Pages

Tuesday, January 27, 2026

ලෝකයම හිනැස්සූ හිනාවේ අයිතිකාරයා - චාලි චැප්ලින් (Charlie Chaplin )

 



"ඇමරිකාවේ Hollywood වල හිටපු සුපිරිම නළුවෙක් 1952 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා Queen Elizabeth කියන Cruise Liner එකට නගිනවා Newyork වල ඉදන් London වලට යන්න.මේ විදිහට නැව් නගින්නේ Europe වල එයාගේ Film එකක Movie Premiere එකකට.එයාට ඕන වෙන්නෙ ආපහු ඇමරිකාවට එන්න.හැබැයි මෙන්න මේ Cruise Liner එක සාගරය මැද්දෙ ගමන් කර කර ඉන්නකොට ඇමරිකාවේ Attorney General , Issue කරනවා නිවේදනයක් මේ නළුවාට ආපහු ඇමරිකාවට එන්න බැරි වෙන්න.එක නිවේදනයකින් මේ Film Star ගේ මුළු Hollywood Career එකම ඉවර වෙනවා.අවුරුදු 40 ක් එයා Film හදපු රටේ ආයේ කවදාවත් එයාට Film හදන්න වෙන්නේ නෑ.Pinnacle එකේ හිටපු මනුස්සයෙක් බිංදුවටම ඇදවැටෙනවා.හැබැයි එයාට මොනවා නැති වුනත් අවුරුදු ගානක් තිස්සෙ මහන්සි වෙලා එයා හදපු කීර්ති නාමය එයාට නැතිවෙන්නෙ නෑ.අවුරුදු 20 ක ට පස්සෙ ඒ කීර්ති නාමය මුළු ලෝකය පුරාම යශෝරාවයක් වගේ පැතිරිලා යනවා.ඒකට ගරු කිරීමක් විදිහට Academy Awards වලින් 1972 අගෝස්තු 10 වැනිදා එයාට Honorary Award එකක් දෙන්න එන්න කියනවා.මේ නළුවා තමන්ගේ සම්මානය ගන්න Stage එකට නගිනවා.රැස්ව සිටිය හැමෝම නැගිටලා එක විනාඩියක් නෙවෙයි විනාඩි දෙකක් තුනක් නෙවෙයි විනාඩි 12 ක් පුරාවටම එක දිගට මේ නළුවාට අත්පුඩි ගහනවා.ඒක තමයි Longest Standing Ovation එක මුළු ඉතිහාසයේම Oscar සම්මාන උළෙලක කිසියම් නළුවෙක්ට ලැබුණු.ඒ නළුවාගේ නම චාලි චැප්ලින් (Charlie Chaplin ).ඔයාගේ කිසිම වැරැද්දක් නැතුව මහන්සි වෙලා හදාගත්ත ඔක්කොම දේවල් එක රැයකින් ඔයාට නැතිවෙන්න පුළුවන්.හැබැයි ඉවසගෙන ඉවසගෙන ඉන්න.කවදාහරි දවසක මිනිස්සු නැගිටලා ඔයාට අත්පුඩි ගහන දවසක් එනවා එනවා එනවාමයි."
                                                                                                                                   -copied-

  • චාලි චැප්ලින්ගේ ජීවිතය

චාලි චැප්ලින් කියන චරිතය ගැන අහලා නැති කෙනෙක් ලෝකෙම නැති තරම්.බොහෝ දෙනෙක් පවසන විදියට නම් ප්‍රහසන කලාවේ king තමයි චාලි චැප්ලින් කියලා කියන්නේ.මිනිස්සු කොච්චර හිනාගැස්සුවත් චාලි චැප්ලින්ගේ ජීවිත කතාව ගොඩාක් දුක හිතෙන එකක්.1889 දී තමයි චාලි චැප්ලින් මෙලොව එළිය දකින්නේ.නමුත් චාලි චැප්ලින්ට වයස අවු.2 ක් වෙනකොට තාත්තා ඔවුන්ව දාලා යනවා.ඒ නිසාම අම්මත් එක්ක පුංචි කාලේ ඉදලම කෝච්චි station වල සින්දු කියලා සල්ලි හොයන්න චාලි චැප්ලින්ට සිදුවෙනවා.නමුත් එහෙම සල්ලි හොයන්න වුණේ ටික කාලයයි.මානසික ප්‍රශ්නයක් නිසා අම්මට පිස්සු හැදෙනවා.මේ හේතුව නිසාම තමන්ගේ තාත්තා ලගට යන්න චාලි චැප්ලින්ට සිද්දවෙනවා.චාලි චැප්ලින්ගේ තාත්තා ගොඩාක් බීමට ඇබ්බැහි වුනු පුද්ගලයෙක්.ඒ නිසාම තාත්තා පුතාව රගපාන්න දාලා සල්ලි හොයාගෙන ඒකෙනුත් බොන්න පටන් ගන්නවා.කොහොම වුණත් තවත් ටික කාලයක් ගත වුණාට පස්සෙ චාලි චැප්ලින්ගේ පියාත් මිය යනවා.ඒ අධික බීමත්කම නිසාමයි.මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නු චාලි චැප්ලින් අවසානයේ දී තනිවෙනවා.

චාලි චැප්ලින්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ 1910 දී නාට්‍ය කණ්ඩායමක් සමග ඇමරිකාවට යාමත් සමගයි.ඊට පස්සේ චාලි චැප්ලින්ට රගපාන්න අවස්ථාව ලැබෙනවා.ඒත් එක්කම චාලි චැප්ලින් ජනප්‍රිය වෙන්නත් පටන් ගන්නවා.මේ හේතූන් නිසාම ඔහුට හොදින් මුදල් උපයන්න පුළුවන් වෙනවා.මේ නිසාම සතුටින් ජීවත් වෙන්න කියලා හිතාගෙන චාලි චැප්ලින් 1918 දී විවාහ වෙනවා.ඒත් විවාහය නිසා සතුටින් ඉන්න චාලි චැප්ලින්ට බැරි වෙනවා.අවුරුදු 2 ක් වැනි කෙටි කාලයකින් ඔහු දික්කසාද වෙනවා.ඊට පස්සෙ චාලි චැප්ලින් තවත් විවාහයක් කරගන්නවා.ඒ විවාහයත් ඉතාමත්ම අසාර්ථක වෙනවා.ඊට පස්සෙ තුන්වෙනි විවාහයකුත් කරගන්නවා.ඒ විවාහයත් ඉවර වෙන්නේ දික්කසාදයකින්.ඉන්පසු චාලි චැප්ලින් විසින් හතරවෙනි විවාහයත් සිදු කර ගන්නවා.ඉතිම් හතරවෙනි විවාහයේදී තමයි චාලි චැප්ලින්ට සුදුසු සහකාරියව හම්බෙන්නෙ.විවාහ තුනක් අසාර්ථක ලෙස පවුල් ජීවිතය ගෙවපු චාලි චැප්ලින් ඉන් පසු සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න පටන් ගන්නවා.නමුත් චාලි චැප්ලින්ගේ ප්‍රශ්න එතනින් නවතින්නේ නැහැ.ඔහු කොමියුනිස්ට් ත්‍රස්තවාදියෙක් කියලා ඇමරිකාව ඔහුට චෝදනා කරනවා.ඒ නිසාම 1952 අවුරුද්දේ දී ඇමරිකාව අතහැරලා දාලා ස්විස්ටර්ලන්තයට යන්න චාලි චැප්ලින්ට සිදුවෙනවා.

කොහොම නමුත් 1952 වසරේ තමන්ගේ රටින් පන්නලා දාපු චාලි චැප්ලින්ට 1972 වසරේ දී ඇමරිකාවම කතා කරලා ලොකු සම්මානයක් ලබා දෙනවා.ඒ සම්මානය ඔහුට ලබා දෙන්නේ හොදම ප්‍රහසන නළුවා විදියට.ඒ වගේම ඇමරිකාවේ ජීවත් වෙන්න කියලා ඔහුට ආරාධනාවකුත් කරනවා.නමුත් චාලි චැප්ලින් විසින් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා නැවත ස්විස්ටර්ලන්තයට යනවා.එක් අවස්ථාවකදී මාධ්‍යවේදියෙක් ඔබ ඇයි නිතරම මිනිස්සුන්ව හිනාගස්සන්නේ කියලා ප්‍රශ්නයක් විමසලා තියෙනවා.ඉතින් ඒ ප්‍රශ්නයට චාලි චැප්ලින් හරි අපූරු උත්තරයක් ලබා දීලා තියෙනවා.ඒ උත්තරය තුළ අන්තර්ගත වෙන්නෙ ඔහු කුඩා කාලය ගොඩාක් දුකින් ගත කළ බවත් ඔහුට සිනාවෙන්න අවස්ථාවක් නොලැබුණු බවත් ය.ඒ නිසා ලොකු වෙලා මුළු ලෝකයම හිනාගස්සවන්න ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා.

කොහොමනමුත් විවිධාකාරයේ ප්‍රශ්න නිසාවෙන් ජීවිතයම එපා වෙලා ඉන්න අයට චාලි චැප්ලින්ගෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුලුවන්.ප්‍රශ්න ගැනම හිත හිතා ඉන්නෙ නැතුව සතුටින් ඉන්න එක ගැනත් පොඩ්ඩක් හිතන්න.ඒ වගේම චාලි චැප්ලින් කියන්නේ නළුවෙක් විතරක්ම නෙවෙයි.චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්.ඒ වගේම ලේඛකයෙක්.1977 වර්ෂයේ දී මේ අසහාය නළුවා මිය යන්නේ චාලි චැප්ලින් නාමය සිනමා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කරමින්.

Tuesday, January 20, 2026

ඇදහිය නොහැකි අවසානයක් සනිටුහන් කළ ධාවකයා - Alphonce Felix Simbu

 

" දවස සැප්තැම්බර් 15 වැනිදා 2025. තැන ටෝකියෝ ජපානය.අවස්ථාව World Athletic Championship.එදා 42.195 km ක මැරතන් එකක් තියෙනවා.ඒ මැරතන් එකේ පැය 2යි විනාඩි 9යි තතොඅර 48 ක් ම මැරතන් එකේ ඉස්සරහින් ඉන්නෙ ජර්මන් ධාවකයෙක් ( Runner ).එයා තමයි favourite to in this game.එයාගේ නම Amanel Petros.පිටිපස්සෙන් එල්ලිලා එල්ලිලා දුවනවා ටැන්සානියානු ධාවකයෙක්.එයාගේ නම Alphonce Felix Simbu.හැබැයි මේ මැරතන් එක ඉවර වෙද්දි තත්පර 0.03 කින් Simbu දිනනවා.පැය 2 යි විනාඩි 9යි තත්පර 48 ක් පිටිපස්සෙන් එල්ලිලා දුවපු Runner අන්තිම මොහොතේ තත්පර 0.03 කින් Gold Medal එක ගන්නවා.පිටිපස්සෙන් දුවන්න.එල්ලිලා දුවන්න.අතාරින්න එපා ගේම.අවශ්‍ය වෙලාවට තත්පර 0.03 කින් ඉස්සරහට ගියත් ඇති ඔයාට ජීවිතය දිනන්න. "

                                                                                                                                                                                           - copied-

ඇල්ෆොන්ස් ෆීලික්ස් සිම්බු (Alphonce Felix Simbu)උපත ලැබුවේ  1992 පෙබරවාරි 14 වැනිදාය.ඔහු මැරතන් ක්‍රීඩාව පිළිබඳ විශේෂඥයෙකු වන ටැන්සානියානු දිගු දුර ධාවකයෙකි .ඔහු වත්මන් ලෝක මැරතන් ශූරයා වන අතර , 2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශූරතාව දිනා ගනිමින් , ලෝක ශූරතාවලියේදී හෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනාගත් පළමු ටැන්සානියානු ක්‍රීඩකයා බවට පත්විය . 

සිම්බු 2015 චීනයේ බීජිං හි පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මැරතන් ඉසව්වට සහභාගී විය.සිම්බු 2016 ගිම්හාන ඔලිම්පික් උළෙලේදී පිරිමි මැරතන් තරගයේදී ටැන්සානියාව වෙනුවෙන් තරඟ කළේය . ඔහු 2:11.15 කාලයකින් 5 වන ස්ථානයට පත්විය.සමාප්ති උත්සවයේදී ඔහු ටැන්සානියාව වෙනුවෙන් ධජය දරන්නා විය.2017 ජනවාරි 15 ​​වන දින සිම්බු 14 වන මුම්බායි මැරතන් තරගය ජයග්‍රහණය කළේය.එම වසරේම ඔහු 2017 ලෝක මලල ක්‍රීඩා ශූරතා මැරතන් තරගයේදී 2:09:51 ක කාලයක් සමඟ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.2019 දී, සිම්බු කටාර්හි දෝහා හි පැවති 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මැරතන් තරගයට සහභාගී විය.ඔහු 16 වන ස්ථානයට පත්විය. 2021 ජුනි මාසයේදී, සිම්බු 2020 ගිම්හාන ඔලිම්පික් උළෙලේදී ටැන්සානියාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත් අතර එහිදී ඔහු 2:11:35 ක කාලයක් සමඟ 7 වන ස්ථානය ලබා ගත්තේය. සිම්බු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පිරිමි මැරතන් ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තේය .2024 දෙසැම්බර් මාසයේ දී  සිම්බු වැලෙන්සියා මැරතන් තරඟයේදී 4 වන ස්ථානයට පත් වූ අතර ඔහුගේ පෞද්ගලික හොඳම කාලය 2:04:38 කින් වාර්තා කළේය.

සිම්බු 2025 බොස්ටන් මැරතන් තරඟයේදී 2:05:04 කින් දෙවන ස්ථානයට පත්විය.2025 දී ජපානයේ පැවති ලෝක ශූරතා මැරතන් තරඟයේදී ඡායාරූප-නිමා ජයග්‍රහණයක් සමඟින් පළමු ස්ථානයට පත්වීමෙන් පසු, ලෝක මැරතන් ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගත් පළමු ටැන්සානියානු ක්‍රීඩකයා බවට සිම්බු පත්විය.

Sunday, January 18, 2026

විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයා - "මොහොමඩ් අලී"

                                                   


      "1974 ඔක්තෝම්බර් 30 වෙනිදා බොක්සිං මැච් එකක් තියෙනවා.බොක්සිං මැච් එක තියෙන්නෙ එක පැත්තක George Foreman ඉන්නවා.ඒ වෙද්දි හිටපු හොදම Boxer.එකම එක මැච් එකක්වත් පැරදිලා නෑ.අනිත් පැත්තෙ Cassius Marcellus Clay Jr.අවුරුදු 32 යි.Matches කීපයක් එක දිගට පැරදිලා.ඉතින් හැමෝම කියනවා මේ තමයි Cassius Marcellus Clay Jr ගේ අන්තිම මැච් එක.මේ මැච් එක පැරදුනාට පස්සෙ එයා ආපහු බොක්සිං ගහන එකක් නෑ කියලා.මැච් එක පටන් ගන්නවා.පලවෙනි මැච් එකේදී George Foreman , Cassius Marcellus Clay Jr ට හොදටම ගහනවා.දෙවෙනි රවුන්ඩ් එකෙත් එහෙමයි.තුන්වෙනි Round එකෙත් එහෙමයි.ඔය විදියට Round 08 ක් යනවා.ඒ Round 08 දී ම Cassius Marcellus Clay Jr. කරන්නේ අර Rope එකේ Leave වෙවී Leave වෙවී දැලේ එල්ලි එල්ලි ඉන්න එක.ඒක ඊට පස්සෙ කියනවා Rope a Dope කියලා.එහෙම දැලේ එල්ලි එල්ලි ගුටි කකා හිටපු Cassius Marcellus Clay Jr. 08 වෙනි Round එකේදී George Foreman ව Knock Down කරනවා.මේ Cassius Marcellus Clay Jr. ව ලෝකේ දන්නේ මොහොමඩ් අලී කියලා.Greatest Boxer of all time.ඔයා යන්නෙත් ජීවීතේ අමාරු තැනක නම් හැමෝම කියනවා නම් ඔයාටත් Comeback කරන්න බෑ කියලා මේ කතාව මතක තියගන්න."                                                                                                                                                                                                             -copied-                                                                                                                                                                                                                                                                                                                                                              Muhammed Ali

සමේ පැහැය නිසා ඔබට පිපාසය නිවා ගැනීමට ඇති අයිතිය පවා අහිමි වේ නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.අප ජීවත්වන ලෝකයේ එවැනි ඉතිහාසයක් තිබුණා.එකල කළු ජාතිකයින්ව හැඳින්වුණේ සුදු ජාතිකයන්ට ආවතේව කළ යුතු සේවකයන් ලෙසයි.සුදු ජාතිකයන් විසින් පරිහරණය කරන කිසිදු සැපතක් කළු ජාතිකයන්ට උරුම වුණේ නැහැ.Cassius Clay නම් දරුවා ඇමරිකා එක්සත් ජනපදයේ උපත ලබන්නේ එවැනි අවාසනාවන්ත තත්ත්වයකදීය.එහිදී විඳින්නට සිදුවූ නොයෙක් දුක්ගැහැට නිසා ඔහුට සවිමත් සිතක් තිබුණා.එක් දිනක් ඔහුට පිපාසයක් දැනී ඔහු ඔහු වෙළඳ සලක කරාමයකින් වතුර බොන්නට සැරසුණා.සුදු ජාතිකයන් ඔහුට ජලය පානය කරන්නටවත් අවස්ථාව ලබා දුන්නේ නැහැ.එදින ඒ කුඩා දරුවා අධිෂ්ඨානයක් ඇති කරගත්තා.සුදු ආධිපත්‍ය මැද කැපී පෙනෙන කළු ජාතිකයෙක් ලෙස කෙදිනක හෝ තම ජීවිතයේ ඔසවා ගැනීමට එදා ඔහු ඇතිකරගත් අධිෂ්ඨානය වසර කිහිපයක් ඇතුළතදී යථාර්ථයක් බවට පත්වුණා.පසුව ඒ  අධිෂ්ඨානශීලී තරුණයා තමන්ට කළු ජාතිකයෙකු ලෙස නොලැබුණු පරප්‍රසාද දිනා ගැනීමට කළු මුස්ලිම් සංවිධානයට බැඳුණා.Cassius Clay ගේ නම මොහොමඩ් අලී වූයේ ඉන් පසුවය.

Cassius Marcellus Clay Jr. 1942 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටගේ ජනපදයේය.ඔහුගේ පෙළපත කළු වහල් පරපුරකින් පැවත එන්නක්.ඔහුගේ පියා ප්‍රචාරණ දැන්වීම් අඳින්නෙක්.මව නිවසක මෙහෙකාරියක්.ඒ නිසා කුඩා කල සිටම ජීවිතයේ බර ඔහුට දැනුනා.ඉන් ඔහු ශක්තිමත් වුණා.දිනක් වයස අවුරුදු දොළහේදී  ඔහුගේ පාපැදිය සොරාගන්නට තැත් කළ සොරෙකු හා වාදයක පැටලී සිටිනු එම ප්‍රදේශය පොලිස් නිලධාරියකු දුටුවා.ඔහු සොරාට තදින් බැණ වදිමින් සිටියා.ඔහු පැවසුවේ සොරාව උස්සා පොළොවේ ගසන බවයි.කුඩා දරුවෙකු වුවත් මේ දරුවාට දැඩි ආත්ම විශ්වාසයක් ඇති බව හඳුනාගත් පොලිස් නිලධාරී ජෝ මාටින් ඔහුට බොක්සිං ක්‍රීඩාව ඉගෙන ගැනීමට ආරාධනා කළා.පුහුණුවීමෙන් අනතුරුව 1954 දී සිය පළමු ආධුනික බොක්සිං තරඟයට සහභාගී වූ ඔහු වසර හයක්ම කෙන්ටගේ ජනපදයේ Golden Gloves ශූරයා වුණා.ජාතික මට්ටමේ Golden Gloves ශූරතා දෙකක්ද තමන් සතු කර ගත් 18 හැවිරිදි Clay ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබුවා.1960 වසරේ රෝමයේදී පැවති olympic උළෙලේදී රන් පදක්කම දිනා ගැනීමට මොහු සමත් වුණා.ඉන් ඔහු ගැන වැඩි කතාබහක් ඇති වුණත් වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු වී තම ඉලක්කයට යෑම එතරම් පහසු වුණේ නැහැ.ජයග්‍රහණයෙන් පසුව සිය රට බලා පැමිණි ඔහු ආපනශාලාවක රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කළත් ඔහුට ලැබුණු පිළිතුර වුණේ එය ආපනශාලාව සුදු ජාතිකයන්ට පමණක් වෙන් වුණු බවයි.ඉන් කෝපයට පත්වුණු ඔහු සුදු ජාතික කල්ලියක් සමඟ මුෂ්ටි සටනකට පවා ගියා.කළු ජාතිකයෙකු ලෙස තමන්ට ජීවත් වීමේ නිදහස අහිමි වීමේ පීඩනය සෑම වේලාවකම ඔහු තුළින්  පිටාර ගැලුවා.ඒත් ඔහු දිගටම බොක්සිං ක්‍රීඩාවේ නිරත වුණා.1960 දී සිය මංගල වෘත්තීය බොක්සිං ක්‍රීඩාවට සහභාගි වූ Clay එය වට හයකදී ජයග්‍රහණය කළා.පළමු වෘත්තිය සටන් දහනමයෙන් දහනමයම ඔහු විසින් ජය ගත්තේ ඉන් පහළොවක් Knockout ආකාරයෙන් අවසන් කරමින්.ඒ වනවිට පීඩාවට පත්වී සිටි කළු ජාතිකයන්ව මුස්ලිම් ආගමට බඳවා ගැනීමේ ව්‍යාපාරයක් තිබුණා.ඔවුන් Nation of Muslim නම් සංවිධානයක් පිහිටුවාගෙන සුදු ජාතික ආධිපත්‍යයට එරෙහිව සටන් වදිමින් සිටියා.1961 වසරේදී Cassius Clay මුස්ලිම් ආගම වැළඳ ගත්තා.ඔහු සිය නම මොහොමඩ් අලී(Muhammad Ali) ලෙස වෙනස් කරගත්තේ ඉන් යම් කාලයකට පසුවයි.නම වෙනස් කර ගැනීමෙන් පසුව ඔහු තමන්ට clay ලෙසින් අමතනවාට පවා ප්‍රිය වූයේ නැහැ.මේ අතරතුර අලී වඩාත් ප්‍රකට වුණේ වේගයෙන් වචන කියන තරගකරුවකු වශයෙන් බොක්සිං තරග වලට පෙර පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවලදී ඔහු ප්‍රතිවාදීන් ගැන උසුලු විසුලු කරන්නටත් ඔවුන්ට දැඩි වාග් ප්‍රහාර එල්ල කරන්නටත් වුනා.1963 වන විට sonny liston , heavy weight බොක්සිං ශූරයාව සිටියා.ඔහු ප්‍රසිද්ධව තිබුණේ පාතාලයට සම්බන්ධ ඉතා දරුණු බොක්සිං ශූරයෙකු ලෙසයි. එහෙත් heavy weight කිරුළට අභියෝග කිරීමේ වරම දිනා සිටි අලී හැඳින්වූයේ කැත තඩි වලසෙකු ලෙසයි.ඒත් මාධ්‍ය වලින් කියවුනේ liston ට එරෙහිව අලීට අවස්ථාවක් නොමැති බවයි. 1964 වසරේදී liston ට එරෙහිව අලී බොක්සිං තරගයකට පිවිසුණේ heavy weight කිරුළ වෙනුවෙන්.පළමු වටේදීම liston විසින් අලීට දරුණු පහරවල් එල්ල කරන්නට වුණේ තරහින් මෙනි.එහෙත් අලී ගේ වේගය එනම් පහරවල් වළක්වා ගැනීමේ වේගය නිසා liston ට අලී ව තම පහරවල් වලට නතුකර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.තෙවැනි වටයේදී ඉක්මන් වූ මොහොමඩ් අලී වේගවත් පහර සංකලනයක් එල්ල කරා.Liston ගේ මුහුණේ කැළලක් ඇතිවුණා.Sonny Liston ගේ බොක්සිං දිවියේදී ඔහුගේ මුහුණේ කැළලක් ඇතිවූ පළමු අවස්ථාව එය වුණා.ඊට සාත්තු කළ Liston ගේ කෝණයේ කාර්ය මණ්ඩලය විසින් භාවිත කළ යම් ආලේපනයක් නිසා අලී ට යම් ගැටලුවකට මුහුණ පාන්නට සිදුවුණා.අලී ගේ දෑස්වල දැවිල්ලක් හටගෙන තිබුණා.අලී තම කෝණයේ සිටි පුහුණුකරුවන ඇන්ජලෝ දිහාට පැමිණ පැවසුවේ තම අත් වැසුම් ගලවා තරගයට පැමිණ තරගය අවසන් කරන ලෙසයි.ඒත් පුහුණුකරුවෝ ඊට විරුද්ධ උනා.පස්වෙනි වටේදී කඳුළු සලමින් තරග වැදුණු අලී හරියට ප්‍රතිවාදියාව දැකගත නොහැකිව අපහසුතාවයකට ලක්වුණා.එහෙත් කඳුළු සහ දහඩියේ පිහිටෙන් ඔහුගේ දෑස් පැහැදිලි වන්නට වුණා.අලී ලිස්ටන් හට වේගයෙන් පහර දෙන්නට වුණා.සයවැනි වටය සම්පූර්ණයෙන්ම අලීට නතු උනා.එම වටයේ විවේකයෙන් පසුව ලිස්ටන් හට නිසි කාලයේ දී නැවත තරගයට පැමිණීමට නොහැකි වුණා.එම නිසා තරගය අලී හට හිමිවූ අතර පළමු වරට ඔහු heavy weight ශූරතාවය දිනා ගත්තා.ජයග්‍රහණයෙන් පසුව බොක්සිං වළල්ලේ කොණට ගිය අලී මාධ්‍යකරුවන් වෙත පැවසුවේ "උබලගෙ වචන කාපල්ලා.මමයි ශේෂ්ඨතමයා.මම ලෝකේ හෙල්ලුවා."යනුවෙනි.ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 22 ක් පමණයි.1965 දී ලිස්ටන් සහ අලී අතර දෙවැනි තරගයකුත් පැවැත්වුණා.ඒ වන විට අලී ට තිබූ Hernia තත්ත්වය හේතුවෙන් ඔහුව ශල්‍යකර්මයකට ලක් කර ගතවී තිබුණේ මාස  06 ක් පමණයි.එහෙත් මිනිත්තු දෙකක් පමණ ඇතුළත ලිස්ටන් ව බිම හෙලූ අලී තරගය ජයගත්තා.ඔහුගේ ශූරතාවයට මීළග අභියෝගය පැමිණියේ ඉතිහාසගත heavy weight ශූරයෙකු වන Floyd Patterson ගෙන්.ඔහු මාධ්‍ය මගින් දිගින් දිගටම අලී ට උසුළු විසුළු කලා.ඔහු අලී ව ඇමතුවේ cassius clay යනුවෙනි.වට 12 ක තරගය technical knockout ආකාරයෙන් ජයගැනීමට අලී සමත් වුණා.ඒ වන විට ලෝක බොක්සිං සමුළුවේ heavy weight ශූරයා වූ Ernie Terrell ට එරෙහිව මොහොමඩ් අලී සටන් වැදුණේ 1967 දී.Terrell වසර 5 ක දී අප්රාජිතව සිටියා. එබැවින් එම සටන හැදින්වුණේ අලීට එතරම් පහසු නොවනු ඇති බවයි.පූර්ව මාධ්‍ය හමු වලදී ටෙරල්, මොහොමඩ් අලීව හැදින්වූයේ cassius clay ලෙසින්.තමන් cassius clay නොවන බවත් තමන් මොහොමඩ් අලී බවත් අලී කීපවරක්ම ඔහුට පැවසුවා.එහෙත් ටෙරල් දිගින් දිගටම අලී ව කෝප ගන්වමින් සිටියා.ටෙරල්ට එරෙහිව වධ හිංසා පමුණුවා පරාජය කරන බව අලී පැවසුවා.තරගය ඇරඹුනා.වට 07 ක් ම තරගය ලේ හැලෙමින් පහර හුවමාරු වෙමින් පැවතුණා.එහෙත් එම වටය වන විට ටෙරල් ගේ බල බිදී ඇති බව පෙනුනා.අට වැනින්වටයේදී අලී තමන් පැවසූ දේ සිදු කළා."මගේ නම මොකක්ද කියපන්."කියමින් ටෙරල්ට පහර එල්ල කරන්නට වුණා.අලී knockout කිරීමකින් තොරව ටෙරල් ට අනුකම්පාවකින් තොරව පහර දුන්නා.වට 15 ක දී අලී විසින් තරගය ජය ගත්තා.එදා සිට කිසිදු ප්‍රතිවාදියෙකු ටෙරල් තරම් අලීගේ නම උසුළු විසුළු වලට යොදාගත්තේ නැහැ.යම් හේතූන් නිසා ඔහුට අවුරුදු 03 ක තරග තහනමක් පැනවෙනවා.ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 25 ක් වුණා.

නැවත බොක්සිං තරග කටයුතු වල නියැලීමට ඔහුට අවස්ථාව හිමිවුණා.තරග තහනමද ඉවත් වුණා.ඉන් අනතුරුව ඔහු ඔහුගේ බොක්සිං වෘත්තිය ජීවීතයේ පළමු පරාජය Joe Frazier සමග සිදු වූ සටනේ දී අත්වින්දා.නමුත් නැවත ඔවුන් දෙදෙනා හා පැවැත්වූ තරගයේදී අලී ජයග්‍රහණය කිරීමෙන් පසු මොහොමඩ් අලී George Foreman සමග තරග කිරීමේ අවස්ථාව උදාකරගත්තා.George Foreman සහ Muhammad Ali අතර තරගය ඉතා විශිෂ්ට එකක්.එය පැවැත්වුණේ අප්‍රිකානු මහද්වීපයේ කොංගෝ රාජ්‍යයේදී ය.ලොව පුරා බිලියනයකට අධික ප්‍රේක්ෂකයින් පිරිසකට තරගය විවෘත වුණා.තරගයට පෙර අලීගේ හැසිරීම සුපුරුදු පරිදි සැහැල්ලු එකක් වුණා.බොක්සිං ඉතිහාසයේ බලවත්ම මුෂ්ටි ප්‍රහාරකයෙකු සේ හැදින්වෙන George Foreman ට එරෙහිව තරග වැද ජයග්‍රහණය කිරීම පිළිබඳව ඔහු සිටියේ දැඩි විශ්වාසයෙන්.කොංගෝ රාජ්‍යයේ බොහෝ වැසියන් අලී ට සහය දක්වන්නන් වුණා.Mohammed Ali කොංගෝ රාජ්‍යයේ සැරි සැරූ සෑම අවස්ථාවකදී ම අලීට ඔල්වරසන් නැගුවා.Heavy weight ශූරතා තරගය ඇරඹී පළමු වටයේදී අලී ආරක්ෂිතව foreman ගේ දෑත් වල දුර හදුනා ගෙන හොදින් එහා මෙහා ඔඅනිමින් ආරක්ෂිත වුණා.Muhammad Ali යනු ඉතාම වේගවත් පාද චලනයන් සහ ඉතාම වේගවත් දෑත් යුගලයක් සහිත බොක්සිං ක්‍රීඩකයෙක්.දෙවන වටයේ මැද භාගය වන විට අලී විසින් George Foreman ව යම් දුරකට වෙහෙසට පත්කොට තිබුනා.අඩි 6 අගල් 3 ක් උස එවකට ලොව බලවත්ම මුෂ්ටි ප්‍රහාරකයා වූ Foreman, අලීට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළත් ඒවායින් බොහෝමයක් අලීගේ ශරීරය මත පතිත වුනේ නැහැ.එක් මොහොතක අලී දැඩි අවධානමක් බාරගත්තා.ඔහු බොක්සිං වළල්ලට හේත්තු වී ලොව බලවත්ම මුෂ්ටි ප්‍රහාරකයාට පරහ දෙන්න ඉඩ ලබදුන්නා.ඒ මොහොතේ දී බොහෝ දෙනා සිතුවේ තරගය පාවා දී ඇති බවයි.එහෙත් ඒ වන විට George Foreman ගේ බලවත් පහරවල් ඒ වන විට දුබලව තිබුනේ අලීව හඹා යන ඔහු වෙහෙසට පත්වී සිටි නිසයි.පසුකාලීනව George Foreman එම තරගය පිළිබඳව සිය අදහස් මෙසේ පළ කොට තිබුනා."07 වෙනි වටය වෙනකම් මං හිතාගෙන හිටියේ අලී කියන්නෙ තවත් එක Knockout එකක් විතරයි කියලා.මම ඔහුගේ හක්කට පහර දෙන විටත් ඔහු මගේ කනට කෙදිරුවෙ උබට ගහන්න පුළුවන් ඔච්චරද George? කියලයි.එතකොට මම තේරුම් ගත්තා ඒ මම දේ නෙවෙයි කියලා."Foreman පරදවා දෙවෙනි වරටත් අලී heavy weight කිරුළ දිනා ගත්තා.එවැනි කාලයක දී heavy weight කිරුළ හෙබවීම ශ්‍රේෂ්ඨ වන්නේ එම කාලය සොනී ලිස්ටන්,George Foreman,ජෝ ෆ්‍රේසර්,කෙන් නෝඩ්න්,පැටර්සන්,... වැනි දක්ෂ Heavy weight බොක්සිං ශූරයන් රැසක් ක්‍රියාකාරිව සිටි කාලයක් නිසයි.කාලයක් යත්ම අලී ඉතිහාසයේ heavy weight ශූරතාව තෙවරක් දිනා ගත් ලොව පළමු බොක්සිං ක්‍රීඩකයා බවට පත්වුණා.මොහොමඩ් අලී තම වෘත්තීය බොක්සිං ජීවීතයේ දී සටන් වැදුන් සටන් 56 තුළින්ම පරාජය වී ඇත්තේ සටන් 05 ක් පමණි.ජයග්‍රහණයන් 51 ම ලබා ගත් අලී ඉන් 37 ක් ම ලබා ගත්තේ knockout ආකාරයෙනි.ඔහු වසර 07 ක් පුරාවට ලොව heavy weight බොක්සිං ශූරයා වුණා.2016 ජුනි මාසයේ දී Muhammad Ali මියගියේ අවුරුදු 74 ක දිවි ගමන අවසන් කරමින්.

Monday, January 12, 2026

මිලියන ගණනකගේ හදවත් හොරකම් කළ Night Bird - Jane Marczewski


 "America Got Talent කියන competition එකේ audition කරන්න 2021 ජුනි මාසේ 08 වෙනිදා stage එකට එනවා Jane Christine කියන contestant .මෙයා stage එක උඩට ආවම අහනවා judges ලා මොකක්ද අද ඔයා කරන්නේ කියලා.එයා කියනවා I'm performing my own orignal song.ඊට පස්සෙ judges ලා අහනවා මේ orignal song එක මොකක් ගැනද කියලා.එයා කියනවා මගේ stage name එක Night Bird.මං මේ සින්දුව කියන්නේ මගේ ජීවිතය ගැන කියලා.Jane කියලා කියන්නේ පිළිකා රෝගී තත්ත්වයෙන් ජීවිතයෙන් සමුගත්ත කෙනෙක්.ඇය America Got Talent වලට එද්දිත් ඇය හිටියේ stage 3 cancer patient කෙනෙක් විදියට.එයාගේ lungs වලට spine එකට Liver එකට එයාගේ cancer එක හොදටම damage කරලා තිබුනෙ.ඒ විතරක් නෙවෙයි , ජීවත් වෙන්න chance එක තිබුනෙත් 2% ක් විතරයි.මේ විදිහට cancer cells එයාගේ ඇග මැරුවට එයාගේ හීන ටික මරන්න cancer cells වලට බැරි වෙනවා.එයා එයාටම කියාගන්නවා 2% is not 0% There by I'll go and complete කියලා.Survival percentage එක 2% ක් තියාගෙන මැරෙන්න මාස 08 ක් තියාගෙන මේ කෙල්ල මේ මුළු audience එකේම හදවත් හොරකම් කරනවා.මේ මුළු audience එකම  සින්දුව ඉවර වෙද්දි හිටගෙන අත්පුඩි ගහනවා.Simon Cowell හැමෝටම එක එක දේවල් කියන judger ඇස් වල කදුළු පුරෝගෙන Golden Buzzer එක ඔබනවා.තමන්ට තියෙන හැමදේම නැතිවෙලා Survival chance එක බිංදුවටම ළං වුනත් රාත්‍රිය කොච්චර අදුරු උනත් ඒ අදුරු රාත්‍රියෙත් ගී ගයන Night Bird කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට.අන්න ඒ රාත්‍රියේදිත් ඔයාට Golden Buzzer එක ජීවිතයට ළගා කරගන්න පුළුවන් .''
                                                                      -copied-

ජේන් මාර්සෙව්ස්කි (Jane Marczewski"නයිට්බර්ඩ්" ( Nightbird ) ලෙස ප්‍රකට, America Got Talent තරඟයේදී තම බලවත් හඬින් සහ බලාපොරොත්තු සහගත පණිවිඩයෙන් ප්‍රේක්ෂකයන් ආග්‍රහණය කළ, මාරාන්තික මස්තකාලීන පිළිකාවට එක්වරම මුහුණ දුන් ගායක-ගී රචකයෙකි. "ඔබට ජීවිතය ඔබට අවශ්‍ය ආකාරයට පැමිණෙන තෙක් බලා සිටිය නොහැක... ඔබ සතුටින් සිටීමට තීරණය කළ යුතුය" යනුවෙන් ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය. ඇය සයිමන් කොවෙල්ගේ ගෝල්ඩන් බසර් සම්මානය දිනා ගත් නමුත්, 2022 පෙබරවාරි 20 වන දින 31 හැවිරිදි වියේ පසු වෙද්දී ඇය පිළිකාවෙන් මිය ගියාය. ඇගේ "It's Okay" සහ "Still Got Dreams" ගීත ඇගේ අභීත බව සහ විශ්වාසය පෙන්වන සංකේතයක් ලෙස පවතී.

  • ඇගේ ගමන සහ America Got Talent හි ජනප්‍රියත්වය
1990 දෙසැම්බර් 31 වන දින ඔහියෝ හි උපත ලැබූ ජේන් හය හැවිරිදි වියේදී ගීත ලිවීම ආරම්භ කළ අතර තරුණ කිතුනුවකු විය.ඇයට පිළිකා රෝගයෙන් දිගු ඉතිහාසයක් තිබුණා, ළමා වියේදී ලියුකේමියාවෙන් දිවි ගලවා ගත් අතර පසුව පියයුරු පිළිකා සමඟ පොරබදමින් සිටියාය, එය මෙටාස්ටේස්( metastasized )බවට පත් විය.2021 දී, ඇය America Got Talent තරඟයට සහභාගී වූයේ "It's Okay" ගීතයෙනි. ඇගේ පිළිකා තත්ත්වය හෙළි කළ ඇය, තම අභීත බව සහ සමාජ-සංස්කෘතික බලපෑමෙන් ප්‍රේක්ෂකයන් ආග්‍රහණය කළාය.

ඇගේ ප්‍රධාන පණිවිඩය වූයේ දුක් විඳීම මැද සුන්දරත්වය සහ බලාපොරොත්තුව සෙවීම, තත්ත්වයන් නොසලකා සතුටින් සිටීමට තීරණය කිරීම සහ හොඳ මිනිසුන් විශ්වාස කිරීමයි.ජේන් මාර්සෙව්ස්කි 2022 පෙබරවාරි 20 දින 31 හැවිරිදි වියේදී පිළිකාවෙන් මිය ගියාය.පවුල සහ කණ්ඩායම ඇගේ "Still Got Dreams" ගීතය ඇගේ මියයාමෙන් පසු නිකුත් කළහ. Mzansi Youth Choir සමඟ නිර්මාණය වූ මෙම ගීතය ඇගේ අභීත බව සහ සංගීතය පෙන්වන සංකේතයකි.

ඇගේ කතාව සහ සංගීතය බලාපොරොත්තුව, විශ්වාසය, සහ අභීත බවේ සංකේතයක් ලෙස ලොව පුරා මිලියන ගණනක් මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කළේය. 🌟

Saturday, January 10, 2026

අත් පා නොමැතිව මිනිසුන් මිලියන ගණනකට ආස්වාදයක් සැපයූ අපූරු මිනිසා - නික් වුජිසික්( Nick Vujicic )

                                                      

                                                                     



"ඕස්ට්‍රේලියාවේ melbourne වල boris කියන තාත්තටයි dashka කියන අම්මටයි 1982 දෙසැම්බර් 04 වෙනිදා පුංචි පුතෙක් ඉපදෙනවා.සාමාන්‍යයෙන් එහෙම පුතෙක් ඉපදුනාම ඒ රටේ අම්මලාට ගොඩාක් මල් එනවා.හැබැයි මේ අම්මට එකම එක මලක්වත් එන්නෙ නැහැ.මොකද හැමෝම හිතන්නේ මේ පුතා ලොකු අවාසනාවක් මේ පවුලට ගෙනාවා කියලයි.හේතුව මිලියන සීයකගෙන් එක්කෙනෙක්ට විතරක් වැලදෙන Tetra Amelia Syndrome කියන ලෙඩෙන් තමයි මේ පුතා ඉපදෙන්නෙ.Doctors ලා ඇවිල්ලා කියන්නේ මේ පුතාට කවම කවදාකවත් ඇවිදින්න බැරිවෙයි,සමහරවිට වැඩි කල් ජීවත් වෙන එකකුත් නෑ කියලා.එයාගේ අම්මා එයාට මුළු ලෝකෙම තරම් ආදරේ කරාට අනිත් මිනිස්සු එයාට කරුණාවන්ත වෙන්නෙ නෑ.බැරිම තැන අවුරුදු අටේ දී කදුළු පුරවගෙන ඇවිල්ලා මේ පුතා අම්මගෙන් අහනවා ඇයි අම්මේ මං මෙහෙම ඉපදුනේ කියලා.අම්මා එදා එයාට කියන්නේ I don't know why you are  born like this.but,you will help others කියලා.එයාට ඇවිදගන්න බැරි උනත් එයාට තමන්ගෙ වැඩ තනියම කරගන්න බැරි උනත් මේ අම්මගේ වචන එයාගේ ඔලුව ඇතුළෙ හැමදාම දෝංකාර දෙනවා.1999 දවසක බ්‍රිස්බේන් වල පුංචි පිරිසක් අමතලා මේ පුතා විනාඩි 5ක් කතා කරනවා.ඒ කතාවෙදි එයා කියන්නේ එයාගේ කතාව.ඒ කතාව අහන්න ඔක්කොම මිනිස්සු අඩනවා.ඒ වගේම inspire වෙනවා.මේ වගේ ඇවිදගන්න බැරි අත පය නැති කෙනෙක් කොහොමද මෙච්චර positively ජීවිතය ගැන හිතන්නෙ කියලා.මේ පුතාගේ නම Nick Vujicic.අතපය මොකක්වත් නැතිව ඉපදිලා මිනිස්සු සමච්චල් කරද්දි තමන්ගේ හිත දල්වාගෙන ආත්ම විශ්වාසයෙන් මිලියන ගාණකගේ කදුළු පිහිදන්න Nick ට පුළුවන් උනා නම් අද ඔයාට මොනවා නැති උනත් තියෙන දේවල් ගැන සතුටු වෙලා තමන්ගේ අරමුණ වෙනුවෙන් හිත දල්වගෙන වැඩ කරන්න.අන්න එදාට ඔයාගේ කදුළු විතරක් නෙවෙයි දහස් ගණනකගේ කදුළු  ඔයාට පිහිදන්න පුළුවන්."
                                                                                                                                       -copied-

  • නික් වුජිසික්ගේ මුල් අවධිය

නික් 1982 දෙසැම්බර් 4 වන දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි උපත ලැබුවේ යුගෝස්ලාවියාවෙන් පැමිණි සර්බියානු ඕතඩොක්ස් සංක්‍රමණිකයින් දෙදෙනෙකුට දාව ය. ඔහුගේ පියා බොරිස්ලාව් වුජිසික් ව්‍යාපාර කළමනාකරුවෙකු වූ අතර භක්තිමත් කිතුනුවකු ද විය. නික්ගේ මව දුසන්කා වුජිසික් මෙල්බර්න්හි රාජකීය ළමා රෝහලේ හෙද පාසලකට ගියේය. ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම මෙල්බර්න්හි පල්ලියක ඉතා ක්‍රියාශීලීව සිටියහ. නික් වුජිසික් ටෙට්‍රා-ඇමීලියා සමඟ උපත ලැබීය, එයින් අදහස් කළේ ඔහුට සම්පූර්ණයෙන්ම සෑදුණු අත් පා නොතිබූ බවයි. මුලදී, නික්ගේ මව කම්පනයට පත් වූ අතර ඔහු ඉපදුණු පසු තම පුතාව අල්ලා ගැනීම පවා ප්‍රතික්ෂේප කළ නමුත් ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම නික් ඔවුන් සඳහා දෙවියන් වහන්සේගේ සැලැස්ම ලෙස පිළිගැනීමට ඉගෙන ගත්හ.

නික්ගේ දෙමව්පියන්ගේ භක්තිමත් කිතුනුවන්ට ස්තූතිවන්ත වන්නට, අද අපට වඩාත්ම ආශ්වාදජනක කථිකයෙකු සිටී. නික්ට ඉහළ අත් පා නොමැත. ඔහුට ඉතා විකෘති වූ පාද දෙකක් ඇති අතර, ඉන් එකක් ඔහු "chicken drumstick" ලෙස හඳුන්වයි. එය කුකුළු මස් බෙරයක් මෙන් පෙනෙන නිසා ඔහු එය නම් කළේය. එම පාදයේ ඇඟිලි මුලින් ඔහු ඉපදුණු විට එකට එකතු වී තිබුණි. පසුව නික්ට එම පාදයේ ඇඟිලි වෙන් කිරීමට සැත්කමකට භාජනය වූ අතර එමඟින් නික්ට මූලික කාර්යයන් ඉටු කිරීමට හැකි විය. නික් තම ඇඟිලි මගින් වස්තූන් අල්ලා ගැනීමට, පිටු පෙරළීමට සහ විදුලි රෝද පුටුවක් පවා ක්‍රියාත්මක කිරීමට එය භාවිතා කරයි.

ඔහුගේ ළමා කාලය තුළ, නික් බොහෝ විට සියදිවි නසා ගැනීමට උත්සාහ කළ නමුත් තවමත් ඔහුගේ ළමා කාලය ඉතා ප්‍රසන්න හා පුදුම සහගත ලෙස සාමාන්‍ය බව ඔහුට මතකයි. ජංගම දුරකථන සහ පරිගණක පවා ක්‍රියාත්මක කිරීමට නික් තම ඇඟිලි භාවිතා කිරීමට ඉගෙන ගත්තේය. උසස් පාසලේ සහ විද්‍යාලයේ දී නික් සියලු හිරිහැරවලින් බේරුණේ ඔහුගේ දෙමාපියන්ගේ සහයෝගය නිසාය. නික්ට වයස අවුරුදු 17 දී, ඔහුගේ මව ඔහුට ඒ සියල්ල සමඟ කටයුතු කිරීමට සමත් වූ දැඩි ආබාධිත මිනිසෙකු පිළිබඳ ලිපියක් පෙන්වීය. නික් ආශ්වාදයක් ලබා ගත් අතර පල්ලියේ කණ්ඩායම්වල කතා කිරීමෙන් අභිප්‍රේරණ කථිකයෙකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඔහු වයස අවුරුදු 19 දී වෘත්තීය කථිකයෙකු බවට පත් වූ අතර විශාල උසකට ළඟා විය. නික් ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී උපාධියක් සහ වයස අවුරුදු 21 දී ගණකාධිකරණය පිළිබඳ ද්විත්ව ප්‍රධාන උපාධියක් ලබා ගත්තේය.වයස අවුරුදු 19 සිට, නික් ලොව පුරා විශාලතම වේදිකාවල කතා කරමින් සිටී. ඔහු සැබවින්ම අභිප්‍රේරණ කථිකයෙකි.  නික් 2005 දී " අත් පා නොමැතිව ජීවිතය " (Life Without Limbs)  නමින් සංවිධාන කිහිපයක් ආරම්භ කළේය. 2007 දී ඔහු " ආකල්පය උසයි " (Attitude is Altitude) නමින් ලෞකික අභිප්‍රේරණ කථන සමාගමක් ද ආරම්භ කළේය .2012 පෙබරවාරි 12 වන දින නික් තම පෙම්වතිය වන kanae miyahara සමඟ විවාහ වූ බැවින් ඔහුට අපූරු දිනයක් විය .kanae නික්ට මුළු හදවතින්ම ආදරය කළ අතර ඔහු ආබාධිතයෙකු වීම ගැන කමක් නැත. මෙම යුවළට ලස්සන පුතුන් දෙදෙනෙකු සිටින අතර අව්ව සහිත කැලිෆෝනියාවේ ජීවිතයක් ගත කරයි.

නික් රටවල් 78කට සංචාරය කර වේදිකා 3,500ක කතා කර ඇති අතර, 800,000ක් දක්වා ප්‍රේක්ෂකයින් වෙත ළඟා වී ඇත. හිරිහැර විරෝධී පණිවිඩ ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු අධ්‍යාපන අමාත්‍යාංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර Gen Z හි ධනාත්මක වටිනාකම් ඇති කිරීම සඳහා "Attitude Is Altitude" විෂය මාලාව නිර්මාණය කළේය.ලෝක නායකයින් 25 දෙනෙකු හමුවී මිනිස් ජාවාරමට ගොදුරු වූවන් සහ අනාථ දරුවන් බේරා ගැනීමට සහාය වීමෙන් නික් බලාපොරොත්තුවේ පණිවිඩයක් පතුරුවයි.



Friday, January 2, 2026

ආසියානු කලාපේ රටක් වුණු ලංකාවේ ඉපදුනු දක්ෂ අපූරු කොලුගැටයා - "Ray Wijewardene"

                                      


" 1924 අගෝස්තු 20 වැනිදා හරි දක්ෂ කොලු ගැටයෙක් මේ අපේ කලාපය ආසියානු රටක ඉපදෙනවා.මේ කොල්ලා පොඩි කාලේ ඉඳලම හරිම කැමතියි අලුත් experiment කරන්න.පොඩි කාලේ පැරෂුට් එකක් දැකලා අන්න ඒක experiment කරන්න ගෙදර තිබ්බ කුඩ ටිකක් අරන් දෙවැනි තට්ටුවෙන් පහළට පැනලා තාත්තගෙන් හොඳටම ගුටි කනවා.හැබැයි කොච්චර ගුටි කෑවත් අලුත් දේවල් හදන්න තියෙන ආසාව මේ කොල්ලගෙන් යන්නේ නැහැ.ඊට පස්සේ එයා දකිනව එයාගේ රටේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා ගොවිතැන් කරන්න.මෙයාට හිතෙනවා මේකට මම මොකක් හරි කරන්න ඕනේ කියලා.මේකට මෙයා experiment කරලා කරලා හොයාගන්නව රෝද දෙකේ අත් ට්‍රැක්ටරයක් 1955 දී.මොහු යනවා බලධාරීන් ගාවට මොහුගේ රටේ.'අයියෝ ඒක වැඩක් නෑ' කියලා reject කරනවා.ඊට පස්සේ එයා යනවා Manufactures ලා ලගට එයාගේ රටේ.එයාලා කියනවා 'අයියෝ මේකට market එකක් නෑ' කියලා.'මේකට නම් demand එකක් නෑ' කියලා.මේ කොල්ලා වැඩේ අතාරින්නෙ නෑ .එයාගේ  රෝද දෙකේ අත් ට්‍රැක්ටරයේ වීඩියෝ එකක් අරගෙන එයා ආපහු යනවා UK වලට.Nottingham වල තිබුනු factory එකකට ගිහිල්ලා එයා මේ වීඩියෝ එක පෙන්නනවා.ඒගොල්ලො කියනවා "මේක ශා  මරු.ලෝකෙටම අපි හදමු කියලා.මේ අත් ට්‍රැක්ටරේ හදලා මුළු ලෝකෙටම මේ කොල්ලා බෙදනවා.Asia වලට Latin America වලට Africa වලට විශේශයෙන් ම ජපානය තමයි මෙයාගේ ලොකුම market එක වෙන්නෙ.ඒ විතරක් නෙවෙයි එයාව reject කරපු එයාගෙම රට අර nottingham වල factory එකේ එයා හදන අත් ට්‍රැක්ටරේ 11,000 ක් units import කරනවා 1975 වෙනකොට.මේ රෝද දෙකේ අත් ට්‍රැක්ටරය හදපු factory යේ නම Land Master .මේ කොල්ලගේ නම "Philip Revathe Wijewardene".අපි කියන්නෙ Ray Wijewardene කියලා.එයාගේ රට වෙන මොකක්වත් නෙවෙයි,අපේ රට ශ්‍රී ලංකාව.තමන්ගේ මිනිස්සු වෙනුවෙන් දේවල් කරනකොට ඒ මිනිස්සු තම්න්ව reject කරනකොට වෙන කව්රුත් reject කරනවට වඩා ඔයාට දැනෙනවා වැඩී.වැඩේ අතාරින්න එපා.තමන්ගේ මිනිස්සු reject කරත් කවදාහරි දවසක හිතාගන්න මම ලෝකය අත්පුඩි ගහන්න පුළුවන් මනුස්සයෙක් වෙනවා කියලා.එදාට තමයි ඔයා දිනන්නෙ. "
                                                                             - copied-


ආචාර්‍ය.පිලිප් රේවත විජේවර්ධන
ලංකා ඉතිහාසය දෙස හැරී බැලීමේදී මෙරටින් බිහි වූ විශිෂ්ට පුද්ගලයන් රැසක් අපට හමුවෙනවා.නමුත් එසේ බිහි වුණු සමහර විශිෂ්ට පුද්ගලයන්ගෙන් රටට සේවයක් ලබා ගැනීමට එකල සිටි පාලකයන් උනන්දුවක් දැක්වූයේ නැහැ.ආචාර්‍ය.පිලිප් රේවත විජේවර්ධන නැතහොත් ආචාර්‍ය.රේ විජේවර්ධනයනුත් අන්න ඒ වගේ අපි අඩුවෙන්ම වැඩ ගත්ත අපේ රටේ හිටපු වටිනාම සම්පතක්.

‍රේ විජේවර්ධනයන් සුප්‍රසිද්ධ විජේවර්ධන පවුලට සම්බන්ධ කෙනෙක්.19 වන සියවසේ දී මෙරට සමාජය තුළ ඉහළින්ම වැජඹුනු විජේවර්ධන පවුල පිළිබඳව සමහර විට ඔබ අසා තියෙන්නත් පුළුවන්.එදා ධනවත් ව්‍යාපාරිකයෙක් ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධනයන්ට පුතුන් හයදෙනෙකු සහ දියණියක් සිටියා.මේ ධනවත් ව්‍යාපාරියා ඔහුගේ දරුවන්ට දොන් රිචඩ් විජේවර්ධන , දොන් චාල්ස් විජේවර්ධන , දොන් වෝල්ටර් විජේවර්ධන , දොන් පිලිප් ඇලෙක්සැන්ඩර් විජේවර්ධන , දොන් එඩ්මන්ඩ් විජේවර්ධන , දොන් ලුයිස් විජේවර්ධන , ඇග්නස් හෙලන් විජේවර්ධන යන නම් තබනු ලැබුවා.ඒ දරුවන් අතරින් දොන් එඩ්මන්ඩ් විජේවර්ධන විවාහ වුණේ කොරින් ඇමැන්ඩා ජෙනින්ස් නම් බ්‍රිතාන්‍ය ප්‍රභූ පවුලක තැනැත්තියක් සමග.ඔවුන් දෙදෙනාට ඉපදුනු පිරිමි දරුවාට ඔවුන් පිලිප් රේවත විජේවර්ධන යන නාමය තැබුවා.1924 වර්ෂයේ අගෝස්තු මස 20 වැනිදා උපත ලැබූ පිලිප් රේවත විජේවර්ධන හෙවත් රේ විජේවර්ධන කුඩා කල සිටම ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේය.ඒ වගේම ඔහුට ළමා කාලයේ සිටම ඉහළ සමාජ තලයක ජීවත් වීමටත් අවස්ථාව ලැබුණා.ඒ එවකට මෙරට ප්‍රභූ පැලැන්තියට ඇතුළත්ව සිටි ජේ.ආර්.ජයවර්ධන , රිචඩ් විජේවර්ධන , එස්මන් වික්‍රමසිංහ , විමලා විජේවර්ධන වැනි උදවිය රේවතගේ සමීපතම නෑදෑයන් වූ නිසා.

රේ විජේවර්ධනයන් ඉහළම අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයෙක්.කොළඹ කාන්‍තා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත් ඔහු පසුව ගල්කිස්ස ශාන්ත විද්‍යාලයට ඇතුළත් වුණා.ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුරදි රේවත විජේවර්ධන කැපී පෙනෙන ශිෂ්‍යයෙක් බවට පත්ව තිබුනා.ඒ නව නිර්මාණ කිරීම සදහා ඔහු තුළ තිබුනු උනන්දුව නිසා.කුඩා කල සිටම ගුවන්යානා ඒ වගේම හෙලිකොප්ටර් යානා වලට කැමැත්තක් දැක්වූ රේ විජේවර්ධනයන් ඒවා පිළිබඳව තොරතුරු සොයාගෙන කියවන්නටත් වුණා.එහිදී ඔහු වඩාත් උනන්දු වුණේ එම යානා නිපදවීම සදහා භාවිත කර තිබූ තාක්ෂණය පිළිබඳව යි.එදා ඔහු දිගින් දිගටම ගුවන්යානා පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පාසල් කාලයේදී රහසිගතව කුඩා ගුවන්යානයක් නිර්මාණය කළා.ඉගෙනීමට අති දක්ෂයෙක් වුණු රේවත් විජේවර්ධනයන් සිය පාසල් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක ලෙස නිමා කළා.ඊට පස්සේ ඔහු එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණේ ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා.කුඩා කල සිටම ඉංජිනේරුවකු වීමට සිහින දුටු රේවත විජේවර්ධනයන් කේන්ද්‍රිට විශ්ව විද්‍යාලයේදී ඉංජිනේරු ක්ෂේත්‍රයන් තුනක් පිළිබඳව ඉගෙන ගැනීමට තීරණය කරනවා.ඒ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ගගන ඉංජිනේරු විද්‍යාව සහ කෘෂි ඉංජිනේරු විද්‍යාව යන විෂය ක්ෂේත්‍රයන් තුනයි. එදා ලෝකයේ සිටි දක්ෂම ගුරුවරුන් යටතේ අධ්‍යයනය කටයුතුවල නිරත වුණු රේ විජේවර්ධනයන් ඉංජිනේරු විද්‍යාවට අදාළ මූලධර්මයන් පිළිබඳව ඉතාම හොඳ දැනුමක් ලබා ගත්තා.ඉන් සෑහීමකට පත් නොවූ රේ විජේවර්ධන එම මූලධර්මයන් ප්‍රායෝගිකව භාවිත කළ හැකි ආකාරය පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීම සිදුකළා.ඒ විදියට තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් අවසන් කළ රේවත විජේවර්ධන වරලත් ඉංජිනේරුවකු බවට පත්වුණේ කුඩා කාලයේ දුටු සිහිනයක් සැබෑ කරගනිමින්.කොහොම වුණත් ඊට පස්සේ හාවඩ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව වැඩිදුර ඉගෙනගත් රේවත බ්‍රිතාන්‍ය සහ ලංකාවේ විශ්වවිද්‍යාල වලින්ද ගෞරව උපාධි ලබා ගත්තා.

කලින් කලට ඇතිවුණු දැඩි නියඟය සහ  ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ආසියානු සහ අප්‍රිකානු රටවල ජනතාව කුසගින්නේ මිය යන ආකාරය එවකට දක්නට ලැබුණා.මේ තත්ත්වය පාලනය කිරීම සඳහා 1950 දශකයේ දී හරිද විප්ලවය නමින් වැඩපිළිවෙලක් ලෝකය පුරාම ආරම්භ වුණා.එදා හරිත විප්ලවය යටතේ වී,ඉරිඟු,තිරිඟු වැනි බෝග වගාවන් රැසක් වගා කරන බිම් ප්‍රමාණය වැඩි කිරීම සඳහාත් ඒවායේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහාත් අවධානය යොමු වුණා.කොහොම උනත් වගා කටයුතු සඳහා නව තාක්ෂණයේ යොදා ගැනීම පිළිබඳවත් එහිදී අවධානය යොමු වුණා.මේ කාල සමය වෙද්දි කෘෂි ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මනා දැනුමක් ලබාගෙන තිබුණු රේ විජේවර්ධන කෘෂිකාර්මික කටයුතු පහසු කිරීම සඳහා උපකරණයක් නිර්මාණය කිරීමට කල්පනා කරනවා.මෙහි ප්‍රතිඵලයක් විදියට 1955 වසරේදී රෝද දෙකේ අත් ට්‍රැක්ටරය කරළියට එනවා.ඒ වනවිට කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරමින් සිටි ට්‍රැක්ටර් මිලෙන් අධික වුණු අතර ඒවා නඩත්තු කිරීමටත් විශාල මුදලක් වැය වුණා.නමුත් ඔය විජයවර්ධනයන් සොයාගත් නිෂ්පාදනය කළ මෙම රෝද දෙකේ අත් ට්‍රැක්ටරය ඉතා අඩු මුදලකින් නඩත්තු කිරීමේ හැකියාව පැවතුණා.එසේම මෙම අත් ට්‍රැක්ටරය පහසුවෙන් හැසිරවීමට හැකිවීමත් අමතර වාසියක් වුණා.එදා රේ විජේවර්ධන නම් මේ ඉංජිනේරුවා සිය දැනුම භාවිත කරමින් විශිෂ්ට නිර්මාණයක් බිහි කළත් එය වාණිජව නිෂ්පාදනය කිරීමට මෙරට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ.හැබැයි තමන්ගේ උත්සාහය අත් නොහැරි මේ අපූරු මිනිසා බ්‍රිතානයේ සිටි හිතවතුන්ගේ උදව්වෙන් අත් ට්‍රැක්ටරය වාණිජව නිපදවීම සඳහා අනුග්‍රාහකයෙකු සොයනු ලැබුවා.මෙම උත්සාහය මල්ඵල ගන්වමින් මහා බ්‍රිතාන්‍යයේ නොටින් හැම් නගරයේ ලෑන්ඩ්මාස්ටර් නම් සමාගම විසින් මේ විජයවර්ධනයන්ගේ මෙම රෝද දෙකේ අත් ට්‍රැක්ටරය වානිජ වශයෙන් නිෂ්පාදනය කිරීමට කැමැත්ත පළ කළා.රෝද දෙකේ අත් ට්‍රැක්ටරය සඳහා ලැන්ඩ්මාස්ටර් නම් නාමය භාවිත කිරීමට පුරුදු වුණෙත් එදා ලෑන්ඩ්මාස්ටර් නම් සමාගම එය මුල්ම වරට වාණිජ වශයෙන් නිපදවීම ආරම්භ කළ නිසයි.ඒ අනුව වෙළඳපොළට පැමිණි මෙම ලෑන්ඩ්මාස්ටරය ලෝකයේ බොහෝ රටවල ගොවීන්ට හඳුන්වාදීමේ ක්‍රියාවලිය සඳහා රේ විජයවර්ධනයන් සම්බන්ධ වුණා.ඒ අනුව ඔහු 1960 දශකයේ දී ආසියාව , අප්‍රිකාව , ලතින් ඇමරිකාව යන කලාප වලට අයත් සුළු රටවල් වල ගොවීන්ට මේ රෝද දෙකේ අත් ට්‍රැක්ටරය හෙවත් ලෑන්ඩ්මාස්ටරය හඳුන්වා දෙමින් විශාල පෙරළියක් සිදු කරනු ලැබුවා.

1970 දශකයේ මුල් භාගයේ දී රේ විජේවර්ධන නම් මේ විශිෂ්ටයා නිවර්තන රටවල කෘෂිකර්මය පිළිබඳව විශේෂඥයෙකු ලෙසින් එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම සහ ආහාර වැඩසටහනත් සමග සම්බන්ධ වුනා.එසේම ලෝක බැංකුව හා සමග සම්බන්ධ වී කටයුතු කිරීමටත් ඔහුට අවස්ථාව හිමි වුණා.ඒ වගේම 1973 වසරේ සිට වසරකට වැඩි කාලයක් මැලේසියාවේ ක්වාලාලම්පූර් හි යාන්ත්‍රික හා ස්වයංක්‍රීය පර්යේෂණ මධ්‍යස්ථානයේ කෘෂිකාර්මික ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස රාජකාරී කිරීමේ අවස්ථාව ද හිමිවුණා.1975-1979 අතර කාල සමයේදී ඔහු නිවර්තන කෘෂිකර්මය පිළිබඳව ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරනු ලැබුවා.මේ ආකාරයට ශ්‍රී ලංකාවට ගෞරවයක් කීර්තියක් අත් කර දුන් රේ විජේවර්ධනයන් ලංකාවේ ආයතන කිහිපයක බලවත් තනතුරු රැසක තමන්ගේ දායකත්වය දෙමින් සේවය කරනු ලැබුවා.කෙසේ වෙතත් මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති තනතුර,තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති තනතුර,නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සභාපති තනතුර රේ විජේවර්ධනයන්ට මෙරටදී හිමිවුණු ප්‍රධාන තනතුරු කිහිපයක් ලෙසින් දක්වන්නට පුළුවන්. ඒ වගේම තමයි පොල් පර්යේෂණ ආයතනය,සුනිත්‍ය බලශක්තිය අධිකාරිය,ජාතික විද්‍යා සභාව හා ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය ඔහු සේවය සැප වූ තවත් ආයතන කිහිපයකි.මේ අනුව පිලිප් රේවත විජේවර්ධන හෙවත් රේ  විජේවර්ධනයන් ලංකාවට කීර්තියක් අත්කර දුන් අසහාය අපූරු මිනිසෙකි.