Pages

Tuesday, January 27, 2026

ලෝකයම හිනැස්සූ හිනාවේ අයිතිකාරයා - චාලි චැප්ලින් (Charlie Chaplin )

 



"ඇමරිකාවේ Hollywood වල හිටපු සුපිරිම නළුවෙක් 1952 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා Queen Elizabeth කියන Cruise Liner එකට නගිනවා Newyork වල ඉදන් London වලට යන්න.මේ විදිහට නැව් නගින්නේ Europe වල එයාගේ Film එකක Movie Premiere එකකට.එයාට ඕන වෙන්නෙ ආපහු ඇමරිකාවට එන්න.හැබැයි මෙන්න මේ Cruise Liner එක සාගරය මැද්දෙ ගමන් කර කර ඉන්නකොට ඇමරිකාවේ Attorney General , Issue කරනවා නිවේදනයක් මේ නළුවාට ආපහු ඇමරිකාවට එන්න බැරි වෙන්න.එක නිවේදනයකින් මේ Film Star ගේ මුළු Hollywood Career එකම ඉවර වෙනවා.අවුරුදු 40 ක් එයා Film හදපු රටේ ආයේ කවදාවත් එයාට Film හදන්න වෙන්නේ නෑ.Pinnacle එකේ හිටපු මනුස්සයෙක් බිංදුවටම ඇදවැටෙනවා.හැබැයි එයාට මොනවා නැති වුනත් අවුරුදු ගානක් තිස්සෙ මහන්සි වෙලා එයා හදපු කීර්ති නාමය එයාට නැතිවෙන්නෙ නෑ.අවුරුදු 20 ක ට පස්සෙ ඒ කීර්ති නාමය මුළු ලෝකය පුරාම යශෝරාවයක් වගේ පැතිරිලා යනවා.ඒකට ගරු කිරීමක් විදිහට Academy Awards වලින් 1972 අගෝස්තු 10 වැනිදා එයාට Honorary Award එකක් දෙන්න එන්න කියනවා.මේ නළුවා තමන්ගේ සම්මානය ගන්න Stage එකට නගිනවා.රැස්ව සිටිය හැමෝම නැගිටලා එක විනාඩියක් නෙවෙයි විනාඩි දෙකක් තුනක් නෙවෙයි විනාඩි 12 ක් පුරාවටම එක දිගට මේ නළුවාට අත්පුඩි ගහනවා.ඒක තමයි Longest Standing Ovation එක මුළු ඉතිහාසයේම Oscar සම්මාන උළෙලක කිසියම් නළුවෙක්ට ලැබුණු.ඒ නළුවාගේ නම චාලි චැප්ලින් (Charlie Chaplin ).ඔයාගේ කිසිම වැරැද්දක් නැතුව මහන්සි වෙලා හදාගත්ත ඔක්කොම දේවල් එක රැයකින් ඔයාට නැතිවෙන්න පුළුවන්.හැබැයි ඉවසගෙන ඉවසගෙන ඉන්න.කවදාහරි දවසක මිනිස්සු නැගිටලා ඔයාට අත්පුඩි ගහන දවසක් එනවා එනවා එනවාමයි."
                                                                                                                                   -copied-

  • චාලි චැප්ලින්ගේ ජීවිතය

චාලි චැප්ලින් කියන චරිතය ගැන අහලා නැති කෙනෙක් ලෝකෙම නැති තරම්.බොහෝ දෙනෙක් පවසන විදියට නම් ප්‍රහසන කලාවේ king තමයි චාලි චැප්ලින් කියලා කියන්නේ.මිනිස්සු කොච්චර හිනාගැස්සුවත් චාලි චැප්ලින්ගේ ජීවිත කතාව ගොඩාක් දුක හිතෙන එකක්.1889 දී තමයි චාලි චැප්ලින් මෙලොව එළිය දකින්නේ.නමුත් චාලි චැප්ලින්ට වයස අවු.2 ක් වෙනකොට තාත්තා ඔවුන්ව දාලා යනවා.ඒ නිසාම අම්මත් එක්ක පුංචි කාලේ ඉදලම කෝච්චි station වල සින්දු කියලා සල්ලි හොයන්න චාලි චැප්ලින්ට සිදුවෙනවා.නමුත් එහෙම සල්ලි හොයන්න වුණේ ටික කාලයයි.මානසික ප්‍රශ්නයක් නිසා අම්මට පිස්සු හැදෙනවා.මේ හේතුව නිසාම තමන්ගේ තාත්තා ලගට යන්න චාලි චැප්ලින්ට සිද්දවෙනවා.චාලි චැප්ලින්ගේ තාත්තා ගොඩාක් බීමට ඇබ්බැහි වුනු පුද්ගලයෙක්.ඒ නිසාම තාත්තා පුතාව රගපාන්න දාලා සල්ලි හොයාගෙන ඒකෙනුත් බොන්න පටන් ගන්නවා.කොහොම වුණත් තවත් ටික කාලයක් ගත වුණාට පස්සෙ චාලි චැප්ලින්ගේ පියාත් මිය යනවා.ඒ අධික බීමත්කම නිසාමයි.මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නු චාලි චැප්ලින් අවසානයේ දී තනිවෙනවා.

චාලි චැප්ලින්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ 1910 දී නාට්‍ය කණ්ඩායමක් සමග ඇමරිකාවට යාමත් සමගයි.ඊට පස්සේ චාලි චැප්ලින්ට රගපාන්න අවස්ථාව ලැබෙනවා.ඒත් එක්කම චාලි චැප්ලින් ජනප්‍රිය වෙන්නත් පටන් ගන්නවා.මේ හේතූන් නිසාම ඔහුට හොදින් මුදල් උපයන්න පුළුවන් වෙනවා.මේ නිසාම සතුටින් ජීවත් වෙන්න කියලා හිතාගෙන චාලි චැප්ලින් 1918 දී විවාහ වෙනවා.ඒත් විවාහය නිසා සතුටින් ඉන්න චාලි චැප්ලින්ට බැරි වෙනවා.අවුරුදු 2 ක් වැනි කෙටි කාලයකින් ඔහු දික්කසාද වෙනවා.ඊට පස්සෙ චාලි චැප්ලින් තවත් විවාහයක් කරගන්නවා.ඒ විවාහයත් ඉතාමත්ම අසාර්ථක වෙනවා.ඊට පස්සෙ තුන්වෙනි විවාහයකුත් කරගන්නවා.ඒ විවාහයත් ඉවර වෙන්නේ දික්කසාදයකින්.ඉන්පසු චාලි චැප්ලින් විසින් හතරවෙනි විවාහයත් සිදු කර ගන්නවා.ඉතිම් හතරවෙනි විවාහයේදී තමයි චාලි චැප්ලින්ට සුදුසු සහකාරියව හම්බෙන්නෙ.විවාහ තුනක් අසාර්ථක ලෙස පවුල් ජීවිතය ගෙවපු චාලි චැප්ලින් ඉන් පසු සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න පටන් ගන්නවා.නමුත් චාලි චැප්ලින්ගේ ප්‍රශ්න එතනින් නවතින්නේ නැහැ.ඔහු කොමියුනිස්ට් ත්‍රස්තවාදියෙක් කියලා ඇමරිකාව ඔහුට චෝදනා කරනවා.ඒ නිසාම 1952 අවුරුද්දේ දී ඇමරිකාව අතහැරලා දාලා ස්විස්ටර්ලන්තයට යන්න චාලි චැප්ලින්ට සිදුවෙනවා.

කොහොම නමුත් 1952 වසරේ තමන්ගේ රටින් පන්නලා දාපු චාලි චැප්ලින්ට 1972 වසරේ දී ඇමරිකාවම කතා කරලා ලොකු සම්මානයක් ලබා දෙනවා.ඒ සම්මානය ඔහුට ලබා දෙන්නේ හොදම ප්‍රහසන නළුවා විදියට.ඒ වගේම ඇමරිකාවේ ජීවත් වෙන්න කියලා ඔහුට ආරාධනාවකුත් කරනවා.නමුත් චාලි චැප්ලින් විසින් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා නැවත ස්විස්ටර්ලන්තයට යනවා.එක් අවස්ථාවකදී මාධ්‍යවේදියෙක් ඔබ ඇයි නිතරම මිනිස්සුන්ව හිනාගස්සන්නේ කියලා ප්‍රශ්නයක් විමසලා තියෙනවා.ඉතින් ඒ ප්‍රශ්නයට චාලි චැප්ලින් හරි අපූරු උත්තරයක් ලබා දීලා තියෙනවා.ඒ උත්තරය තුළ අන්තර්ගත වෙන්නෙ ඔහු කුඩා කාලය ගොඩාක් දුකින් ගත කළ බවත් ඔහුට සිනාවෙන්න අවස්ථාවක් නොලැබුණු බවත් ය.ඒ නිසා ලොකු වෙලා මුළු ලෝකයම හිනාගස්සවන්න ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා.

කොහොමනමුත් විවිධාකාරයේ ප්‍රශ්න නිසාවෙන් ජීවිතයම එපා වෙලා ඉන්න අයට චාලි චැප්ලින්ගෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුලුවන්.ප්‍රශ්න ගැනම හිත හිතා ඉන්නෙ නැතුව සතුටින් ඉන්න එක ගැනත් පොඩ්ඩක් හිතන්න.ඒ වගේම චාලි චැප්ලින් කියන්නේ නළුවෙක් විතරක්ම නෙවෙයි.චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්.ඒ වගේම ලේඛකයෙක්.1977 වර්ෂයේ දී මේ අසහාය නළුවා මිය යන්නේ චාලි චැප්ලින් නාමය සිනමා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කරමින්.

5 comments: