Pages

Friday, January 2, 2026

ආසියානු කලාපේ රටක් වුණු ලංකාවේ ඉපදුනු දක්ෂ අපූරු කොලුගැටයා - "Ray Wijewardene"

                                      


" 1924 අගෝස්තු 20 වැනිදා හරි දක්ෂ කොලු ගැටයෙක් මේ අපේ කලාපය ආසියානු රටක ඉපදෙනවා.මේ කොල්ලා පොඩි කාලේ ඉඳලම හරිම කැමතියි අලුත් experiment කරන්න.පොඩි කාලේ පැරෂුට් එකක් දැකලා අන්න ඒක experiment කරන්න ගෙදර තිබ්බ කුඩ ටිකක් අරන් දෙවැනි තට්ටුවෙන් පහළට පැනලා තාත්තගෙන් හොඳටම ගුටි කනවා.හැබැයි කොච්චර ගුටි කෑවත් අලුත් දේවල් හදන්න තියෙන ආසාව මේ කොල්ලගෙන් යන්නේ නැහැ.ඊට පස්සේ එයා දකිනව එයාගේ රටේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා ගොවිතැන් කරන්න.මෙයාට හිතෙනවා මේකට මම මොකක් හරි කරන්න ඕනේ කියලා.මේකට මෙයා experiment කරලා කරලා හොයාගන්නව රෝද දෙකේ අත් ට්‍රැක්ටරයක් 1955 දී.මොහු යනවා බලධාරීන් ගාවට මොහුගේ රටේ.'අයියෝ ඒක වැඩක් නෑ' කියලා reject කරනවා.ඊට පස්සේ එයා යනවා Manufactures ලා ලගට එයාගේ රටේ.එයාලා කියනවා 'අයියෝ මේකට market එකක් නෑ' කියලා.'මේකට නම් demand එකක් නෑ' කියලා.මේ කොල්ලා වැඩේ අතාරින්නෙ නෑ .එයාගේ  රෝද දෙකේ අත් ට්‍රැක්ටරයේ වීඩියෝ එකක් අරගෙන එයා ආපහු යනවා UK වලට.Nottingham වල තිබුනු factory එකකට ගිහිල්ලා එයා මේ වීඩියෝ එක පෙන්නනවා.ඒගොල්ලො කියනවා "මේක ශා  මරු.ලෝකෙටම අපි හදමු කියලා.මේ අත් ට්‍රැක්ටරේ හදලා මුළු ලෝකෙටම මේ කොල්ලා බෙදනවා.Asia වලට Latin America වලට Africa වලට විශේශයෙන් ම ජපානය තමයි මෙයාගේ ලොකුම market එක වෙන්නෙ.ඒ විතරක් නෙවෙයි එයාව reject කරපු එයාගෙම රට අර nottingham වල factory එකේ එයා හදන අත් ට්‍රැක්ටරේ 11,000 ක් units import කරනවා 1975 වෙනකොට.මේ රෝද දෙකේ අත් ට්‍රැක්ටරය හදපු factory යේ නම Land Master .මේ කොල්ලගේ නම "Philip Revathe Wijewardene".අපි කියන්නෙ Ray Wijewardene කියලා.එයාගේ රට වෙන මොකක්වත් නෙවෙයි,අපේ රට ශ්‍රී ලංකාව.තමන්ගේ මිනිස්සු වෙනුවෙන් දේවල් කරනකොට ඒ මිනිස්සු තම්න්ව reject කරනකොට වෙන කව්රුත් reject කරනවට වඩා ඔයාට දැනෙනවා වැඩී.වැඩේ අතාරින්න එපා.තමන්ගේ මිනිස්සු reject කරත් කවදාහරි දවසක හිතාගන්න මම ලෝකය අත්පුඩි ගහන්න පුළුවන් මනුස්සයෙක් වෙනවා කියලා.එදාට තමයි ඔයා දිනන්නෙ. "
                                                                             - copied-


ආචාර්‍ය.පිලිප් රේවත විජේවර්ධන
ලංකා ඉතිහාසය දෙස හැරී බැලීමේදී මෙරටින් බිහි වූ විශිෂ්ට පුද්ගලයන් රැසක් අපට හමුවෙනවා.නමුත් එසේ බිහි වුණු සමහර විශිෂ්ට පුද්ගලයන්ගෙන් රටට සේවයක් ලබා ගැනීමට එකල සිටි පාලකයන් උනන්දුවක් දැක්වූයේ නැහැ.ආචාර්‍ය.පිලිප් රේවත විජේවර්ධන නැතහොත් ආචාර්‍ය.රේ විජේවර්ධනයනුත් අන්න ඒ වගේ අපි අඩුවෙන්ම වැඩ ගත්ත අපේ රටේ හිටපු වටිනාම සම්පතක්.

‍රේ විජේවර්ධනයන් සුප්‍රසිද්ධ විජේවර්ධන පවුලට සම්බන්ධ කෙනෙක්.19 වන සියවසේ දී මෙරට සමාජය තුළ ඉහළින්ම වැජඹුනු විජේවර්ධන පවුල පිළිබඳව සමහර විට ඔබ අසා තියෙන්නත් පුළුවන්.එදා ධනවත් ව්‍යාපාරිකයෙක් ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධනයන්ට පුතුන් හයදෙනෙකු සහ දියණියක් සිටියා.මේ ධනවත් ව්‍යාපාරියා ඔහුගේ දරුවන්ට දොන් රිචඩ් විජේවර්ධන , දොන් චාල්ස් විජේවර්ධන , දොන් වෝල්ටර් විජේවර්ධන , දොන් පිලිප් ඇලෙක්සැන්ඩර් විජේවර්ධන , දොන් එඩ්මන්ඩ් විජේවර්ධන , දොන් ලුයිස් විජේවර්ධන , ඇග්නස් හෙලන් විජේවර්ධන යන නම් තබනු ලැබුවා.ඒ දරුවන් අතරින් දොන් එඩ්මන්ඩ් විජේවර්ධන විවාහ වුණේ කොරින් ඇමැන්ඩා ජෙනින්ස් නම් බ්‍රිතාන්‍ය ප්‍රභූ පවුලක තැනැත්තියක් සමග.ඔවුන් දෙදෙනාට ඉපදුනු පිරිමි දරුවාට ඔවුන් පිලිප් රේවත විජේවර්ධන යන නාමය තැබුවා.1924 වර්ෂයේ අගෝස්තු මස 20 වැනිදා උපත ලැබූ පිලිප් රේවත විජේවර්ධන හෙවත් රේ විජේවර්ධන කුඩා කල සිටම ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේය.ඒ වගේම ඔහුට ළමා කාලයේ සිටම ඉහළ සමාජ තලයක ජීවත් වීමටත් අවස්ථාව ලැබුණා.ඒ එවකට මෙරට ප්‍රභූ පැලැන්තියට ඇතුළත්ව සිටි ජේ.ආර්.ජයවර්ධන , රිචඩ් විජේවර්ධන , එස්මන් වික්‍රමසිංහ , විමලා විජේවර්ධන වැනි උදවිය රේවතගේ සමීපතම නෑදෑයන් වූ නිසා.

රේ විජේවර්ධනයන් ඉහළම අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයෙක්.කොළඹ කාන්‍තා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත් ඔහු පසුව ගල්කිස්ස ශාන්ත විද්‍යාලයට ඇතුළත් වුණා.ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුරදි රේවත විජේවර්ධන කැපී පෙනෙන ශිෂ්‍යයෙක් බවට පත්ව තිබුනා.ඒ නව නිර්මාණ කිරීම සදහා ඔහු තුළ තිබුනු උනන්දුව නිසා.කුඩා කල සිටම ගුවන්යානා ඒ වගේම හෙලිකොප්ටර් යානා වලට කැමැත්තක් දැක්වූ රේ විජේවර්ධනයන් ඒවා පිළිබඳව තොරතුරු සොයාගෙන කියවන්නටත් වුණා.එහිදී ඔහු වඩාත් උනන්දු වුණේ එම යානා නිපදවීම සදහා භාවිත කර තිබූ තාක්ෂණය පිළිබඳව යි.එදා ඔහු දිගින් දිගටම ගුවන්යානා පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පාසල් කාලයේදී රහසිගතව කුඩා ගුවන්යානයක් නිර්මාණය කළා.ඉගෙනීමට අති දක්ෂයෙක් වුණු රේවත් විජේවර්ධනයන් සිය පාසල් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක ලෙස නිමා කළා.ඊට පස්සේ ඔහු එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණේ ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා.කුඩා කල සිටම ඉංජිනේරුවකු වීමට සිහින දුටු රේවත විජේවර්ධනයන් කේන්ද්‍රිට විශ්ව විද්‍යාලයේදී ඉංජිනේරු ක්ෂේත්‍රයන් තුනක් පිළිබඳව ඉගෙන ගැනීමට තීරණය කරනවා.ඒ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ගගන ඉංජිනේරු විද්‍යාව සහ කෘෂි ඉංජිනේරු විද්‍යාව යන විෂය ක්ෂේත්‍රයන් තුනයි. එදා ලෝකයේ සිටි දක්ෂම ගුරුවරුන් යටතේ අධ්‍යයනය කටයුතුවල නිරත වුණු රේ විජේවර්ධනයන් ඉංජිනේරු විද්‍යාවට අදාළ මූලධර්මයන් පිළිබඳව ඉතාම හොඳ දැනුමක් ලබා ගත්තා.ඉන් සෑහීමකට පත් නොවූ රේ විජේවර්ධන එම මූලධර්මයන් ප්‍රායෝගිකව භාවිත කළ හැකි ආකාරය පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීම සිදුකළා.ඒ විදියට තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් අවසන් කළ රේවත විජේවර්ධන වරලත් ඉංජිනේරුවකු බවට පත්වුණේ කුඩා කාලයේ දුටු සිහිනයක් සැබෑ කරගනිමින්.කොහොම වුණත් ඊට පස්සේ හාවඩ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව වැඩිදුර ඉගෙනගත් රේවත බ්‍රිතාන්‍ය සහ ලංකාවේ විශ්වවිද්‍යාල වලින්ද ගෞරව උපාධි ලබා ගත්තා.

කලින් කලට ඇතිවුණු දැඩි නියඟය සහ  ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ආසියානු සහ අප්‍රිකානු රටවල ජනතාව කුසගින්නේ මිය යන ආකාරය එවකට දක්නට ලැබුණා.මේ තත්ත්වය පාලනය කිරීම සඳහා 1950 දශකයේ දී හරිද විප්ලවය නමින් වැඩපිළිවෙලක් ලෝකය පුරාම ආරම්භ වුණා.එදා හරිත විප්ලවය යටතේ වී,ඉරිඟු,තිරිඟු වැනි බෝග වගාවන් රැසක් වගා කරන බිම් ප්‍රමාණය වැඩි කිරීම සඳහාත් ඒවායේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහාත් අවධානය යොමු වුණා.කොහොම උනත් වගා කටයුතු සඳහා නව තාක්ෂණයේ යොදා ගැනීම පිළිබඳවත් එහිදී අවධානය යොමු වුණා.මේ කාල සමය වෙද්දි කෘෂි ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මනා දැනුමක් ලබාගෙන තිබුණු රේ විජේවර්ධන කෘෂිකාර්මික කටයුතු පහසු කිරීම සඳහා උපකරණයක් නිර්මාණය කිරීමට කල්පනා කරනවා.මෙහි ප්‍රතිඵලයක් විදියට 1955 වසරේදී රෝද දෙකේ අත් ට්‍රැක්ටරය කරළියට එනවා.ඒ වනවිට කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරමින් සිටි ට්‍රැක්ටර් මිලෙන් අධික වුණු අතර ඒවා නඩත්තු කිරීමටත් විශාල මුදලක් වැය වුණා.නමුත් ඔය විජයවර්ධනයන් සොයාගත් නිෂ්පාදනය කළ මෙම රෝද දෙකේ අත් ට්‍රැක්ටරය ඉතා අඩු මුදලකින් නඩත්තු කිරීමේ හැකියාව පැවතුණා.එසේම මෙම අත් ට්‍රැක්ටරය පහසුවෙන් හැසිරවීමට හැකිවීමත් අමතර වාසියක් වුණා.එදා රේ විජේවර්ධන නම් මේ ඉංජිනේරුවා සිය දැනුම භාවිත කරමින් විශිෂ්ට නිර්මාණයක් බිහි කළත් එය වාණිජව නිෂ්පාදනය කිරීමට මෙරට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ.හැබැයි තමන්ගේ උත්සාහය අත් නොහැරි මේ අපූරු මිනිසා බ්‍රිතානයේ සිටි හිතවතුන්ගේ උදව්වෙන් අත් ට්‍රැක්ටරය වාණිජව නිපදවීම සඳහා අනුග්‍රාහකයෙකු සොයනු ලැබුවා.මෙම උත්සාහය මල්ඵල ගන්වමින් මහා බ්‍රිතාන්‍යයේ නොටින් හැම් නගරයේ ලෑන්ඩ්මාස්ටර් නම් සමාගම විසින් මේ විජයවර්ධනයන්ගේ මෙම රෝද දෙකේ අත් ට්‍රැක්ටරය වානිජ වශයෙන් නිෂ්පාදනය කිරීමට කැමැත්ත පළ කළා.රෝද දෙකේ අත් ට්‍රැක්ටරය සඳහා ලැන්ඩ්මාස්ටර් නම් නාමය භාවිත කිරීමට පුරුදු වුණෙත් එදා ලෑන්ඩ්මාස්ටර් නම් සමාගම එය මුල්ම වරට වාණිජ වශයෙන් නිපදවීම ආරම්භ කළ නිසයි.ඒ අනුව වෙළඳපොළට පැමිණි මෙම ලෑන්ඩ්මාස්ටරය ලෝකයේ බොහෝ රටවල ගොවීන්ට හඳුන්වාදීමේ ක්‍රියාවලිය සඳහා රේ විජයවර්ධනයන් සම්බන්ධ වුණා.ඒ අනුව ඔහු 1960 දශකයේ දී ආසියාව , අප්‍රිකාව , ලතින් ඇමරිකාව යන කලාප වලට අයත් සුළු රටවල් වල ගොවීන්ට මේ රෝද දෙකේ අත් ට්‍රැක්ටරය හෙවත් ලෑන්ඩ්මාස්ටරය හඳුන්වා දෙමින් විශාල පෙරළියක් සිදු කරනු ලැබුවා.

1970 දශකයේ මුල් භාගයේ දී රේ විජේවර්ධන නම් මේ විශිෂ්ටයා නිවර්තන රටවල කෘෂිකර්මය පිළිබඳව විශේෂඥයෙකු ලෙසින් එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම සහ ආහාර වැඩසටහනත් සමග සම්බන්ධ වුනා.එසේම ලෝක බැංකුව හා සමග සම්බන්ධ වී කටයුතු කිරීමටත් ඔහුට අවස්ථාව හිමි වුණා.ඒ වගේම 1973 වසරේ සිට වසරකට වැඩි කාලයක් මැලේසියාවේ ක්වාලාලම්පූර් හි යාන්ත්‍රික හා ස්වයංක්‍රීය පර්යේෂණ මධ්‍යස්ථානයේ කෘෂිකාර්මික ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස රාජකාරී කිරීමේ අවස්ථාව ද හිමිවුණා.1975-1979 අතර කාල සමයේදී ඔහු නිවර්තන කෘෂිකර්මය පිළිබඳව ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරනු ලැබුවා.මේ ආකාරයට ශ්‍රී ලංකාවට ගෞරවයක් කීර්තියක් අත් කර දුන් රේ විජේවර්ධනයන් ලංකාවේ ආයතන කිහිපයක බලවත් තනතුරු රැසක තමන්ගේ දායකත්වය දෙමින් සේවය කරනු ලැබුවා.කෙසේ වෙතත් මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති තනතුර,තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති තනතුර,නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සභාපති තනතුර රේ විජේවර්ධනයන්ට මෙරටදී හිමිවුණු ප්‍රධාන තනතුරු කිහිපයක් ලෙසින් දක්වන්නට පුළුවන්. ඒ වගේම තමයි පොල් පර්යේෂණ ආයතනය,සුනිත්‍ය බලශක්තිය අධිකාරිය,ජාතික විද්‍යා සභාව හා ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය ඔහු සේවය සැප වූ තවත් ආයතන කිහිපයකි.මේ අනුව පිලිප් රේවත විජේවර්ධන හෙවත් රේ  විජේවර්ධනයන් ලංකාවට කීර්තියක් අත්කර දුන් අසහාය අපූරු මිනිසෙකි.

10 comments: