Pages

Sunday, January 18, 2026

විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයා - "මොහොමඩ් අලී"

                                                   


      "1974 ඔක්තෝම්බර් 30 වෙනිදා බොක්සිං මැච් එකක් තියෙනවා.බොක්සිං මැච් එක තියෙන්නෙ එක පැත්තක George Foreman ඉන්නවා.ඒ වෙද්දි හිටපු හොදම Boxer.එකම එක මැච් එකක්වත් පැරදිලා නෑ.අනිත් පැත්තෙ Cassius Marcellus Clay Jr.අවුරුදු 32 යි.Matches කීපයක් එක දිගට පැරදිලා.ඉතින් හැමෝම කියනවා මේ තමයි Cassius Marcellus Clay Jr ගේ අන්තිම මැච් එක.මේ මැච් එක පැරදුනාට පස්සෙ එයා ආපහු බොක්සිං ගහන එකක් නෑ කියලා.මැච් එක පටන් ගන්නවා.පලවෙනි මැච් එකේදී George Foreman , Cassius Marcellus Clay Jr ට හොදටම ගහනවා.දෙවෙනි රවුන්ඩ් එකෙත් එහෙමයි.තුන්වෙනි Round එකෙත් එහෙමයි.ඔය විදියට Round 08 ක් යනවා.ඒ Round 08 දී ම Cassius Marcellus Clay Jr. කරන්නේ අර Rope එකේ Leave වෙවී Leave වෙවී දැලේ එල්ලි එල්ලි ඉන්න එක.ඒක ඊට පස්සෙ කියනවා Rope a Dope කියලා.එහෙම දැලේ එල්ලි එල්ලි ගුටි කකා හිටපු Cassius Marcellus Clay Jr. 08 වෙනි Round එකේදී George Foreman ව Knock Down කරනවා.මේ Cassius Marcellus Clay Jr. ව ලෝකේ දන්නේ මොහොමඩ් අලී කියලා.Greatest Boxer of all time.ඔයා යන්නෙත් ජීවීතේ අමාරු තැනක නම් හැමෝම කියනවා නම් ඔයාටත් Comeback කරන්න බෑ කියලා මේ කතාව මතක තියගන්න."                                                                                                                                                                                                             -copied-                                                                                                                                                                                                                                                                                                                                                              Muhammed Ali

සමේ පැහැය නිසා ඔබට පිපාසය නිවා ගැනීමට ඇති අයිතිය පවා අහිමි වේ නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.අප ජීවත්වන ලෝකයේ එවැනි ඉතිහාසයක් තිබුණා.එකල කළු ජාතිකයින්ව හැඳින්වුණේ සුදු ජාතිකයන්ට ආවතේව කළ යුතු සේවකයන් ලෙසයි.සුදු ජාතිකයන් විසින් පරිහරණය කරන කිසිදු සැපතක් කළු ජාතිකයන්ට උරුම වුණේ නැහැ.Cassius Clay නම් දරුවා ඇමරිකා එක්සත් ජනපදයේ උපත ලබන්නේ එවැනි අවාසනාවන්ත තත්ත්වයකදීය.එහිදී විඳින්නට සිදුවූ නොයෙක් දුක්ගැහැට නිසා ඔහුට සවිමත් සිතක් තිබුණා.එක් දිනක් ඔහුට පිපාසයක් දැනී ඔහු ඔහු වෙළඳ සලක කරාමයකින් වතුර බොන්නට සැරසුණා.සුදු ජාතිකයන් ඔහුට ජලය පානය කරන්නටවත් අවස්ථාව ලබා දුන්නේ නැහැ.එදින ඒ කුඩා දරුවා අධිෂ්ඨානයක් ඇති කරගත්තා.සුදු ආධිපත්‍ය මැද කැපී පෙනෙන කළු ජාතිකයෙක් ලෙස කෙදිනක හෝ තම ජීවිතයේ ඔසවා ගැනීමට එදා ඔහු ඇතිකරගත් අධිෂ්ඨානය වසර කිහිපයක් ඇතුළතදී යථාර්ථයක් බවට පත්වුණා.පසුව ඒ  අධිෂ්ඨානශීලී තරුණයා තමන්ට කළු ජාතිකයෙකු ලෙස නොලැබුණු පරප්‍රසාද දිනා ගැනීමට කළු මුස්ලිම් සංවිධානයට බැඳුණා.Cassius Clay ගේ නම මොහොමඩ් අලී වූයේ ඉන් පසුවය.

Cassius Marcellus Clay Jr. 1942 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටගේ ජනපදයේය.ඔහුගේ පෙළපත කළු වහල් පරපුරකින් පැවත එන්නක්.ඔහුගේ පියා ප්‍රචාරණ දැන්වීම් අඳින්නෙක්.මව නිවසක මෙහෙකාරියක්.ඒ නිසා කුඩා කල සිටම ජීවිතයේ බර ඔහුට දැනුනා.ඉන් ඔහු ශක්තිමත් වුණා.දිනක් වයස අවුරුදු දොළහේදී  ඔහුගේ පාපැදිය සොරාගන්නට තැත් කළ සොරෙකු හා වාදයක පැටලී සිටිනු එම ප්‍රදේශය පොලිස් නිලධාරියකු දුටුවා.ඔහු සොරාට තදින් බැණ වදිමින් සිටියා.ඔහු පැවසුවේ සොරාව උස්සා පොළොවේ ගසන බවයි.කුඩා දරුවෙකු වුවත් මේ දරුවාට දැඩි ආත්ම විශ්වාසයක් ඇති බව හඳුනාගත් පොලිස් නිලධාරී ජෝ මාටින් ඔහුට බොක්සිං ක්‍රීඩාව ඉගෙන ගැනීමට ආරාධනා කළා.පුහුණුවීමෙන් අනතුරුව 1954 දී සිය පළමු ආධුනික බොක්සිං තරඟයට සහභාගී වූ ඔහු වසර හයක්ම කෙන්ටගේ ජනපදයේ Golden Gloves ශූරයා වුණා.ජාතික මට්ටමේ Golden Gloves ශූරතා දෙකක්ද තමන් සතු කර ගත් 18 හැවිරිදි Clay ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබුවා.1960 වසරේ රෝමයේදී පැවති olympic උළෙලේදී රන් පදක්කම දිනා ගැනීමට මොහු සමත් වුණා.ඉන් ඔහු ගැන වැඩි කතාබහක් ඇති වුණත් වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු වී තම ඉලක්කයට යෑම එතරම් පහසු වුණේ නැහැ.ජයග්‍රහණයෙන් පසුව සිය රට බලා පැමිණි ඔහු ආපනශාලාවක රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කළත් ඔහුට ලැබුණු පිළිතුර වුණේ එය ආපනශාලාව සුදු ජාතිකයන්ට පමණක් වෙන් වුණු බවයි.ඉන් කෝපයට පත්වුණු ඔහු සුදු ජාතික කල්ලියක් සමඟ මුෂ්ටි සටනකට පවා ගියා.කළු ජාතිකයෙකු ලෙස තමන්ට ජීවත් වීමේ නිදහස අහිමි වීමේ පීඩනය සෑම වේලාවකම ඔහු තුළින්  පිටාර ගැලුවා.ඒත් ඔහු දිගටම බොක්සිං ක්‍රීඩාවේ නිරත වුණා.1960 දී සිය මංගල වෘත්තීය බොක්සිං ක්‍රීඩාවට සහභාගි වූ Clay එය වට හයකදී ජයග්‍රහණය කළා.පළමු වෘත්තිය සටන් දහනමයෙන් දහනමයම ඔහු විසින් ජය ගත්තේ ඉන් පහළොවක් Knockout ආකාරයෙන් අවසන් කරමින්.ඒ වනවිට පීඩාවට පත්වී සිටි කළු ජාතිකයන්ව මුස්ලිම් ආගමට බඳවා ගැනීමේ ව්‍යාපාරයක් තිබුණා.ඔවුන් Nation of Muslim නම් සංවිධානයක් පිහිටුවාගෙන සුදු ජාතික ආධිපත්‍යයට එරෙහිව සටන් වදිමින් සිටියා.1961 වසරේදී Cassius Clay මුස්ලිම් ආගම වැළඳ ගත්තා.ඔහු සිය නම මොහොමඩ් අලී(Muhammad Ali) ලෙස වෙනස් කරගත්තේ ඉන් යම් කාලයකට පසුවයි.නම වෙනස් කර ගැනීමෙන් පසුව ඔහු තමන්ට clay ලෙසින් අමතනවාට පවා ප්‍රිය වූයේ නැහැ.මේ අතරතුර අලී වඩාත් ප්‍රකට වුණේ වේගයෙන් වචන කියන තරගකරුවකු වශයෙන් බොක්සිං තරග වලට පෙර පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවලදී ඔහු ප්‍රතිවාදීන් ගැන උසුලු විසුලු කරන්නටත් ඔවුන්ට දැඩි වාග් ප්‍රහාර එල්ල කරන්නටත් වුනා.1963 වන විට sonny liston , heavy weight බොක්සිං ශූරයාව සිටියා.ඔහු ප්‍රසිද්ධව තිබුණේ පාතාලයට සම්බන්ධ ඉතා දරුණු බොක්සිං ශූරයෙකු ලෙසයි. එහෙත් heavy weight කිරුළට අභියෝග කිරීමේ වරම දිනා සිටි අලී හැඳින්වූයේ කැත තඩි වලසෙකු ලෙසයි.ඒත් මාධ්‍ය වලින් කියවුනේ liston ට එරෙහිව අලීට අවස්ථාවක් නොමැති බවයි. 1964 වසරේදී liston ට එරෙහිව අලී බොක්සිං තරගයකට පිවිසුණේ heavy weight කිරුළ වෙනුවෙන්.පළමු වටේදීම liston විසින් අලීට දරුණු පහරවල් එල්ල කරන්නට වුණේ තරහින් මෙනි.එහෙත් අලී ගේ වේගය එනම් පහරවල් වළක්වා ගැනීමේ වේගය නිසා liston ට අලී ව තම පහරවල් වලට නතුකර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.තෙවැනි වටයේදී ඉක්මන් වූ මොහොමඩ් අලී වේගවත් පහර සංකලනයක් එල්ල කරා.Liston ගේ මුහුණේ කැළලක් ඇතිවුණා.Sonny Liston ගේ බොක්සිං දිවියේදී ඔහුගේ මුහුණේ කැළලක් ඇතිවූ පළමු අවස්ථාව එය වුණා.ඊට සාත්තු කළ Liston ගේ කෝණයේ කාර්ය මණ්ඩලය විසින් භාවිත කළ යම් ආලේපනයක් නිසා අලී ට යම් ගැටලුවකට මුහුණ පාන්නට සිදුවුණා.අලී ගේ දෑස්වල දැවිල්ලක් හටගෙන තිබුණා.අලී තම කෝණයේ සිටි පුහුණුකරුවන ඇන්ජලෝ දිහාට පැමිණ පැවසුවේ තම අත් වැසුම් ගලවා තරගයට පැමිණ තරගය අවසන් කරන ලෙසයි.ඒත් පුහුණුකරුවෝ ඊට විරුද්ධ උනා.පස්වෙනි වටේදී කඳුළු සලමින් තරග වැදුණු අලී හරියට ප්‍රතිවාදියාව දැකගත නොහැකිව අපහසුතාවයකට ලක්වුණා.එහෙත් කඳුළු සහ දහඩියේ පිහිටෙන් ඔහුගේ දෑස් පැහැදිලි වන්නට වුණා.අලී ලිස්ටන් හට වේගයෙන් පහර දෙන්නට වුණා.සයවැනි වටය සම්පූර්ණයෙන්ම අලීට නතු උනා.එම වටයේ විවේකයෙන් පසුව ලිස්ටන් හට නිසි කාලයේ දී නැවත තරගයට පැමිණීමට නොහැකි වුණා.එම නිසා තරගය අලී හට හිමිවූ අතර පළමු වරට ඔහු heavy weight ශූරතාවය දිනා ගත්තා.ජයග්‍රහණයෙන් පසුව බොක්සිං වළල්ලේ කොණට ගිය අලී මාධ්‍යකරුවන් වෙත පැවසුවේ "උබලගෙ වචන කාපල්ලා.මමයි ශේෂ්ඨතමයා.මම ලෝකේ හෙල්ලුවා."යනුවෙනි.ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 22 ක් පමණයි.1965 දී ලිස්ටන් සහ අලී අතර දෙවැනි තරගයකුත් පැවැත්වුණා.ඒ වන විට අලී ට තිබූ Hernia තත්ත්වය හේතුවෙන් ඔහුව ශල්‍යකර්මයකට ලක් කර ගතවී තිබුණේ මාස  06 ක් පමණයි.එහෙත් මිනිත්තු දෙකක් පමණ ඇතුළත ලිස්ටන් ව බිම හෙලූ අලී තරගය ජයගත්තා.ඔහුගේ ශූරතාවයට මීළග අභියෝගය පැමිණියේ ඉතිහාසගත heavy weight ශූරයෙකු වන Floyd Patterson ගෙන්.ඔහු මාධ්‍ය මගින් දිගින් දිගටම අලී ට උසුළු විසුළු කලා.ඔහු අලී ව ඇමතුවේ cassius clay යනුවෙනි.වට 12 ක තරගය technical knockout ආකාරයෙන් ජයගැනීමට අලී සමත් වුණා.ඒ වන විට ලෝක බොක්සිං සමුළුවේ heavy weight ශූරයා වූ Ernie Terrell ට එරෙහිව මොහොමඩ් අලී සටන් වැදුණේ 1967 දී.Terrell වසර 5 ක දී අප්රාජිතව සිටියා. එබැවින් එම සටන හැදින්වුණේ අලීට එතරම් පහසු නොවනු ඇති බවයි.පූර්ව මාධ්‍ය හමු වලදී ටෙරල්, මොහොමඩ් අලීව හැදින්වූයේ cassius clay ලෙසින්.තමන් cassius clay නොවන බවත් තමන් මොහොමඩ් අලී බවත් අලී කීපවරක්ම ඔහුට පැවසුවා.එහෙත් ටෙරල් දිගින් දිගටම අලී ව කෝප ගන්වමින් සිටියා.ටෙරල්ට එරෙහිව වධ හිංසා පමුණුවා පරාජය කරන බව අලී පැවසුවා.තරගය ඇරඹුනා.වට 07 ක් ම තරගය ලේ හැලෙමින් පහර හුවමාරු වෙමින් පැවතුණා.එහෙත් එම වටය වන විට ටෙරල් ගේ බල බිදී ඇති බව පෙනුනා.අට වැනින්වටයේදී අලී තමන් පැවසූ දේ සිදු කළා."මගේ නම මොකක්ද කියපන්."කියමින් ටෙරල්ට පහර එල්ල කරන්නට වුණා.අලී knockout කිරීමකින් තොරව ටෙරල් ට අනුකම්පාවකින් තොරව පහර දුන්නා.වට 15 ක දී අලී විසින් තරගය ජය ගත්තා.එදා සිට කිසිදු ප්‍රතිවාදියෙකු ටෙරල් තරම් අලීගේ නම උසුළු විසුළු වලට යොදාගත්තේ නැහැ.යම් හේතූන් නිසා ඔහුට අවුරුදු 03 ක තරග තහනමක් පැනවෙනවා.ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 25 ක් වුණා.

නැවත බොක්සිං තරග කටයුතු වල නියැලීමට ඔහුට අවස්ථාව හිමිවුණා.තරග තහනමද ඉවත් වුණා.ඉන් අනතුරුව ඔහු ඔහුගේ බොක්සිං වෘත්තිය ජීවීතයේ පළමු පරාජය Joe Frazier සමග සිදු වූ සටනේ දී අත්වින්දා.නමුත් නැවත ඔවුන් දෙදෙනා හා පැවැත්වූ තරගයේදී අලී ජයග්‍රහණය කිරීමෙන් පසු මොහොමඩ් අලී George Foreman සමග තරග කිරීමේ අවස්ථාව උදාකරගත්තා.George Foreman සහ Muhammad Ali අතර තරගය ඉතා විශිෂ්ට එකක්.එය පැවැත්වුණේ අප්‍රිකානු මහද්වීපයේ කොංගෝ රාජ්‍යයේදී ය.ලොව පුරා බිලියනයකට අධික ප්‍රේක්ෂකයින් පිරිසකට තරගය විවෘත වුණා.තරගයට පෙර අලීගේ හැසිරීම සුපුරුදු පරිදි සැහැල්ලු එකක් වුණා.බොක්සිං ඉතිහාසයේ බලවත්ම මුෂ්ටි ප්‍රහාරකයෙකු සේ හැදින්වෙන George Foreman ට එරෙහිව තරග වැද ජයග්‍රහණය කිරීම පිළිබඳව ඔහු සිටියේ දැඩි විශ්වාසයෙන්.කොංගෝ රාජ්‍යයේ බොහෝ වැසියන් අලී ට සහය දක්වන්නන් වුණා.Mohammed Ali කොංගෝ රාජ්‍යයේ සැරි සැරූ සෑම අවස්ථාවකදී ම අලීට ඔල්වරසන් නැගුවා.Heavy weight ශූරතා තරගය ඇරඹී පළමු වටයේදී අලී ආරක්ෂිතව foreman ගේ දෑත් වල දුර හදුනා ගෙන හොදින් එහා මෙහා ඔඅනිමින් ආරක්ෂිත වුණා.Muhammad Ali යනු ඉතාම වේගවත් පාද චලනයන් සහ ඉතාම වේගවත් දෑත් යුගලයක් සහිත බොක්සිං ක්‍රීඩකයෙක්.දෙවන වටයේ මැද භාගය වන විට අලී විසින් George Foreman ව යම් දුරකට වෙහෙසට පත්කොට තිබුනා.අඩි 6 අගල් 3 ක් උස එවකට ලොව බලවත්ම මුෂ්ටි ප්‍රහාරකයා වූ Foreman, අලීට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළත් ඒවායින් බොහෝමයක් අලීගේ ශරීරය මත පතිත වුනේ නැහැ.එක් මොහොතක අලී දැඩි අවධානමක් බාරගත්තා.ඔහු බොක්සිං වළල්ලට හේත්තු වී ලොව බලවත්ම මුෂ්ටි ප්‍රහාරකයාට පරහ දෙන්න ඉඩ ලබදුන්නා.ඒ මොහොතේ දී බොහෝ දෙනා සිතුවේ තරගය පාවා දී ඇති බවයි.එහෙත් ඒ වන විට George Foreman ගේ බලවත් පහරවල් ඒ වන විට දුබලව තිබුනේ අලීව හඹා යන ඔහු වෙහෙසට පත්වී සිටි නිසයි.පසුකාලීනව George Foreman එම තරගය පිළිබඳව සිය අදහස් මෙසේ පළ කොට තිබුනා."07 වෙනි වටය වෙනකම් මං හිතාගෙන හිටියේ අලී කියන්නෙ තවත් එක Knockout එකක් විතරයි කියලා.මම ඔහුගේ හක්කට පහර දෙන විටත් ඔහු මගේ කනට කෙදිරුවෙ උබට ගහන්න පුළුවන් ඔච්චරද George? කියලයි.එතකොට මම තේරුම් ගත්තා ඒ මම දේ නෙවෙයි කියලා."Foreman පරදවා දෙවෙනි වරටත් අලී heavy weight කිරුළ දිනා ගත්තා.එවැනි කාලයක දී heavy weight කිරුළ හෙබවීම ශ්‍රේෂ්ඨ වන්නේ එම කාලය සොනී ලිස්ටන්,George Foreman,ජෝ ෆ්‍රේසර්,කෙන් නෝඩ්න්,පැටර්සන්,... වැනි දක්ෂ Heavy weight බොක්සිං ශූරයන් රැසක් ක්‍රියාකාරිව සිටි කාලයක් නිසයි.කාලයක් යත්ම අලී ඉතිහාසයේ heavy weight ශූරතාව තෙවරක් දිනා ගත් ලොව පළමු බොක්සිං ක්‍රීඩකයා බවට පත්වුණා.මොහොමඩ් අලී තම වෘත්තීය බොක්සිං ජීවීතයේ දී සටන් වැදුන් සටන් 56 තුළින්ම පරාජය වී ඇත්තේ සටන් 05 ක් පමණි.ජයග්‍රහණයන් 51 ම ලබා ගත් අලී ඉන් 37 ක් ම ලබා ගත්තේ knockout ආකාරයෙනි.ඔහු වසර 07 ක් පුරාවට ලොව heavy weight බොක්සිං ශූරයා වුණා.2016 ජුනි මාසයේ දී Muhammad Ali මියගියේ අවුරුදු 74 ක දිවි ගමන අවසන් කරමින්.

9 comments: