලනය ඉවර වෙලා රෝම අධිරාජ්‍යයේ පළාතක් වුණා. ඇයගේ සොහොන අදටත් හොයාගෙන නෑ. ඒක ලෝකේ ලොකුම අභිරහසක්.
Hollywood චිත්‍රපට වල Cleopatra කියන්නේ "ලස්සන, ආකර්ශනීය කාන්තාවක්" විතරයි. ඒත් ඇත්ත Cleopatra කියන්නේ දේශපාලන ශාස්ත්රඥාවියක්, උපක්‍රම ශාස්ත්රඥාවියක්, ව්‍යාපාරික කාන්තාවක්. ඇය ඊජිප්තුවේ ආර්ථිකය බේරගන්න වෙළඳ ගිවිසුම් ගැහුවා. රෝමයේ වගේ බලවත් අධිරාජ්‍යයක් ඉස්සරහා අවුරුදු 21ක් ඊජිප්තුවේ නිදහස බේරගත්තා. "රූපය නෙවෙයි, මොළය තමයි ඇයගේ ඇත්තම ආයුධය" කියලා ඉතිහාසඥයෝ කියනවා.

❤️
ReplyDeleteGreat ♥️
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete🥰❤️
ReplyDelete