Pages

Monday, December 29, 2025

ලොවක් මවිත කළ අරුම පුදුම කොලුගැටයා " ඇල්බට් අයින්ස්ටයින් (Albert Einstein ) " - නූතන විද්‍යාවේ පියා

 



" 1890 ගණන්වල ස්විස්ටර්ලන්තයේ තියෙනවා ප්‍රසිද්ධ university එකක්.Swiss Federal Polytechnic කියලා.අවුරුදු දාසයක කොලු ගැටයෙක් මේ university එකට එනවා entrance exam එක කරන්න 1895 දී.එයා ගැන ඒ වෙනකොට ටීචර්ස්ලා කියන්නේ He is lazy ,He is undisciplined , He is slow කියලා.කිව්වා වගේම පළවෙනි පාර Exam එක Fail වෙනවා.ඊට පස්සෙ දෙවෙනි පාර අමාරුවෙන් මහන්සි වෙලා Exam එක ගොඩ දාගන්නවා.ඊට පස්සේ මේ university එකෙන්ම Degree එකත් ගන්නවා.එයාට ඕන වෙන්නෙ Academic කෙනෙක් වෙන්න.ඒ නිසා මොහු මේ University එකේම Assistant Lecture කෙනෙක් වෙන්න Apply කරනවා.Reject වෙනවා.එක පාරක නෙවෙයි කිහිප සැරයක්ම reject වෙනවා.ඊට පස්සෙ එයා ගොඩාක් university අට apply කරනවා.ඒවායෙනුත් reject වෙනවා.අවුරුදු දෙකක් තිස්සෙ try කරලා බැරිම තැන patent clark කෙනෙක් විදියට ස්විස්ටර්ලන්තයේ patent office එකේ වැඩට යනවා.එතන ඉදන් මෙයා මෙයාගේ academics ටික කරගෙන යනවා.මෙ විදියට patent clark කෙනෙක් විදියට වැඩකරපු මේ කොලු ගැටයා 1905 දී ලෝකෙම හොල්ලපු physics paper 04 ක් එළියට දානවා.ඒ විතරක් නෙවෙයි 1921 දී physics වලට Nobel Price එක දිනනවා.මේ Patent Clark ගේ නම ඇල්බට් අයින්ස්ටයින් .ඇල්බට් අයින්ස්ටයින්වත් රිජෙක්ට් වුණු ලෝකෙක නම් ඔයා ඉන්නෙ ඔයාගේ rejection ගනන් ගන්න එපා."
                                                                                                             - copied-

ඇල්බට් අයින්ස්ටයින් උපත ලබන්නේ වර්ෂ 1979 මාර්තු 14 වෙනිදා.ඒ ජර්මනියේ උල්ම් වලදි.ඉන් සති කිහිපයකින් අනතුරුව අයින්ස්ටයින්ගේ මුළු පවුලම මියුනික්වල පදිංචියට යනවා. මෙහිදී අයින්ස්ටයින්  හැදි දැඩි වෙන්නේ මොහුගේ බාල සහෝදරියත් සමග.දිනක් අයින්ස්ටයින්ගේ පියා ඔහුට මාලිමාවක් ලබාදෙනවා.මේ වෙලාවේ ඔහු තේරුම් ගන්නවා සෑමවිටම මේ මාලිමාවේ කටුව උතුරු දෙසට හැරෙන බව.මේ බව ඔහු ඔහුගේ සටහන් පොතේ සඳහන් කරලා තියෙන්නේ මේ විදිහට.

       "මට තාම මතකයි හෝ අඩුම තරමේ මට මතකයි කියලා මම තාම විශ්වාස කරනවා මේ සිදුවීමෙන් මාව පුදුමයට පත් කළ බව.ඒ වගේම මේ පසුපස ලොකු දෙයක් සැඟවිලා තියෙන බවත් මට විශ්වාසයි." 


මේ දේ සිද්ධ වෙද්දි අයින්ස්ටයින් කියන්නේ අවුරුදු පහක කුඩා දරුවෙක්.ඒත් මේ සමගම තමයි ඔහු භෞතික විද්‍යාඥයෙක් වීමේ සිහිනය පසුපස හඹා යන්න පටන් ගන්නේ.ඔහු පසුකාලීනව සඳහන් කරන්නේ බැරිවෙලාවත් ඔහු භෞතික විද්‍යාඥයෙක් නොවුනානම් නිසැකවම සංගීතඥයෙක් වන බවයි.මොකද ඔහු එතරම්ම සංගීතයට ඇලුම් කරනවා.ඒත් අයින්ස්ටයින් කියන්නේ කුඩා කල සිටම අති දක්ෂ කෙනෙක් නෙවෙයි.මොකද ඔහුට අවුරුදු පහක් වෙනකම් ගොත ගැසීමක් සහ සම්පූර්ණයෙන් වැකියක් කතා කිරීමේ නොහැකියාවක් තිබිලා තියෙනවා.මේ පිළිබඳව ඔහුගේ දෙමාපියනුත් කනස්සල්ලට පත්වෙලා තියෙනවා.පාසල් අවධියේදී අයින්ස්ටයින් මේ හැම දෙයක්ම කණපිට හරවන්න සමත් වෙනවා.අයින්ස්ටයින් කියන්නේ යුදෙව් ජාතිකයෙක්.ඒත් ඔහු ඇතුළු කරන්නේ කතෝලික පාසලකට.පාසල් කාලයේදී හෝ හඳුන්වන්නේ ගණිතයට අති දක්ෂ ශිෂ්‍යයෙක් ලෙස.මොකද අවුරුදු පහළොවක් වෙන්නත් කලින්ම තමයි අයින්ස්ටයින් ශුද්ධ ගණිතයට අදාළ අනුකලනය ගණන් විසඳන්නේ.මේ අතර අයින්ස්ටයින්ගේ පියා ගැන කතා කලොත් ඔහු රසායනික කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක් වෙනවා.ඒත් ඒක ඔහු දිගටම පවත්වාගෙන යාමට අසමත් වෙන නිසා සිය බිරිඳ සහ දියණිය සමඟ ඉතාලියට සංක්‍රමණය වෙනවා.ඒ තරුණ අයින්ස්ටයින් උසස් අධ්‍යාපනය අවසන් වෙනකම් මියුනික්වලම නතර කරලා.ඒත් ඔහු පාසල් අධ්‍යාපනයට එතරම් ඇලුම් කරන්නේ නැහැ.මොකද ඔහුට මතක තබා ගැනීමේ දුර්වලතාවයක් තිබුණ නිසා නිතර නිතර ගුරුවරුන්ගෙන් දෝෂාරෝපණ එල්ල වෙනවා.මේ නිසා අයින්ස්ටයින් අවුරුදු පහළොවේදී පාසලෙන් ඉවත් වෙනවා.මේ දේ නතර වෙන්නේ ඔහුගේ ජර්මන් පුරවැසිභාවයක් නැති කරගෙන.ඉන් වසර කිහිපයකින් අනතුරුව ඔහු නැවතත් පුරවැසිභාවයක් ලබාගන්නේ ස්විස්ටර්ලන්තයෙන්.ස්විස්ටර්ලන්තයට පැමිණීමෙන් අනතුරුව අයින්ස්ටයින්ගේ ඊළඟ අරමුණ වෙන්නෙ රජයේ තාක්ෂණ ආයතනයට ඇතුළු වීම.අයින්ස්ටයින් තාක්ෂණ ආයතනයට ඇතුළු වීමේ විභාගයේදී ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයන් දෙක විශිෂ්ට ලෙස සමත් වුණත් Language,Zoology සහ Botanic යන විෂයන් සමත් වෙන්නේ නැහැ.ඒ නිසා නැවතත් ඔහුට උසස් අධ්‍යාපනයේ නිරත වෙන්න සිදුවෙනවා.මෙතැනදී ඔහු නැවතත් දක්ෂ ශිෂ්‍යයෙක් බවට පත්වෙන්නේ ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයන් විශිෂ්ට ලෙස සමත් වෙලා.කොහොම හරි අවසානයේ දී තාක්ෂණ පීඨයට ඇතුල් වෙන්නේ ගණිතය සහ Physics  වලට අදාළව අවුරුදු හතරක ගුරු පුහුණුවකට.මෙතනදි තමයි ඔහුගේ අනාගත සහකාරිය වන මිලේවා මාරික් ව හමු වෙන්නෙ.අයින්ස්ටයින්ගේ ලිපියක සඳහන් වන ආකාරයට වර්ෂ 1902 දී ඔවුන්ට දියණියක් ලැබෙනවා.ඒ Liserl  කියන නමින්.මේ දේ සිද්ධ වෙන්නේ මොවුන් දෙදෙන විවාහ වෙන්නත් අවුරුද්දකට කලින්.හැබැයි ඇය පිළිබඳව වැඩි විස්තරයක් නම් සඳහන් වෙන්නේ නැහැ.බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මෙයා කුඩා කලම මරණයට හෝ වෙනත් කෙනෙක්ට හදාගන්න දෙන්නැති බවයි.මොවුන්ගේ විවාහයෙන් අනතුරුව මාරික් සහ අයින්ස්ටයින්ට දරුවන් දෙන්නෙක් ලැබෙනවා.ඒ දෙන්නගෙන් වැඩිමලා වන අයින්ස්ටයින් පවසන්නේ ඔහුගේ පියා ඔවුන්ට එතරම් ඇලුම් නොකර බවයි.වරක් ඔහු පවසන්නේ අයින්ස්ටයින් අතහැර දැමූ එකම ව්‍යාපෘතිය තමා බවයි.අයින්ස්ටයින් ගුරු පුහුණුවඅවසන් කරන්නේ වර්ෂ 1901 දී.ඒත් අවුරුදු දෙකක්ම උගන්වන්න පාසලක් හෝ විශ්වවිද්‍යාලයක් සොයාගන්න මොහු අසමත් වෙනවා.අවසානයේ ස්විස්ටර්ලන්තයේ පේටන්ට් බලපත්‍ර නිකුත් කරන ආයතනයේ රැකියාවක් සොයාගන්න ඔහු සමත් වෙනවා.මෙතන සේවා කාලයේ සඳහන් වෙන්නේ අවුරුදු හතක් විදියට.වැඩ කරන අතරතුර ම විද්‍යාත්මක අත්හදා බැලීම් සහ පර්යේෂණවල නිරත වෙන්න අයින්ස්ටයින් අමතක කරන්නේ නැහැ.වර්ෂ 1905 කියන්නේ ඇල්බට් අයින්ස්ටයින් විසින් මුළු ලොවක්ම පුදුම කරපු වසරක්.මොහු තම මව් භාෂාවෙන් පිටු හතරකින් සමන්විත වාර්තාවක් සකස් කරනවා.මේ වාර්තාව මුළු ලෝකයක්ම විශ්වය දිහා බලන කෝණය වෙනස් කරන්න සමත් වෙනවා.එතනදි මුල්ම සිද්ධාන්තය වුණේ ආලෝකය හා සම්බන්ධ සිද්ධාන්තයක්.එම කාල වකවානුවේදී භෞතික විද්‍යාඥයන් විශ්වාස කළේ ආලෝකය කියන්නේ තරංගයක් කියලා.ඒත් ඒක කිසිම තේරුමක් නැති එකක්.මොකද මේකෙන් විද්‍යුත් ධාරාවක් නිපදවෙන්නේ නැති නිසාත් අයින්ස්ටයින් විශ්වාස කරන්නේ ආලෝකය හැදෙන්නේ කුඩා අංශු ධාරාවකින් බවත් ඒක ප්‍රෝටෝල බවත් ඔහු නම් කරනවා.ඒ වගේම මේ ප්‍රෝටෝල වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා විද්‍යුතය නිපදවෙන බව ඔහු විශ්වාස කරනවා.දෙවැනි සිද්ධාන්තය වුණේ අනුවල පැවැත්ම සම්බන්ධ සිද්ධාන්තයක්.මෙය අයින්ස්ටයින් විස්තර කරන්නේ ජලයේ හැසිරීම භාවිතයෙන්.තුන්වන සිද්ධාන්තය තමයි වැඩි දෙනෙක්ගේ කතාබහට ලක් වෙන්නේ.ඒ සාමාන්‍ය සාපේක්ෂතාවාදය.ඊළඟට ඔහු  E=mc² කියන සමීකරණය ඉදිරිපත් කරනවා.මේකේ තේරුම තමයි යම් වස්තුවකින් ලබාගන්න පුළුවන් උපරිම ශක්තිය එම වස්තුවේ ස්කන්ධයටත් ආලෝකයේ වර්ගයටත් සමාන වන බව.ඒ වගේම යම් ශක්තියක් නිපදවා ගැනීමට අවශ්‍ය අවම  ස්කන්ධයත් මෙයින් නිරූපණය වෙනවා.උදාහරණයක් විදිහට මේකෙන් නිරූපණය වෙනවා. උදාහරණයක් විදිහට පේපර් ක්ලිප් එකෙන් නිපදවා ගන්න පුළුවන් උපරිම ශක්තිය හිරෝෂිමාවට පතිත කළ බෝම්බය තරම් විශාල වෙනවා. ඒ අතරම අයින්ස්ටයින්ගේ බිරිද මේ දේවල් ඔහුට සොයාගන්න උදව් කළ බව සඳහන් වෙනවා. මේ සොයා ගැනීම් වල ප්‍රතිඵලයක් විදිහට විශ්වවිද්‍යාල වල උගන්නන්න ලැබීම සහ ජර්මන් පුරවැසිභාවය නැවත ලැබීමත් සඳහන් කරන්න පුළුවන්.මොහුගේ වෘත්තීමය ජීවිතය කොතරම් හොඳ එකක් වුණත් පෞද්ගලික ජීවිතය නම් එතරම් සතුටුදායක නැහැ. අයින්ස්ටයින් තමයි මේක නැහැ. අයින්ස්ටයින් තම පළමු පෙම්වතිය වන මාරි බින්ලා ට පෙම් හසුනක් ලියන්නෙත් මේ අවධියෙමයි. මේ සිදුවීම් වල ප්‍රතිඵලයක් විදියට අයින්ස්ටයින්ගේ බිරිද ඔහුගෙන් වෙන් වෙන්න තීරණය කරනවා.මාරික් දරුවන් දෙදෙනා සමග පිටමං වෙද්දි අයින්ස්ටයින් බර්ලිං වලම නතර වෙනවා.දික්කසාදය සිද්ධ වෙන්නෙ වර්ෂ 1919 දි.මේ දික්කසාදයේ දී  ඇතිවුණු එක් පොරොන්දුවක් තමයි අයින්ස්ටයින් යම්කිසි දිනක නොබෙල් ත්‍යාගයක් ජයග්‍රහණය කළහොත් ඇයටත් එයින් කොටසක් ලැබිය යුතු බව.ඉතින් වර්ෂ 1921 දී අයින්ස්ටයින් නොබෙල් ත්‍යාගයකට හිමිකම් කියනවා.ඒ ආලෝකය සම්බන්ධ සිද්ධාන්තයට.ඒ වගේම අයින්ස්ටයින්ගේ සාමන්‍ය සාපේක්ෂතාවාදය නිසා  පෘථිවියේ ගුරුත්වාකර්ෂණය ඇතිවන විදිය සහ  සූර්යයාගේ මතුපිට ගුරුත්වාකර්ෂණය පිළිබඳව අනාවරණය වෙනවා.මෙහිදී සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ආලෝකය හැරිලා ගමන් කරන බව අනාවරණය කරනවා.ඉන් එහාට කතා කළොත් මේ සිද්ධාන්තය ම තමයි කළු කුහරය විස්තර කරන්නත් යොදාගන්නේ.ඉතින් මේ හැම දෙයක්ම නිසා ඇල්බට් අයින්ස්ටයින් ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙන්නත් සියලු දෙනාගේ ආදරය දිනා ගන්නත් සමත් වෙනවා. මේ දේවල් ඔහුට රට රටවල සංචාරය කරන්නත් දොරගුළු විවර කරනවා.මේ අතරතුර වර්ෂය 1933 දී ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනිය අල්ලගන්නවා.හිට්ලර් කියන්නේ නාසිවාදියෙක්.එතකොට අයින්ස්ටයින් කියන්නේ යුදෙව් ජාතිකයෙක්.මේ හේතුවෙන් අයින්ස්ටයින්ට නැවතත් සිය මව්බිමට යන්න සිද්ධ වෙනවා.මේ අතරම ජර්නි සඟරාවල ඇල්බට් අයින්ස්ටයින්ගේ ඡායාරූපය පළ වෙන්නේ තවමත් එල්ලා නොමැරූ යුදෙව්වෙක් විදියට.ඔහුගේ හිස ගෙනත් දෙන කෙනෙකුට ලබා දෙන ත්‍යාග මුදල වෙන්නේ ඩොලර් පන්දාහක්. මේ හේතුවෙන් බෙල්ජියමට සංක්‍රමණය වුණ ඇල්බට් අයින්ස්ටයින් ඊළඟට නතර වෙන්නේ එංගලන්තයේ.එහිදී ඔහුට ඔක්සර්ඩ් ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවකම උගන්වන්න අවස්ථාව ලැබෙනවා.ඒත් ඔහුට ගමනාන්තය සිද්ධ වෙන්නේ ඔහු ඇමරිකාවට සංක්‍රමණය වීමත් සමඟ.මේ කාලවකවානුවේදි විද්‍යාඥයින්ගේ අවධානය යොමු වෙන්නේ පරමාණු බෝම්බයක් නිර්මාණය කර ගැනීම පිළිබඳව.විශේෂයෙන්ම ජර්මන් හමුදාව තමයි වැඩිපුරම පර්යේෂණවල නිරත වෙන්නේ.මෙතනදි ඔවුන් ඒක සාර්ථක කර ගන්නේ අයින්ස්ටයින්ගේ E=mc² යන සිද්ධාන්තයෙන්.හැබැයි අයින්ස්ටයින් කිසි විටෙකදිවත්  මේ දේවල් වලට පෞද්ගලිකව සම්බන්ධ වෙන්නෙ නැහැ.වෙනත් විදිහකට කිව්වොත් ඔහු දැඩි ලෙස සාමයට ඇලුම් කළ කෙනෙක්.ඒ වගේම අයින්ස්ටයින් කියන්නේ ජාතිවාදය වෙනුවෙන් හඬක් නගපු කෙනෙක්.1946 දී කළු ජාතිකයින්ට පමණක් වෙන් වුණු විශ්ව විද්‍යාලයක් වන ලින්කන් වෙත යන ඔහු ප්‍රකාශ කරන්නේ මේ මතවාදය සුදු ජාතිකයන්ගේ පිළිකුලක් බවත් ඔහුට මේ සම්බන්ධව කට පියාගෙන ඉන්න බැරි බවත්ය. 


                      "...a disease of white people.I do not intend to be quite about it."

වර්ෂ 1955 අප්‍රේල් 13 වැනිදා නිව්ටන්සි වලින් පිහිටි ප්‍රින්ස්ටන් රෝහල්ඩ් ඇල්බට් අයින්ස්ටයින් ඇතුළත් වෙන්නේ තදබල ලෙස රෝගාතුර වීම නිසා.අධික බඩේ කැකුමකින් පෙළුණු ඔහුට වෛද්‍යවරුන් ශල්‍යකර්මයක් නියම කරනවා.ඒත් එකහෙලාම ශල්‍ය කර්මය ප්‍රතික්ෂේප කරන අයින්ස්ටයින් ප්‍රකාශ කරන්නේ තමාට බලෙන් ජීවත් වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් කාලය අවසන් නම් තමා යා යුතු බවත්ය.ඉතින් ඔහු ඊළඟ දවසේ ජීවිතක්ෂයට පත්වෙනවා.අවසන් අවස්ථාවේ ඔහු ජර්මන් භාෂාවෙන් යමක් මුමුණා තිබුණත් එම අවස්ථාවේ සේවයේ නියුතු හෙදියට එය තේරිලා තිබුණෙ නැහැ.ඉතින් ඔහු අවසන් අවස්ථාවේ පැවසූ දේ තවමත් අභිරහසක්.ආදාහනයෙන් අනතුරුව අළු පා කරලා හරින්නේ ඩෙන්වා ගංගාව දිගේ.ඒත් මේ අළු ගොඩට අයින්ස්ටයින්ගේ මොළය ඇතුළත් වෙන්නේ නැහැ. 

Wednesday, December 10, 2025

Harry Potter ට පණ දුන් ඇය " J.K.Rowling "

                                                                       






"Scotland කියන රටේ Edinburgh නගරෙ ඉන්න ඉන්නවා Single Mom කෙනෙක් තාත්තෙක් නැතුව දුවෙක්ව හදාගන්න.මේ අම්මා කොච්චර අපහසුතාවට මුහුණ දෙනවද කියනවනම් ඒක ගොඩාක් අමාරුයි.සිය දිවි නසාගන්න දෙපාරක් උත්සාහ කරනවා.කරන්නම දෙයක් නැති වෙද්දි එයා තමන්ගෙ දරුවා කොෆි ශොප් වල තියාගෙන නිදාගෙන ඉදිද්දි නවකතාවක් ලියන්න ගන්නවා.එහෙම එයා පිටු ගණන් මේ නවකතාව ලියනවා.නවකතාව ලියලා මෙයා ගෙනියනවා Publishers ලා ගාවට.පළවෙනි එක්කෙනා Reject කරනවා.දෙවෙනි එක්කෙනා Reject කරනවා.ඔය විදියට 12 දෙනෙක් Reject කරනවා.අන්තිමට මෙයා යනවා Bloombury Publisher තැනට.එතනදිත් Reject වෙන්න කියලා ඔන්න මෙන තියෙද්දි එතන හිටපු CEO ගේ දුව පළවෙනි Chapter එකට ආස වෙනවා.ඒ නිසා 1997 ජුනි මාසේ මේ පොත පළවෙනවා.මේ අම්මගේ නම J.K.Rowling. පොතේ නම Harry Potter. මතක තියාගන්න ඔයා අද යන්නෙ ඉතාම අමාරු කාලෙක වෙන්න පුළුවන්.රාත්‍රිය කොච්චර දිග උනත් ඉර පායනවා සත්තයි.අල්ලගෙන ඉන්න.ජීවිතේ දිනනවා සත්තයි."    මේ ඇගේ කතාවයි.

ජොඈන් රෝලිං(Joanne Rowling) 1965 ජූලි 31 වන දින ග්ලූසෙස්ටර්ෂයර් හි යේට් හි මධ්‍යම පාන්තික පවුලක උපත ලැබීය . ඇගේ දෙමව්පියන් වන්නේ ඈන් නී වොලන්ට් සහ පීටර් ජේම්ස් රෝලිං ය.ඇයට වයස අවුරුදු හතරේදී, රෝලිංගේ පවුල ග්ලූස්ටර්ෂයර් හි වින්ටර්බෝන් වෙත සංක්‍රමණය විය . ඇය වයස අවුරුදු පහේදී වින්ටර්බෝන් හි ශාන්ත මයිකල් පල්ලියේ එංගලන්ත ප්‍රාථමික පාසලෙන් ආරම්භ කළාය.රෝලිං ජීවත් වූයේ පොටර් නම් පවුලක් අසලයි.රෝලිං සැමවිටම කැමති නමකි. රෝලිංගේ මව කියවීමට ප්‍රිය කළ අතර පවුලේ නිවාස පොත් වලින් පිරී තිබුණි.ඇගේ පියා ඔහුගේ දියණියන්ට ද වින්ඩ් ඉන් ද විලෝස් කියවූ අතර, ඇගේ මව Richard Scarry ගේ පොත්වල සතුන්ට ඔවුන්ව හඳුන්වා දුන්නාය . රෝලිංගේ ලිවීමේ පළමු උත්සාහය, ඇයට වයස අවුරුදු හයේදී රචනා කරන ලද "රැබිට්" නම් කතාව ය.

රෝලිංගේ ද්විතීයික පාසල වූයේ වයිඩියන් පාසල සහ විද්‍යාලයයි.නිවසේ පීඩනයන් සහිත කුඩා නගරයක ජීවත් වූ රෝලිං, ඇගේ පාසල් වැඩ කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූවාය.ඇගේ පළමු ද්විතීයික පාසල් ඉංග්‍රීසි ගුරුවරිය වූ ස්ටීව් එඩී ඇයව "සුවිශේෂී නොවන" නමුත් "ඉංග්‍රීසි භාෂාවට තරමක් දක්ෂ" ලෙස සිහිපත් කරයි. රෝලිං ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජර්මානු භාෂාවලින් උසස් පෙළ සමත් වූ අතර , A සහ ​​B දෙකක් ලබා ගත් අතර, වයිඩියන් හි ප්‍රධාන දැරිය ලෙස නම් කරන ලදී . 

ඇය 1982 දී oxford විශ්ව විද්‍යාලයට අයදුම් කළ නමුත් ප්‍රතික්ෂේප කරන ලදී.රෝලිං සැමවිටම ලේඛිකාවක් වීමට කැමති විය.නමුත් ප්‍රායෝගික හේතූන් මත එක්සෙටර් විශ්ව විද්‍යාලයේ ප්‍රංශ සහ සම්භාව්‍ය අධ්‍යයනය කිරීමට තෝරා ගත්තාය.ඇය එක්සෙටර් වෙතින් ප්‍රංශ භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත් අතර , පැරිසියේ වසරක අධ්‍යයනයකින් පසු 1987 දී උපාධිය ලබා ගත්තාය.ඇය ලන්ඩනයේ තාවකාලික රැකියා වල සේවය කරමින් සිටියදී , ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇයව ප්‍රංශ භාෂාව කතා කරන අප්‍රිකාවේ මානව හිමිකම් ගැටළු ලේඛනගත කිරීම සඳහා කුලියට ගත්තාය. ඇය තාවකාලිකව වැඩ කරන අතරතුර වැඩිහිටි නවකතා ලිවීමට පටන් ගත්තාය. නමුත් ඒවා කිසි විටෙකත් ප්‍රකාශයට පත් නොකළේය.

රෝලිං 1990 නොවැම්බර් මාසයේදී පමණ මැන්චෙස්ටර් වෙත සංක්‍රමණය විය. ඇය වාණිජ මණ්ඩලයේ සහ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ තාවකාලික රැකියා කරමින් සේවය කළ මැන්චෙස්ටර් හි ගත කළ කාලය "දුක්බර වසරක්" ලෙස විස්තර කළාය. ඇගේ මව 1990 දෙසැම්බර් 30 වන දින බහු ස්ක්ලේරෝසිස් රෝගයෙන් මිය ගියාය. ඒ වන විට රෝලිං හැරී පොටර් ලියමින් සිටි අතර,ඇගේ මවගේ මරණය ඇගේ ලිවීමට බෙහෙවින් බලපෑවේය. 

ඇගේ මව අහිමි වීමේ වේදනාව තවත් වැඩි වූයේ ඇගේ මව ඇයට ඉතිරි කර ගිය සමහර පෞද්ගලික බලපෑම් සොරකම් කළ විටය. ඇගේ පෙම්වතා සමඟ ඇති සම්බන්ධය අවසන් වීමත් සමඟ "මැන්චෙස්ටර්හි කාර්යාල රැකියාවකින් අතිරික්ත කිරීමත්" සමඟ, රෝලිං 1991 නොවැම්බර් මාසයේදී පෘතුගාලයේ porto වෙත ගොස් ඉංග්‍රීසි භාෂාව විදේශීය භාෂාවක් ලෙස රාත්‍රී පන්ති ඉගැන්වීමට, දිවා කාලයේ ලිවීමට කටයුතු කළේය.

රෝලිං සහ පෘතුගීසි රූපවාහිනී මාධ්‍යවේදී  අරන්ටෙස්ව 1992 ඔක්තෝබර් 16 වන දින විවාහ විය. ඔවුන්ගේ දියණිය ජෙසිකා ඉසබෙල් රෝලිං අරන්ටෙස් 1993 ජූලි 27 වන දින පෘතුගාලයේ උපත ලැබීය.රෝලිං ඇගේ විවාහය අතරතුර ගෘහස්ථ හිංසනයට මුහුණ දුන්නාය. 2020 ජුනි මාසයේදී අරන්ටෙස් පැවසුවේ ඔහු ඇයට පහර දුන් බවත් ඒ ගැන පසුතැවෙන්නේ නැති බවත්ය. රෝලිං විවාහය "කෙටි හා විනාශකාරී" එකක් ලෙස විස්තර කළේය.පසුව ඔවුන් දෙදෙනා වෙන් විය.රෝලිං රජයේ ආධාර පැතූ අතර සමාජ ආරක්ෂණයෙන් සතියකට පවුම් 69 ක් ලබා ගත්තාය ; මෑතකදී විවාහ වූ ඇගේ සහෝදරියට බරක් වීමට අකමැති වූ ඇය මීයන් විසින් පාලනය කරන ලද මහල් නිවාසයකට ගියාය. ඇය පසුව ඇගේ   ආර්ථික තත්ත්වය විස්තර කළේ "නූතන බ්‍රිතාන්‍යයේ නිවාස නොමැතිව සිටිය හැකි තරම් දුප්පත්" බවයි."දරිද්‍රතාවයේ වේදනාකාරී බලපෑම්, තනි මාපියෙකු ලෙස තම දියණිය රැකබලා ගැනීම කෙරෙහි ඇය දැක්වූ සැලකිල්ල සමඟ එක්ව, විශාල දුෂ්කරතා ඇති කළ" බවයි. ඇගේ විවාහය අසාර්ථක වූ අතර, ඇය යැපෙන දරුවෙකු සමඟ රැකියා විරහිතව සිටියාය, නමුත් පසුව ඇය මෙය විස්තර කළේ ලිවීම කෙරෙහි අවධානය යොමු කිරීමට "නිදහස්" කිරීමක් ලෙසය. 

Harry Potter නවකතාවේ පැමිණීම

 ඇය හැදී වැඩුණේ ඉංග්‍රීසි/වේල්ස් දේශසීමාවේ කුඩා ගමකයි.JK රෝලිං ගේ  පළමු කතාව ලිවූයේ වයස අවුරුදු හයේදී "රැබිට්" කියලා හඳුන්වන හාවෙක් ගැන. වයස අවුරුදු එකොළහේදී, ශාප ලත් දියමන්ති හතක් සහ ඒවා අයිති කරගත් අය ගැන මගේ පළමු "නවකතාව" ලිවීය. ඇය විශ්ව විද්‍යාලයේ ප්‍රංශ සහ සම්භාව්‍ය අධ්‍යයනය කළ අතර ඇගේ පාඨමාලාවේ කොටසක් ලෙස පැරීසියේ වසරක් ගත කළාය.

වසර කිහිපයකට පසු 1990 දී, ලන්ඩනයට ගිය පසු ඇය මැන්චෙස්ටර් සිට නිවසට ප්‍රමාද වූ දුම්රියක වාඩි වී සිටියදී, හදිසියේම මට මායා පාසලකට ගිය පිරිමි මායාකාරියක් පිළිබඳ අදහසක් ඇති විය. හැරී පොටර් සහ හොග්වාර්ට්ස් කොහෙන්දෝ පැමිණ තිබුනේ ඉතාමත් ශාරීරික උද්යෝගයකින්, සහ අදහස් ගංගාවක් ඇගේ හිසට ගලා ආවාය. එය ඇය විසින් ලිවීමට කැමති දෙයක් බව ඈ දැන සිටි‍යාය.

ආරම්භයේ සිටම ඇය පොත් හතක් ඇති බව දැන සිටියාය. මුළු කතාවම ඇය කලින්ම සැලසුම් කර තිබුණි. මාලාවේ පළමු පොත වන  Harry Potter and the Philosopher’s Stone ලිවීමට ඇයට වසර පහක් ගත විය . ඒ කාලය තුළ, ඇගේ මව මිය ගියාය .ඇය ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පෘතුගාලයට ගියාය. විවාහ වීමෙන් අනතුරුව ඇගේ පළමු දියණිය ජෙසිකා ලැබුණාය.

විවාහය සාර්ථක නොවූ ඇය ජෙසිකා සහ හැරී පොටර් පොතේ මුල් පරිච්ඡේද තුන සූට්කේස් එකක දමාගෙන ස්කොට්ලන්තයේ එඩින්බරෝ වෙත ගියාය. එහි ඇගේ සහෝදරිය ජීවත් වූවාය. එහිදී ඇය ප්‍රංශ ගුරුවරියක් ලෙස පුහුණුව ලබා ඉගැන්වූ නමුත්, ජෙසිකා ඇගේ ළදරු කාමරයේ නිදා සිටියදී, නගරය පුරා ඇති කැෆේවල, ඇයට ලැබුණු සෑම විවේක මොහොතකම ලිවීම දිගටම කරගෙන ගියාය.

සම්පූර්ණ අත්පිටපත ලියා අවසන් කිරීමෙන් පසු, JK රෝලිං පළමු පරිච්ඡේද තුන සාහිත්‍ය නියෝජිතයන් කිහිප දෙනෙකුට යවන ලදි. ඔවුන්ගෙන් එක් අයෙක් ඉතිරි කොටස බැලීමට ඉල්ලා ආපසු ලිවීය. අවංකවම එය ඇගේ ජීවිතයේ ඇයට ලැබුණු හොඳම ලිපියයි.

ඇගේ එවකට නියෝජිත ක්‍රිස්ටෝපර් ලිට්ල්ට ප්‍රකාශකයෙකු සොයා ගැනීමට වසරක් ගත විය. බොහෝ දෙනෙක් එය ප්‍රතික්ෂේප කළහ. පසුව 1997 ජුනි මාසයේදී බ්ලූම්ස්බරි විසින්  "Harry Potter and the Philosopher’s Stone" JK රෝලිං නමින් ප්‍රකාශයට පත් කරන ලදී. “K” අක්ෂරය ඇයගේ පියාගේ ආච්චිගේ නම වන කැත්ලීන් සඳහා වේ. ඇය එය එකතු කර ප්‍රකාශකයාගේ ඉල්ලීම පරිදි මුලකුරු භාවිතා කළාය .මන්ද එය පිරිමි ළමයින්ට පොත් වඩාත් ආකර්ශනීය කරයි යැයි ඔවුන් පැවසූ බැවිනි.

වසරකට පසුව, 1998 අගෝස්තු මාසයේදී, තරමක් වෙනස් මාතෘකාවක් සහිතව (නැවතත් ප්‍රකාශකයාගේ ඉල්ලීම පරිදි), Harry Potter and the Sorcerer’s Stone සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රකාශයට පත් කරන ලදී . ඇයගේ ජීවිතය සදහටම වෙනස් වූ අතර පොත් විශාල ලෙස ප්‍රබෝධමත් වූයේ මේ අවස්ථාවේදීය.

හැරී පොටර් මාලාවේ ඊළඟ පොත් හය ලිවීමට සහ ප්‍රකාශයට පත් කිරීමට මට තවත් වසර 10 කට ආසන්න කාලයක් ගත වූ අතර, ප්‍රකාශන අතර නිකුත් කරන ලද පොත් මත පදනම් වූ චිත්‍රපට ද ඇතුළත් විය. 2007 දී එඩින්බරෝ හි බැල්මොරල් හෝටලයේදී මාලාවේ අවසාන, හත්වන පොත ලියා අවසන් කරන විට, JK රෝලිං හැරී සමඟ අවුරුදු දාහතක් ජීවත් වී සිටියෙමි.